728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

චක්ගුඩු

අද ඔබට ඉදිරිපත් කරන කී‍්‍රඩාව ජාත්‍යන්තර වශයෙනුත් ප‍්‍රකට වුණු අපේ ජාතික කී‍්‍රඩාවකි. මෙහි විශේෂත්වය වනුයේ ජාත්‍යන්තර වශයෙන් වෙනත් නමකිනුත්, ජාතික වශයෙන් වෙනත් නමකිනුත් මෙම කී‍්‍රඩාව හැඳින්වීමයි. අප අතර ජාතික වශයෙන් ප‍්‍රසිද්ධ චක්ගුඩු ජන කී‍්‍රඩාව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වනු ලබන්නේ කබඩි යන නමිනි.චක්ගුඩු අපේ රටට ආවේණික ඉපැරැණි ජන කී‍්‍රඩාවකි. චක්ගුඩු මෙරට ගැමි කී‍්‍රඩාවක් වුවද මෙරටට පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවෙනි. චක්ගුඩු ජන කී‍්‍රඩාව තවමත් ගැමි දරුවන් අතර ජනපි‍්‍රය කී‍්‍රඩාවක් වුවත් අද මෙම කී‍්‍රඩාව ජාත්‍යන්තර තලයක තිබෙන බැවින් අද මෙරට පවා මෙම කී‍්‍රඩාව හඳුන්වනු ලබන්නේ කබඩි යන නමිනි.තාක්‍ෂණික වශයෙන් ජයගත් චක්ගුඩු කබඩි නමින් ජාත්‍යන්තර නීති රාමුවකට හා තාක්‍ෂණයට අනුව ප‍්‍රවීණ කී‍්‍රඩකයන් පමණක් කී‍්‍රඩා කරන කී‍්‍රඩාවකි. මෙම කී‍්‍රඩාව ඉන්දියාවේදී හඳුන්වා දී ඇත්තේ ‘හුටු’ නමිනි. එසේ වුවත් ඉන්දියාවේ බොම්බේ ප‍්‍රදේශයේ කබඩි යන නම භාවිතා කොට ඇත. මෙම කබඩි යන නම “කවුන් බඩා” යන වචනයෙන් බිඳී ආවක් බව විශ්වාස කෙරේ. මෙහි අර්ථය අභියෝග කිරීම යන්නයි.පළමුව කබඩි කී‍්‍රඩාව ජාත්‍යන්තර පිටියට පිවිසියේ 1993 වසෙර්ය. ඒ දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ය. කබඩි කී‍්‍රඩාව පළමුව නීත්‍යානුකුල වශයෙන් ජාත්‍යන්තර කී‍්‍රඩාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ බංගලිදේශයේ වන අතර එම රට අතීතයේ සිටම කබඩි පිළිබඳ අවධානය යොමු වී තිබෙන රටක් ලෙස පිළිගැනේ.කබඩි ජාත්‍යන්තර මට්ටමකට පැමිණියත් ශී‍්‍ර ලාංකිකයන්ට මෙය ආධුනික කී‍්‍රඩාවක් නොවූයේ කබඩි නමින් ජාත්‍යන්තර තලයකට යන්න පෙර චක්ගුඩු නමින් වෙල් ඉපැණිලිවල, වැව් තාවුලුවල අපේ කී‍්‍රඩකයන් කී‍්‍රඩා කොට තිබු නිසාය.
මෙම කී‍්‍රඩාව ශක්තිය මැන බලන කී‍්‍රඩාවක් නිසා ජව සම්පන්න පුද්ගලයන් පිළකට සිටීම වාසිදායක වේ. චක්ගුඩු කී‍්‍රඩාව සඳහා දෙපිළටම සමාන කී‍්‍රඩකයන් රැසක් නියෝජනය කළ යුතු වේ. කී‍්‍රඩාව සඳහා යොදා ගන්නා ප‍්‍රදේශයේ සීමාවන් දෙකක් ලකුණු කොට එම ප‍්‍රදේශය ප‍්‍රථමයෙන් කොටු කර චක්ගුඩු කී‍්‍රඩාවට අවශ්‍ය පිටිය සකස්කර ගත යුතුය.පසුව කොටු කරන ලද ප‍්‍රදේශයේ හරි මැදින් දෙකට බෙදා උඩ සහ යට වශයෙන් නම් කොට උඩ කොටසේ කී‍්‍රඩා කරන පිළ උඩුපිළ වශයෙන් ද, යට කොටසේ කී‍්‍රඩා කරන පිළි යටිපිළ වශයෙන් ද, නම් කෙරේ. එසේම එම පිල් බෙදා වෙන් කිරීමට වෙනත් ආරෝපණ නම් ද යොදා ගනු ලබයි.චක්ගුඩු ගුඩු කියමින් එක් පිළක කී‍්‍රඩකයකු සිය ප‍්‍රතිවාදී පිළට ගොස් පහරදීම චක්ගුඩු කී‍්‍රඩාවේ විලාශයයි. ගුඩු පැනිල්ලේදී පහර දෙන කී‍්‍රඩකයා දිගටම ගුඩු ගුඩු යන්න උච්චාරණය කළ යුතු අතර ඔහු එය නතර කළහොත් ඔහු දැවි යයි. මෙසේ පහරදීමට පැමිණෙන පුද්ගලයා වටකොට අල්ලා ගැනීමට ප‍්‍රතිවාදී පිළ උත්සාහ කරයි.මෙම උත්සාහයේ දී කී‍්‍රඩකයා ඔවුන්ගේ ග‍්‍රහණයට හසු වී පළායාමට නොහැකි වූ විට කී‍්‍රඩකයා අල්ලාගත් පිළ ප‍්‍රතිවාදී පි ළෙන් ‘අරකිද’, ‘මිරිකිද’ යනුවෙන් අසයි. මෙහිදී ප‍්‍රතිවාදී පිළ ‘මිරිකි’ කිවහොත් ග‍්‍රහණයට හසු වූ කී‍්‍රඩකයා තව තවත් හසුකර ගනී. ‘අරකි’ යනුවෙන් කිවහොත් අල්ලා ගත් කී‍්‍රඩකයා නිදහස් කරයි. මෙසේ ග‍්‍රහණයට හසුවෙන කී‍්‍රඩකයා දැවිගිය කී‍්‍රඩකයකු ලෙස චක්ගුඩු කී‍්‍රඩාවේ නම් කෙරෙන අතර යම් හෙයකින් ග‍්‍රහණයට හසු වූූ කී‍්‍රඩකයා ප‍්‍රතිවාදීන්ගෙන් මිදී තම සීීමාවට පැමිණියහොත් ඔහු ඇල්ලූ සියලුම කී‍්‍රඩකයන් දැවී ගිය කී‍්‍රඩකයන් බවට පත්වේ. මෙසේ එක් පිළක සියලුම කී‍්‍රඩකයන් දැවී යන තෙක් කී‍්‍රඩාව සිදු කෙරෙයි.අඩුම කී‍්‍රඩකයන් දැවීගොස් ඉතිරි වූ කී‍්‍රඩකයන්ගෙන් යුත් පිළ ජයග‍්‍රහණය කරයි. ජයග‍්‍රහණය සඳහා එක් පිළක එක් කී‍්‍රඩකයකු හෝ සෑහේ.මෙරට ගැමි ජනයා අතර ඈත අතීතයේ සිට ම පැවැත ආ ජනපි‍්‍රය කී‍්‍රඩාවක් අද වන විට ජාත්‍යන්තර කී‍්‍රඩාවක් බවට පත්වී ලෝක ජනතාවගේ අවධානයට යොමු වීම ශී‍්‍ර ලාංකිකයන් වශයෙන් අපට කෙතරම් ආඩම්බරයක්ද...?
සංජීව සමරසිංහ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: චක්ගුඩු Rating: 5 Reviewed By: Unknown