728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

නිවසේදී ෆේෂල් කර ගැන්ම සුදුසුද?


ෆේෂල් කිරීමක් යනුවෙන් අප හදුන්වන්නේ මුහුණේ සම පැහැපත්ව නිරෝගිමත්ව තබා ගැන්මට සිදු කෙරෙන සුවිශේෂ සත්කාරයක්. අප මෙහි දක්වා ඇති කරුණු අනුව එය කෙතරම් වගකීමකින් කැපවීමකින් සහ දැනුවත් බවකින් යුතුව කළයුතු කාර්යයක්ද යන්න ඔබට වැටහෙන්න ඇති. ඒ අනුව බලන විට මෙය දැනුවත් බවකින් තොරව කළ හැකි, කළයුතු කාර්යයක් නොවේ. එයට හේතුව මෙහිදී සමේ ස්වභාවය හ¼ඳුනා ගැන්ම, ඒ අනුව ප‍්‍රතිකර්ම අනුගමනය කිරීම බොහෝ විට සිදු කෙරෙන නිසයි. ෆේෂල් එකක් ගෙදරදී කරගන්න පුළුවන්ද? මේ බොහො දෙනෙක් නගන ප‍්‍රශ්නයක්. බොහෝ විට රූපවාහිනී මාධ්‍යයෙන්, පුවත්පත් විශේෂාංග තුළින් ෆේෂල් එකක් කර ගන්නා ආකාරය ඉන් අයත්වන ප‍්‍රථිපල පිළිබඳව ඉදිරිපත් කෙරෙන අවස්ථා තිබෙනවා. ඇතැම් විට ඔබ රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳව පුහුණුවක් ලබා ඇති අයෙක් නම් ඉහත කී ආකාරයෙන් ලබෙන දැනුවත් බවත් සමඟ නිවෙසේදී එම කාර්ය අනුගමනය කිරීම ගැටලුවක් වන්නේ නැහැ. නමුත් මෙහි තවත් පැත්තක් තිබෙනවා. එනම් කිසියම් වැඩසටහනකින් පුවත්පතකින් දුටු පමණින් හිතුමතේට මුහුණට යම් යම් අලේප වර්ග තැවරීමට යාම ප‍්‍රතිඵල රහිත කි‍්‍රයාවක් විය හැකි නිසයි. ඔබේ සම කුමන වර්ගයකට අයත් සමක් ද යන්න ඇතැම් විට වටහා ගැන්මේ හැකියාවක් ඔබ තුළ නොවිය හැකියි. එසේ නොදැන ආලේප වර්ග භාවිතයට යාම නම් සුදුසු නෑ.
 උදාහරණ වශයෙන් කිවහොත් ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් තෙල් ගතිය අධික පැක් එකක් හෝ ආලේපනයක් යෙදුවහොත් එයින් මුහුණේ තෙල් ස්වභාවය තවත් වැඩි වී මුහුණේ කුරුලෑ, ගෙඩි, බිබිලි, ලප ආදිය වැඩි වශයෙන් මතු වීමට හේතුවක් විය හැකියි. කුරුළෑ සහිත සමක් නම් අපරික්‍ෂාකාරි ලෙස යම් යම් දේ තැවරීමෙන් සමට විෂබීජ ඇතුලු වී කුරුලෑ ආසාදනය වන්නට පුළුවන්. වියළි සමකට සම තව තවත් වියළි බවට පත්වන ආකාරයේ ආලේප භාවිතා කළහොත් එම තත්ත්වය තවත් වැඩිවේවි. එම නිසා මුහුණට යම් යම් දේ තැවරීමට පෙර ඒ පිළිබඳය සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. යමක් මතු පිටින් තැවරූ පමණීන් සමෙහි පැහැපත් බවක් ඇති වන්නේ නැහැ.එම තත්ත්වය ඇතිකර ගැන්මට නම් මෙම සත්කාරය ක‍්‍රමවත්ව අනුගමනය කළ යුතුයි. ෆේෂල් එකකදී මුහුණ සම්බාහනය කිරීම සඳහා නිවැරැදි මසාජ් ක‍්‍රම අනුගමනය කෙරෙනවා. මෙවැන්නක් දැනුවත් බවකින් තොරව නිවෙසේදී තනිව කරගැන්ම අපහසුයි. ඉතා සියුම් ලෙස අතැගිලි හසුරුවමින් නියමිත නිල ස්ථාන තෙරපමින් ඉතා ක‍්‍රමවත්වයි මෙම සම්බාගනය සිදු කෙරෙන්නේ  එසේ නොමැතිව අපට සිතෙන සිතෙන ආකාරයට අනවශ්‍ය ලෙස සම තද කිරීම, තෙරපීම ආදියෙන් සම පීඩාවට පත්වන්නට පුළුවන්. ඉතින් මෙම කරුණු අනුව ෆේෂල් කර ගැන්ම වඩාත් සුදුසු වන්නේ පහසුකම් සහිත පුහුණුවලත් පලපුරුදු ශිල්පිනියන් සිටින රූපලාවන්‍ය ආයතනයකින් බව ඔබට වැටහෙන්නට ඇති .
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නිවසේදී ෆේෂල් කර ගැන්ම සුදුසුද? Rating: 5 Reviewed By: Unknown