728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

ඔබේ අස්ථි ශක්තිමත්ද?


අස්ථි ක්ෂීණතා  ( osteoporosis )තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඔබගේ ජීවිතයේ විවිධ අවස්ථාවල ගතහැකි කි‍්‍රයාමාර්ග රැසක් තිබේ.ළමයින් වැඩිහිිටියන් කැල්සියම් නිවැරැදි ප‍්‍රමාණයක් අඩංගු ආහාර ගැනීම මෙහිලා බෙහෙවින් වැදගත් ය. මෙය ලබාගත හැකි හොඳම මාර්ගය නම් කිරි, චීස්, යෝගට් හා ටින්කළ සාඩින් ආදිය ආහාරයට ගැනීමයි. ඔබ ඔබේ බර පාලනය කර ගැනීම කෙරෙහි අවධානය දක්වන්නෙක් නම්, යොදය සහිත කිරිපිටිවලට වඩා යොදය රහිත කිරිපිටි වල කැල්සියම් වැඩි ප‍්‍රමාණයක් අඩංගු බව සිහිතබා ගත යුතුය.හිතකර ආහාර ඔබ වයස අවුරුදු 60 ට වැඩි අයෙක් නම් දිනපතා කැල්සියම් මිලිග‍්‍රෑම් 1000 ක් හෝ 1500 ක් ගැනීම නිර්දේශ කෙරේ. කැල්සියම් අඩංගු වෙනත් ආහාර සමඟ දිනකට කිරි පයින්ට් එකක් ගැනීමෙන් ඔබගේ කැල්සියම් අවශ්‍යතාව සපුරාගත හැකි ය. කැල්සියම් ලබාගත හැකි තවත් හොඳම මාර්ගයක් වන කොළ පැහැති එළවළු අප රටේ එමට තිබේ. මෙහිලා කතුරු මුරුංගා කොළවලට වැදගත් ස්ථානයක් හිමි වේ.
ව්‍යායාම කිරීමතම අස්ථි ශක්තිමත් කර ගැනීම සඳහා ළමයින් කී‍්‍රඩාවන්හි නිරත වීම හා ව්‍යායාම කිරීම බෙහෙවින් වැදගත් ය. ඇවිදීම, දිවීම පිහිනීම වැනි සිරුර වෙහෙසවන කාර්යයන්හි වැඩිහිටියන්ද නිරතවිය යුතුය.දුම්පානයෙන් සම්පූර්ණයෙන් වැළැකී සිටිය යුතු අතර පමණ ඉක්මවා මත්පැන්් ගැනීමෙන් වැළැකී සිටිය යුතුය. පිරිමියකුට දිනකට නිර්දේශිත මත්පැන් ප‍්‍රමාණය ඒකක 3ක් හො 4 කි. කාන්තාවන්ට ඒකක 2 ක් හො 3 කි. ඒකකයක් යනු මද්‍යසාර මිනුම් එකක් හෝ සාමාන්‍ය සැරකින් යුතු බියර් හෝ ලාගර් පයින්ට් භාගයක් හෝ මද්‍යසාර 8% ක් අඩංගු වයින් සම්මත ප‍්‍රමාණයේ වීදුරු එකකි. අස්ථි තුනීවීම කිසිවකුට දැකබල ගත නො හැකි මෙයින් අස්ථි ක්‍ෂීණතාවේ පැහැදිලි ශාරීරික ලක්ෂණ දක්නට නො ලැබේ. එබැවින් මේ රෝගීී තත්ත්වය වසර ගණනාවක් නො දැනුවත් වම වර්ධනය විය හැකිය. මෙම ගැටලුවට මුහුණපා ඇතිබව කිසිවෙක් දැනගන්නේ් සුළු අනතුරක් නිසා අස්ථි බිඳීමක් ඇති වූ විට ය. මීට සාපේක්ෂව සුෂුම්නා අස්ථිවල  ( spinal bones) සුළු බිඳීම් තත්ත්වයන් නිසා අයෙක් උසෙන් අඩුවීමට ඉඩ තිබේ. ඔබගේ වාතරෝග විශේෂඥ වෛද්‍යවරයා ඔබට අස්ථි ක්ෂීණතාව ඇතිබව සැක කළහොත් අස්ථිවල ශක්තිය හෝ ඝනත්වය පරීක්ෂාකර බැලීම සඳහා ස්කෑන් පරීක්ෂණයක් කරන ලෙස ඔබට නියම කරනු ඇත. මෙම ස්කෑන් පරීක්ෂණ දැනට අප රටේ රෝහල් කිහිපයකින් ම කරගත හැකිය. ඔබ අස්ථි බිඳීමේ කොතරම් අවදානම් තත්ත්වයක පසුවන්නේ ද යන වග මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵලවලින් පැවසිය හැකිය.
ස්කෑන් පරීක්‍ෂණය මෙම පරීක්ෂණය සඳහා, විනාඩි 15 ක් පමණ ඔබේ ඇඳුම් ඉවත් නො කර ඇදක දිගා වී සිටිය යුතු අතර, මෙහි දී ඔබගේ අස්ථි එක්ස්කිරණ පරීක්ෂණයකට භාජන කෙරේ. මෙහිදී නිකුත් කරන කිරණවල මාත‍්‍රව, එක් දිනක් හිරු එළියට නිරාවරණය වී සිටීමට සමාන ඉතා සුළු ප‍්‍රමාණයකි. මෙය හැඳින්වෙන්නේ Duel Energg x - ray Absorptiornetry (DEXA)  යන නාමයෙනි.අස්ථි ක්ෂීණතාවේ පෙළෙන තැනැත්තන් සුළු අනතුරකට මුහුණ පෑ අවස්ථාවලදී පවා අස්ථියක් බිඳීමට ඉඩ තිබේ. බිඳීම් වැඩි වශයෙන් හටගන්නේ උකුල, සුෂුම්නාව හෝ මැණික් කටුව වැනි ස්ථාන වල ය. ඇද වැටීමක් නිසා උකුලේ හා මැණික් කටුවේ ඇතිවන බිඳීම් හදිසියේ ම සිදුවිය හැකිය. සුෂුම්නාවේ ගැටලු ඇතිවන්නේ එහි ඇති අස්ථි දුර්වලවීම නිසා මැඩීම (crush) හේතුකොට ගෙන ය. කශේරුකාවේ ස්ථාන කිහිපයක මැඩීම් ඇති වූ විට සුෂුම්නාව ඇදවීමට පටන් ගනී. මේ හේතුකොටගෙන, ඉලඇට අතර ඉඩ ප‍්‍රමාණය අඩුවීම නිසා, කොන්දේ වේදනාවත්, උස අඩුවීමත්, සමහරුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයත් ඇතිවිය හැකිය.ඔබ අස්ථි ක්‍ෂීණතා තත්ත්වයෙන් පෙළෙන්නේ නම්, ඉහත විස්තර කර ඇති වළක්වා ගැනීමේ පියවර වලට අමතරව වෙනත් ප‍්‍රතිකාර ක‍්‍රමද තිබේ. මේ රෝගීී තත්ත්වය ආරම්භ වී ඇති බව සනාථ වුවහොත් ප‍්‍රථමයෙන් එයට ඖෂධ මඟින් ප‍්‍රතිකාර කරනු ලැබේ.
ප‍්‍රතිකාරමෙම ඖෂධ මඟින් අස්ථි බිදීමේ කාර්යයේ නිරත සෛලවල ක‍්‍රියාකාරිත්වය අවහිර කරනු ලබයි. අස්ථි ස්කන්ධය ( bone mass)  වැඩිකර සැකිල්ල  ( skeleton) ශක්තිමත් කිරීමට ඒවා උපකාර වේ. මෙමඟින් බිදීම් ඇතිවීමේ අවදානම අඩුකරයි.දරුණු අස්ථි ක්ෂීණතා තත්ත්වයන්ගෙන් යුත් රෝගීන්ට ප‍්‍රතිකාර ආරම්භ කළ මුල් වසර තුළ, අලුතෙන් සුෂුම්නාවේ බිදීම් ඇතිවීමේ අවදානම 60% සිට 70% දක්වා වන ප‍්‍රමාණයකින් අඩුවන බව මෑතක දී කර ඇති අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙම රෝගීීන්ට කැල්සියම් හා අවශ්‍ය නම් විටමින් ඩී ප‍්‍රමාණවත් ප‍්‍රමාණයක් ගැනීම ද නිර්දේශ කෙරේ.ඔබ කුමන වයස් කාණ්ඩයට අයත් වුවත් සරල පියවර කිහිපයක් ගැනීමෙන් අස්ථි ක්‍ෂීණතා අවදානම හා එය වර්ධනය වීම ඔබට පාලනය කරගත හැකිය. මෙම උපදෙස් පිළිපදිමින් එදිනෙදා ජීවිතය ගතකළහොත් සැකිල්ල ආරක්ෂාකර ගැනීමට ඔබට උපකාර වෙනු ඇත. මෙම උපදේශයන් පිළිපැදීමෙන් ඔබේ හිතවතුන්ට මෙන්ම පවුලේ සාමාජිකයන්ට ද සෙත සලසාගත හැකිය.දීර්ඝ කලීන ආරක්ෂාව සලසා ගැනීම හා උපරිම ප‍්‍රතිඵල අත්කර ගැනීම සඳහා ප‍්‍රතිකාරයන් වසර ගණනාවක් දිගට ම ගත යුතුය. අස්ථි ක්ෂීණතාව නිසා අස්ථි ස්කන්ධය අහිමිවීමට කාලයක් ගතවන්නාක් සේම, එය නැවත ගොඩනැගීමට ද කාලයක් ගත වේ. ප‍්‍රතිකාරයෙන් අත්වෙන ප‍්‍රතිඵල ’නිහඬ’ අතර, ඔබට එය දැකගත හෝ හැඟිය හෝ නො හැකිය. එසේ වුව ද බිඳීම් ඇතිවීමේ අවදානම එමඟින් අඩු වේ.ප‍්‍රතිකාර නිසි ආකාරව වසරක් ගැනීමෙන් පසු අලුතෙන් සුෂුම්නාවේ බිදීම් ඇතිවීමේ අවදානම සැලකිය යුතු අන්දමින් අඩු වේ.එබැවින් ඔබේ සැකිල්ල ශක්තිමත් කර ගැනීම හා අනාගතයේ බිදීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා, ඔබේ වාතරෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් දෙනු ලබන උපදෙස් නිසි පරිදි පිළිපැදීම බෙහෙවින් වැදගත් ය.
වාත රෝග විශේෂඥ වෛද්‍ය,කලීල් කාසිම්
සකස් කළේකේ. එන්. ඕ. අමරදාස


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඔබේ අස්ථි ශක්තිමත්ද? Rating: 5 Reviewed By: Unknown