728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

ලෝක පූජිත බොක්සිං කී‍්‍රඩාව


බොක්සිං කී‍්‍රඩාව ලෝක පූජිත කී‍්‍රඩාවක්. අද අපේ රටේ ප‍්‍රධාන පාසල්වල මෙන්ම ගම්බද දුෂ්කර පාසල්වල පවා බොක්සිං කී‍්‍රඩාවට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයක්.කි‍්‍රස්තු පූර්ව 1520 දී පමණ බොක්සිං කී‍්‍රඩා ලෝකයට පිවිසි වර්ෂය ලෙස ලේඛන ගත වෙලා තියෙනවා. ඒ බොක්සිං කී‍්‍රඩාවේ ජන්ම භූමිය ලෙස සැලකෙන ග්‍රීසියේ.බොක්සිං කී‍්‍රඩාවේ පළමුවන කී‍්‍රඩාගාරය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.ව. 1719 දී ජේම්ස් විගර් නැමැත්තා විසින් එංගලන්තයේ ලන්ඩන් නගරයේ ආරම්භ කළ විශේෂ කී‍්‍රඩාගාරයයි. 1723 දී ජෝර්ජ් රජුගේ නියෝගයක් මත තවත් කී‍්‍රඩාගාරයක් ලන්ඩන් නුවර ප‍්‍රයිස්පාක් නම් ස්ථානයේදී විවෘත කළ අතර මෙම කී‍්‍රඩාගාරයේදී බොක්සිං වළල්ල බිහිවුණා.බොක්සිං කී‍්‍රඩාව ආරම්භයේදී අද මෙන් අත්වැසුම් තරග සඳහා භාවිතා නොකෙරුණ අතර අතර ඒ සඳහා බලපානු ලබන කුයින්බරී නීති මාලාව අනුමත වූයෙත් භාවිතා වූයේත් 1867 දී. 1946 දී ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය ලන්ඩන් නුවරින් ආරම්භ වූ අතර 1948 ලන්ඩන් නුවර පැවැති ඔලිම්පික් උළෙලට බොක්සිං තරග ප‍්‍රථම වතාවට ඇතුළත් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ ලුවී හෙවිවේට් බොක්සිං කිරුළ 1937 සිට 1949 දක්වා රැකගත් අතර 1949 දී ඔහු බොක්සිං කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගන්නා විට 25 වතාවක් හෙවිවේට් කිරුළ රැකගැනීම සඳහා තරග වැදී තිබුණා.බොක්සිං කී‍්‍රඩාවේ දැවැන්තයෙක් මෙසේ සමුගන්නා විට බොක්සිං කී‍්‍රඩාවේ කිරුළ පළඳින්න ලෝකයටම ජනපි‍්‍රය තරුවක් වන්න බොක්සිං කී‍්‍රඩාවේ තවත් දැවැන්තයන් බිහිවුණා. ඒ දැවැන්තයන් අතර ප‍්‍රබලම නමක් බොක්සිං කී‍්‍රඩාව තුළින් ලෝකය පුරා ප‍්‍රචලිත කළේ ඇමරිකා එක්සත් ජනපදයේ කැෂියස් ක්ලේ හෙවත් මොහොමඩ් අලි. ඔහු 1960 සිට 1981 දක්වා කාලය තුළදී සමස්ත කී‍්‍රඩා ඉතිහාසය තුළ එක් කී‍්‍රඩකයෙක් විසින් දිනාගන්නා ලද වැඩිම මුදල උපයා ගත් බවට වාර්තා වෙනවා. එමෙන්ම හෙවිවේට් කොටසේ තරග 61 කට සහභාගි වූ මොහොමඩ් අලි තුන් වතාවක්ම එහි ලෝක කිරුළ දිනාගනිමින් තවත් වාර්තාවක් තබා තියෙනවා.
මයික් ටයිසන් ද එබඳුම දස්කම් දැක්වූ තවත් බොක්සිං කී‍්‍රඩකයෙක්. ඔහුගේ වඩාත් ජනපි‍්‍රයම ජයග‍්‍රහණය 1978 දී කැෂියස් ක්ලේ පරාජය කර ලෝක වාර්තාවක් පිහිට වූ ස්පින්ක්ස් තප්පර 91 දී පරාජය කිරීමයි. මෙම ජයග‍්‍රහණයෙන් මයික් ටයිසන්ට ඩොලර් දශ ලක්‍ෂ 22 ක් හිමිවුණා. නමුත් ප‍්‍රතිවාදියාගේ කණ සපාකෑම නිසා ටයිසන් නාමයට විශාල කැළලක් එක් වුණා.ඊට පසු ලෝක බොක්සිං තරගාවලි ඉතිහාසයේ අසිරිමත් තරග අතරට එක්වූ සුවිශේෂී තරගයක් වූයේ ලෝක බොක්සිං පිටියේ ‘ව්‍යාඝ‍්‍රයා’ ලෙසත් ‘යකඩ මයික්’ ලෙසත් අන්වර්ථ නාමවලින් ප‍්‍රසිද්ධ වූ ඇමරිකා එක්සත් ජනපදයේ මයික් ටයිසන් හා හිරු නොබසින අධිරාජ්‍යයේ යශෝ කීර්තිය බොක්සිං කී‍්‍රඩා වළල්ලේ බැබලවූ ලිනොක්ස් ලුවිස් අතර වූ තරගය.යකඩ මයික් ගේ වේගවත් වමත් පහරවල් මඟහරිමින් තරගයේ අටවැනි වටයේදී යළි නොනැගිටින ලෙස මයික් බිම දමන්නට ලුවිස් සමත් වුණා.මෙම තරගයෙන් පසු ඇමරිකානුවන්ගෙ දැඩි තර්ජන ලෝක බොක්සිං සම්මේලනයේ බොක්සිං කිරුළ සහ අන්තර් ජාතික බොක්සිං සම්මේලනයේ බොක්සිං කිරුළට හිමිකම් කියනු ලබන ලුවිස්ට එරෙහිව එල්ල වුණා. එවකට ලෝක බොක්සිං සම්මේලන කිරුළ දැරූ ඇමරිකාවේ එවෑන්ඩර් හොලිෆිල්ඩ් මෑත කාලයේ ලුවිස් ගේ මුල්ම තරගකරුවා වුණා. ඇමරිකානු තර්ජන පුස්සක් කර දමමින් හොලිෆිල්ඩ් හා කළ තරගයේදී ලුවිස් 12 වැනි වටයේදී ඔහුව බොක්සිං වළල්ලේ රතු කැන්වසය මත බිම දැම්මා. ඒ 1999 වසරේදී එම අභියෝගය ජය ගැනීමත් සමඟම ලිනොක්ස් ලුවිස්ට තවත් බොක්සිං කිරුළක් හිමිවුණා. ඒ ලෝක බොක්සිං සම්මේලන කිරුළයි.
අපේ රටට බොක්සිං කී‍්‍රඩාව පිවිසියේ බි‍්‍රතාන්‍ය පාලන යුගයේදීය. 20 වැනි සියවසේ ආරම්භයේ පටන් බි‍්‍රතාන්‍ය ති‍්‍රවිධ හමුදාවන් ලංකාවේ රඳවා තිබුණා. ඔවුන් නිරෝගිමත්ව හා උද්යෝගිමත්ව තබා ගැනීම සඳහා බි‍්‍රතාන්‍ය හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් හඳුන්වා දෙන කී‍්‍රඩාවන් අතර ප‍්‍රධාන තැනක් බොක්සිං කී‍්‍රඩාවට හිමි වුණා.මේ සමයේදී ලංකාවේ බොක්සිං කී‍්‍රඩාව පාලනය කරන ලද්දේ සන්නද්ධ හමුදා තුනේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් විසින්. එය ලංකා එක්සත් හමුදා බොක්සිං සංගමය වශයෙන් හඳුන්වනු ලැබුවා.එමෙන්ම වරප‍්‍රසාද ලත් ප‍්‍රභූ පන්තියට පමණක් සීමා වූ පාසල් තුළ බොක්සිං කී‍්‍රඩාව ව්‍යාප්ත වූණා.  ක‍්‍රමයෙන් අපේ රටේ ජනපි‍්‍රය කී‍්‍රඩාවක් බවට පත්වූ බොක්සිං කී‍්‍රඩාව සඳහා සූරතා තරග පැවැත් වූ අතර අන්තර් හමුදා බොක්සිං තරග සහ අන්තර් පාසල් බොක්සිං සූරතා තරගය වූ ‘ස්ටබ්ස් පළිහ’ තරගාවලිය පවත්වන ලද්දේ ලංකා එක්සත් හමුදා බොක්සිං සංගමය විසිනුයි.ශී‍්‍ර ලංකාවේ තිබෙන පැරැණිතම බොක්සිං තරගාවලිය ද ස්ටබ්ස් පළිහ සඳහා වූ සූරතා තරගාවලියයි.1914 දී ඇරැඹී ඇති මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ වසර තුනක දී පමණි. දෙවැනි ලෝක සංග‍්‍රාමය නිසා 1942 හා 1943 යන වසර වලදීත් 1988 දී අපේ රටේ පැවැති කලබලකාරී තත්ත්වයක් නිසාත් මෙම තරගය පවත්වා නැහැ.
පාසල්වල බොක්සිං කී‍්‍රඩාව ව්‍යාප්ත කිරීමට ඉමහත් වෙහෙසක් දැරුවේ වැවිලිකරුවකු වූ එස්. ඩී. ටේ‍්‍රල් මහතායි. අතීතයේදී මෙම තරගාවලියේ අවසාන තරගවලින් ජය ලබා ගැනීම සෑම පාසල් කී‍්‍රඩකයකුගේම සිහිනයක් වුණා. 50 වැනි සහ 60 වැනි දශකවලදී ජය ලැබූ අවුරුදු 18 ට වැඩි සිසුන් හමුදාවලට බඳවා ගැනීමට ති‍්‍රවිධ හමුදාවම උනන්දුවීම බොක්සිං කී‍්‍රඩාව තවත් ජනපි‍්‍රයවීමට ප‍්‍රධාන හේතුවක් වුණා.බොක්සිං කී‍්‍රඩා වළල්ල තුළ සිදුවන කනගාටුදායක සිදුවීම් ද අඩුවක් නැහැ. මයිකල් වොට්සන් මීට දශක එකහමාරකට පමණ පෙර සිටි සුපිරි බොක්සිං කී‍්‍රඩකයෙක්. නමුත් 1991 දී ඔහුට සදහටම බොක්සිං කී‍්‍රඩාව අතහැර දමන්නට සිදු වුණා. ඒ තත්ත්වය ඔහුට උදාවූයේ 1991 ඔහු සුපර් මිඩ්ල්වෙට් කිරුළ සඳහා කි‍්‍රස් ඉයුබෑන්ක් සමඟ තරග වදිමින් සිටියදී.ඉයුබෑන්ක් ගෙන් පහර පිට පහර කෑ වොට්සන් සිහි නොලබාම රෝභල් ගත කළ අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මොළයට සැත්කම් පහක් කිරීමට සිදු වුණා. ඊට පසු ඔහුගේ පාදයක් අකි‍්‍රය වී ඔහුගේ ජීවිතයෙ අවාසනාව ද බොක්සිං කී‍්‍රඩාව නිසා උරුම වුණා.ඒ එක් අවාසනාවන්ත කතාවක්. මේ තවත් බොක්සිං කී‍්‍රඩාවේ අවාසනාවන්ත කතාවක්.හිටපු ලෝක බොක්සිං සූරයන් වන මොහොමඩ් අලි සහ ජෝ ෆ්‍රෙසියර් අතර ඔවුන් තරග කරන සමයේදී මෙන්ම බොක්සිං කී‍්‍රඩාවෙන් සමුගත්තත් වෛරය දුරු වුණේ නැහැ. ප‍්‍රබල ප‍්‍රතිවාදීන් ලෙස බොක්සිං වළල්ල තුළ කී‍්‍රඩා කළ ඔවුන් ඉන් පිටතත් හැසිරුණේ ඒ මානසික තත්ත්වය මතමයි.ඒ වෛරය තවත් දළු ලා වැඩුණේ ඔවුන් බොක්සිං කී‍්‍රඩාවෙන් සමුගෙන තවත් වසර ගණනකට පසුවයි. ඒ ඔවුන් දෙදෙනාගේ දියණියන් දෙදෙනා ද එම සම්ප‍්‍රදාය අනුගමනය කරමින් ඉදිරිපත් වී සිටීම නිසායි.බොක්සිං කී‍්‍රඩාව තුළින් පමණක් නොව වාග් ප‍්‍රහාරයෙන් තම පියවරුන් සමඟ කරට කර සිටින ලයිලා අලි සහ ජැක් ෆ්‍රේසියර් යන දියණිවරුන් දෙදෙනා තම පියවරුන්ගේ බලපරාක‍්‍රමය නිසා බොක්සිං වළල්ල තුළ ඉක්මන් ගැටුමක් නිර්මාණය කළ අතර 1994 සහ 1995 එම දෙදෙනා අතර පැවැති තරග වලින් මොහොමඩ් අලි ගේ දියණිය ලයිලා අලි ජය ලැබුවා. නමුත් බොක්සිං වළල්ල පිට ඔවුන්ගේ වාග් ප‍්‍රහාරයන් නම් අඩු වුණේ නැහැ.නමුත් බොක්සිං වළල්ල මත සිදුවන ගැටුම ඉන් පිටත දී සිදුවන්නේ නම් ඉතාමත් කනගාටුවට කරුණක්. බොහෝ විට එවැනි ගැටුම් නිර්මාණය වන්නේම නැහැ. බොහෝ විට සිදුවන්නේ බොක්සිං වළල්ල පිට සිට වෙනත් අය විසින් ගැටුම් නිර්මාණය කිරීමයි. මේ නිසා බොක්සිං කී‍්‍රඩා කරන ඔබත් තරගය බොක්සිං වළල්ලට පමණක් සීමාකර ගත යුතු බව මතක තබා ගන්න.
සංජීව සමරසිංහ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලෝක පූජිත බොක්සිං කී‍්‍රඩාව Rating: 5 Reviewed By: Unknown