728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

පාපන්දු ඉතිහාසය

ලෝක පාපන්දු කුසලාන සූරතාවයේ ඉතිහාසය 2006 දක්වා මුළු ලොවම උන්මාදයෙන් පෙළෙති. එය එසේ මෙසේ උන්මාදයක් ද නොවේ. මෙම උන්මාදය හිස ඔසවන්නේ සෑම වසර හතරකටම වරකි. මේ ගැන බිය විය යුතු ද නැත. මෙය හඳුන්වන්නේ පාපන්දු උන්මාදය ලෙසිනි.වසර හතරකට වරක් පැවැත්වෙන ලොව ජනප‍්‍රියතම කී‍්‍රඩාවේ මහා සැණකෙළිය මේ වන විට ජර්මනියේ පැවැත්වෙනවා. රට වල් 32 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ මහා කී‍්‍රඩා සැණකෙළිය දෙවැනි වන්නේ ඔලිම්පික් තරගාවලිය ට පමණයි.ලොව අංක එකේ කී‍්‍රඩාව ලෙසින් නම් දරා සිටින පාපන්දු කී‍්‍රඩාවේ ඉතිහාසය බොහෝ ඈතට දිවයන්නකි. පැරැණි චීන, ජපන්, ග‍්‍රීක, සහ රෝම කතන්දර වල පාපන්දු කී‍්‍රඩාව ගැන තොරතුරු වාර්තා වී තිබෙනවා. කෙසේ වුව ද නූතන පාපන්දු කී‍්‍රඩාවේ ආරම්භය සිදු වුණා යැයි පැවසෙන්නේ යුරෝපයෙනි. නූතන කී‍්‍රඩාවේ ප‍්‍රගතිය වෙනුවෙන් එංගලන්තය, ඉතාලිය, ප‍්‍රංශය, සහ ජර්මනිය ප‍්‍රමුඛ පෙළේ මෙහෙවරක් සිදු කර තිබෙනවා.පාපන්දු කී‍්‍රඩාවට අදාළ නීති රීති ප‍්‍රථම වතාවට සම්පාදනය වූයේ එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙනි. ඒ 1846 වර්ෂයේ දියි. මෙම නීති රීති 1884 දී නැවත වතාවක් සංශෝධනයට ලක් වුණා. එංගලන්ත පාපන්දු සංගමය බිහි වූයේ 1863 ඔක්තෝබර් 26 වැනිදායි.
ලෝක පාපන්දු කී‍්‍රඩාවේ මූලිකත්වය වර්තමානයේ උසුළන්නේ ලෝක පාපන්දු සම්මේලනයයි.  එය ආරම්භ වූයේ 1904 මැයි 21 වැනිදා ප‍්‍රංශයේ පැරිස් නුවරිනි. ආරම්භයේ දී මීට රටවල් හතක් දායක වී තිබුණා. ලෝක පාපන්දු සම්මේලනය බිහි කිරීමේලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේ ජුල්ස් රිමේ සහ හෙන්රි ඩිලෙනෙව් යන බලධාරීන් දෙදෙනායි.1900 සිට පාපන්දු කී‍්‍රඩාව, ඔලිම්පික් උළෙලට ද ඇතුළත් වුණා.පිට පිට හතර වතාවක් ඔලිම්පික් පාපන්දු ශූරතාව දිනා ගන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් ගැන මුලින්ම අදහසක් මතු වූයේ 1920 ගණන් වල සිටයි. 1919 දී මේ පිළිබඳ යෝජනාවක් ලෝක පාපන්දු සම්මේලනයට ඉදිරිපත් වුණා. 1924 සහ 1926 යන වර්ෂ වල පැවැති ලෝක පාපන්දු සම්මේලන රැස්වීම් වලද රීමේ සහ ඩිගෙනෙව් දෙදෙනා ජගත් පාපන්දු තරගාවලියක් ගැන යෝජනාව ඉදිරිපත් කළ විට සාමාජික රටවලින් ඊට ඉහළ ප‍්‍රතිචාරයක් ලැබුණා. එහෙත් මෙම යෝජනාව සම්මත වූයේ 1928 දී ඇම්ස්ටර්ඩෑම් නුවර පැවැති වාර්ෂික පාපන්දු සම්මේලනයේදීයි. 1930 දී පළමුවැනි ලෝක තරගාවලිය පැවැත්වීම සඳහා සාමාජික රටවලින් සියයට 80 ක්ම කැමැත්ත ප‍්‍රකාශ කර තිබුණා.
1930 ප‍්‍රථම තරගාවලිය වෙනුවෙන් සත්කාරක දායකත්වය ලබා දෙන්නට රටවල් 6 ක්ම ඉදිරිපත් වුණා. ඒ ඉතාලිය, නෙදර්ලන්තය, හංගේරියාව, ස්වීඩනය, ස්පාඤ්ඤය, සහ උරුගුවේ යන රටවල්ය.අවසානයේ දී සත්කාරක රට ලෙසින් තේරී පත් වූ යේ උරුගුවේ රටයි. මෙම තෝරා ගැනීමට හේතු වූයේ 1924 සහ 1928 ඔලිම්පික් තරග වලදී උරුගුවේ පාපන්දු කණ්ඩා යම රන් පදක්කම් දිනා සිටීමයි. සිය නිදහසේ ප‍්‍රථම සංවත්සරය 1930 පැවැත්වු නිසාත්, තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් වල සියලුම විය හියදම් දරමින් ලැබෙන ලාභය ජගත් පාපන්දු සම්මේලනය සමඟ බෙදා ගැනීමට එකඟ වූ නිසාත් උරුගුවේ රටට සත්කාරක දායකත්වය හිමි වුණා.එහෙත් ඇතැම් රටවල් මේ තීරණයට කැමති වුණේ නැහැ.තරගාවලියට මාස දෙකක් තිබියදීත් යුරෝපීය රටවලින් කිසිඳු අයදුම්පතක් ලැබුණේ නැහැ. තත්ත්වය අයහපත් බව දුටු ජුල්ස් රීමේ වහාම මීට ඉදිරිපත් වුණා. ඔහු ප‍්‍රථමයෙන් ප‍්‍රංශයේ කැමැත්ත අරගත්තා. ජගත් පාපන්දු සංගමයේ උපසභාපතිවරයා ව සිටි රැඩොල්ෆ් විලියම්, බෙල්ජියම් කණ්ඩායමත්, රුමේනියාවේ කැරල් රජතුමා විසින් තෝරාගත් ජාතික කණ්ඩායමත්, මීට ඉදිරිපත් කළා.අවසානයේ යුගෝස්ලාවියාවෙන් ද කණ්ඩායමක් ඉදිරිපත් වුණා. විවිධ බාධක හැල හැප්පිලි මත මේ සඳහා රටවල් 13 ක් ඉදිරිපත් වුණා. 1930 ජූලි 13 වැනිදා තරගාවලිය ආරම්භ වුණා.මෙලෙස ආරම්භ වුණු ලෝක තරගාවලිය දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ දෙවතාවක් හැර 2006 දක්වා විජයග‍්‍රාහීව පවත්වන්නට හැකියාව ලැබී තිබෙනවා.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පාපන්දු ඉතිහාසය Rating: 5 Reviewed By: Unknown