728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

සම අනුව සත්කාරය


ෆේෂල් එකක් කරවා ගැන්මට සුදානම් වන ඔබ ඊට ප‍්‍රථම ඔබට අයත් වන්නේ කුමන වර්ගයේ සමක්ද යන්න ගැන පරික්‍ෂාකාරී වීම වැදගත්. හේතුව ෆේෂල් කරන විට එම සත්කාරය අනුගමනය කරනු ලබන්නේ සමේ ස්වභාවයට අනුකූලව වීමයි. ෆේෂල් එකක් කිරීමට කලින් රූපලාවන්‍ය ශිල්පිනය වෙතින් සමේ ස්වභාවය කෙබදුද යන්න ගැන ඔබට දැන ගැන්මට හැකියාව තිබෙනවා. අපගේ සම පිළිබඳව විමසා බැලුවොත් පැහැය සහ කි‍්‍රයාකාරිත්වය අනුවද සම වර්ග කිරීමට පුළුවන්. පැහැය අනුව වර්ග කරන විට එය සුදු පැහැති සම තලෙලු සම, දුඹුරුසම, සහ කළුපැහැති සම වශයෙන් සාමාන්‍යයෙන් වර්ග කළ හැකියි. සමේ පැහැය ස්වාභාවිකව තීරණය වන්නේ සමේ පිහිටා ඇති මෙලෙනින් වර්ණකයේ ප‍්‍රමාණය අනුවයි. සුදු පැහැති සමක් ඇති අයකුගේ සමට වඩා කළුපැහැති සමක් ඇති අයෙකුගේ සමේ මෙලනින් වරණකය වැඩියෙන් පිහිටා ඇත. මෙලනින් වර්ණකයේ ඇති ප‍්‍රයෝජනය වන්නේ අපේ සමට හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමයි. නමුත් පැහැයෙන් සම කුමක් වුවත් මැරුණු සෛල තැන්පත්වීම නිරන්තරයෙන් සිදුවන බැවින් එමගින් සමට ඇතිවන හානි වැළැක්වීමට ෆේෂල් ප‍්‍රතිකර්මය කිරීම වැදගත් වෙයි. සම වර්ග කිරීමේ දී එය මෙලෙසින් වර්ග කළ හැකියි.* සාමාන්‍ය සම * වියළි සම * තෙල් සහිත සම * සංවේදී සම * කුරුලෑ ඇක්නි සහ බිලෙම්ෂ් සහිත සම හුගාක් අයට සාමාන්‍ය සමක් තිබෙනවා. වැඩිවියට පත්වීමට කලින් මුහුණේ සම ඉතාමත් පැහැදිලි බවක් සහ නිරෝගිමත් බවක් දක්වනවා. බ්ලැක් හෙඩිස් - වයිට් හෙඩ්ස් ආදිය දක්නට නැහැ. සම ඇල්ලු විට එය වෙල්වට් ස්වභාවයක් දක්වයි. වැඩිවියට පත්වීමෙන් පසුව හෝමෝන කි‍්‍රයාකාරිත්වයේ වෙනස්වීමෙන් සාමාන්‍ය සමෙහි වුවද වෙනස්වීම් ඇතිවිය හැකියි. අපට ඇත්තෙ කුමන සමක් ද යන්න හඳුනා ගන්නේ කොහොමද?
 වියළි සම -සමෙහි ඉරි තැලුණු ස්වභාවයක් දක්නට හැකි අතර කට දෙපස - නාසය දෙපස හම ඝන ස්වභාවයක් පෙනෙයි. වියළි සමක් තිබෙන අයගේ නාසය දෙපස සහ නිකටේ වයිට් හෙඩ්ස් ( සුදුලප ) තිබෙයි. වයසට යාමත් සමගම සම ඉක්මණින් රැලි වැටීමේ හැකියාවක් ඇත. සමේ තෙතමනය අඩු අතර වියළි බවක් දක්වයි.
 තෙල් සහිත සම : මුහුණේ සම අල්ලා බැලූ විට තෙල් මතු වූ ස්වභාවයක් තිබෙයි. මෙවන් සමක කුරුලෑ ඇතිවන්නට පුළුවන්. එමෙන්ම බැක්ටීරියා ආසාදනය වී තෙල් ගතියත් සමග විෂබීජ රැදීමේ හැකියාව ඇති නිසා බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ( කළුලප, සුදු ලප ) ඇතිවිය හැකියි. සමේ පැහැය කහ පාටට හුරු බවක් දක්වයි.
 සංවේදී සම : මෙවන් සමකට කී‍්‍රම් වර්ග හෝ පැක් වර්ග ආදිය යෙදූ විට සමෙහි බිබිලි මතුවී සම රතු වෙයි. නියපොත්තක් වැදීමෙන් වුවද ඉක්මණින් රත් පැහැ ගැන්වෙන අතර සබන් ගෑ විට වුවද සමෙහි දැවිල්ලක් ඇතිවිය හැකියි.  ඔබට ඇත්තේ ඉහත සදහන් ආකාරයේ කුමන සමක් වුවත් ඒ ඒ සම අනුව ගැළපෙන විශේෂිත කී‍්‍රම් සහ පැක් වර්ග තිබෙයි. එම නිසා ඔබට වඩාත් සුදුසු ෆේෂල් ප‍්‍රතිකර්මය කුමක්ද යන්න නිසි පරික්‍ෂාවෙන් සම හඳුනා ගැන්මෙන් පසුව නිශ්චය කළ යුතු වෙයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සම අනුව සත්කාරය Rating: 5 Reviewed By: Unknown