728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

රාජකීය ධනවතුන්ගේ කී‍්‍රඩාව ගොල්ෆ්


ගොල්ෆ් කී‍්‍රඩාව රාජකීය මුහුණුවරක් තිබෙන ධනවතුන්ගේ කී‍්‍රඩාවක් ලෙසින් ප‍්‍රසිද්ධයි. දීර්ඝ ඉතිහාසයක් ඇති මේ කී‍්‍රඩාව වර්ෂ 1800 ට එහා දිව යන්නක්. ඉතිහාසගත තොරතුරු අනුව වසර 1800 කට පමණ සිටම පෙර ගොල්ෆ් කී‍්‍රඩාව පැවැත එනවා.දියුණු බටහිර රටවල නම් මේ කී‍්‍රඩාව ඉතාමත් ප‍්‍රසිද්ධ කී‍්‍රඩාවක්. මෙහි ඉතිහාසය සොයා යාමේ දී වාර්තා වන්නේ ගොල්ෆ් විශේෂයෙන් රාජකීයයන් අතර ජනප‍්‍රිය වූ කී‍්‍රඩාවක් බවයි. 1457 වසරේ දී එනම් මීට වසර 547 පෙර මහා බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්ත රාජකීයයන් වන ජේමිස් සහ මේරි යන දෙදෙනා විසින් මේ කී‍්‍රඩාව කර ඇතැයි වාර්තා තිබෙනවා. එයින් පෙනී යන්නේ රාජකීයන් අතර මේ කී‍්‍රඩාව ජනප‍්‍රියව තිබූ බවයි.ලොව ප‍්‍රථම ගොල්ෆ් කී‍්‍රඩා සමාජය ගැන වාර්තා වන්නේ ද මහා බි‍්‍රතාන්‍යයෙන්. ඒ 1744 වසරේ දී. එඩින්බර්ග් ගොල්ෆාස් (Edinburgh Golfers) නමින් මෙම කී‍්‍රඩා සමාජය නම් කර තිබෙනවා.මෙම කී‍්‍රඩාව විවෘත තරගයක් ලෙස ප‍්‍රථමයෙන්ම 1860 වසරේ ඔක්තෝබර් 17 වැනි දින පවත්වා තිබෙනවා. ඒ මහා බි‍්‍රතාන්‍යයේ පෙ‍්‍රස්ට්වීක් (Prestwick) හි දී. මෙම තරගය සඳහා තරගකරුවන් අට දෙනකු සහභාගි වී තිබෙනවා. එහි දී විලී පාක් හත් දෙනකු අභිබවා ගොස් ජයග‍්‍රාහකයාට හිමි “සුරතා බඳ පටිය” ලබා ගෙන තිබෙනවා.1872 නැවත ගොල්ෆ් තරගයක් පවත්වා ඇති බවට වාර්තා වන අතර, එම තරගයේ ජයග‍්‍රාහකයාට හමි වූයේ “රිදී ජොග්ගුවක්”. එදා සිට අද දක්වා ම ගොල්ෆ් කී‍්‍රඩා වලින් ජය ලබන්නන්ට “රිදී ජොග්ගුවක්” ත්‍යාගයක් වශයෙන් පිරිනමනු ලබනවා. එංගලන්ත ශාන්ත ඇන්ඩෲහි ඇරඹුණු ගොල්ෆ් පිටිය ජාත්‍යන්තර මට්ටමේ පැරණිතම පිටිය ලෙස සැලකෙන අතර, එය ආරම්භ වී ඇත්තේ 1754 දී. ඒ සමගම ආරම්භ වූ පැරණි ගොල්ෆ් සමාජය අදත් කි‍්‍රයාත්මක වේ. බි‍්‍රතාන්‍ය විවෘත ගොල්ෆ් තරගාවලිය වාර්ෂිකව ශාන්ත ඇන්ඩෲ පිිටියේ පැවැත් වේ. 1873 ඇරඹුණු රාජකීය මොන්ටි‍්‍රයල් සමාජය සහ 1864 ඇරඹුණු ශාන්ත ඇන්ඩෲස් සමාජය ඇමරිකා එක්සත් ජනපදයේ පැරණිතම ගොල්ෆ් සමාජ අතර ඉහළින් සඳහන් වේ.
15 වන සියවසේ දී ගොල්ෆ් කී‍්‍රඩාව බි‍්‍රතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය අතර ව්‍යාප්ත වූ නමුත් ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයට භාජනය වූයේ නැත. එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර 1902 දී ජාත්‍යන්තර තරග ආරම්භ විය. ගොල්ෆ් කි‍්‍රඩාවේ කණ්ඩායම් සූූරතාවය වන්නේ “රයිඩර්” කුසලානයයි. මෙම කුසලානය සඳහා මුල්ම තරගය පැවැත් වූයේ 1927 බි‍්‍රතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය අතරය. අද ගොල්ෆ් ලෝක කුසලානය නමින් පැවැත්වෙන්නේ 1953 කැනඩා කුසලාන නමින් ඇරඹුණු තරගාවලියයි. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ අන්තර් ජාතික ගොල්ෆ් සම්මේලනය මගිනි.ගොල්ෆ් තරගයට යොදා ගනු ලබන පිත්ත බොහෝ සෙයින්ම හොකී කී‍්‍රඩාවට උපයෝගී කර ගනු ලබන පිත්ත හා සමානයි. මේ පිත්ත ලී වලින් සහ යකඩ වලින් සාදාගනු ලබනවා. ගොල්ෆ් කී‍්‍රඩාවේ ප‍්‍රධාන තැනක් ගන්නේ භූමියේ සාදනු ලබන වළයි.ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් පිටියක වළවල්  (Holes) 18 ක් තිබිය යුතුයි. මුළු දුර ප‍්‍රමාණය යාර 6500 ත් 7000 ත් අතර වේ. එක් වළක සිට තවත් වළකට දුර යාර 100 කි. මෙම වළවල් 18 ට පහරවල් 71 කින් බෝලය දැමිය යුතු අතර, අඩුම පහරවල් ගණනකින් වළවල් 18 ආවරණය කරන පුද්ගලයාට ජයග‍්‍රහණය හිමි වේ. මේ සඳහා පැය තුනහමාරක හතරක කාලයක් ගත වේ. ජයග‍්‍රාහකයන්ට දහසින් බැඳි පියලි හිමි වේ.කාන්තා පිරිමි භේදයකින් තොරව ගොල්ෆ් කී‍්‍රඩාව කළ හැකිය. ගොල්ෆ් කී‍්‍රඩකයෙක් පසුපස හම් පැසක් හෝ අත් කරත්තයක් සමග ගමන් කරන ආවතේවකරුවකු සිටියි. ඔවුන්ට “කැඩී”  කියා අමතන අතර, ඔවුන්ගේ රාජකාරිය ගොල්ෆ් උපකරණ රැගෙන යාම සහ බෝලය අහු ලා දීමයි.කෙසේ නමුත් ගොල්ෆ් කී‍්‍රඩාව සම්බන්ධයෙන් අපටත් පුංචි ආඩම්බරයක් විඳිය හැකියි. ඒ මක්නිසාද යත් ලොකයෙන් ම සිව්වැනි තැනට පැරණිම ගොල්ෆ් පිටිය අපේ රටට හිමිවීමයි. ඒ කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයයි. අපි වැඩි දෙනෙක් නොදැන සිටියාට මේ ගොල්ෆ් කී‍්‍රඩාංගණය ලෝකයේ ගොල්ෆ් කී‍්‍රඩකයන් අතර බෙහෙවින් ජනප‍්‍රියයි.මේ ගොල්ෆ් පිටිය ඉදිකරල තියෙන්නේ 1879 වසරේ දී. 1879 මෙම කී‍්‍රඩාංගණය ඉදිවෙන්න කලින් මෙවැනි තැන් තුනක් පමණයි ලෝකයේ තිබිලා තියෙන්නේ. එම ස්ථාන තුනත් පිහිටලා තිබුණේ බි‍්‍රතාන්‍ය රාජ්‍යය සතුවයි. මේ නිසා බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ හැර ලොකයේ බිහි වූ පළමු ගොල්ෆ් කී‍්‍රඩාංගණය අපේ.  ගොල්ෆ් කී‍්‍රඩාව අපේ රටට සංක‍්‍රමණය වුයේ ඉංග‍්‍රීසින් රට පාලනය කරන සමයේ. පළමුව ඉංග‍්‍රීසි ජාතිකයන් ගොල්ෆ් කී‍්‍රඩාව කරන ලද්දේ ගාලු මුවදොර පිටියේ. අපේ රටේ පළමු ගොල්ෆ් කි‍්‍රඩා සමාජය එනම් කලම්බු ගොල්ෆ් ක්ලබ් ඇරඹුණේ 1879 වසරේ දී. මුල්ම සභාපති හා නියමුවා වූයේ ඉංග‍්‍රීසි ජාතික ඩබ්ලිව්. ලෝ මහතාය. බි‍්‍රතාන්‍ය රැජිණගේ අනුමැතියෙන් මීට “රාජකීය” නාමය  භාවිතා කෙරුණේ 1928 සිටය. “අධරචත ඛ්ධතධථඡධ ට්ධතට ඛ්තභඡ” ලෝකයේ පැරණිතම ක‍්‍රීඩා සමාජ අතුරින් මුල් කීපය අතරට එක්වෙනවා.
ගොල්ෆ් කී‍්‍රඩා ලොකයේ ඉතාමත් රසවත් සිදුවීම් තිබේ. දැවැන්ත සෙවණැලි සේ කී‍්‍රඩාව මුළුමනින්ම තමන් වෙතට හරවා ගත් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් ද සිටියි.“ටයිගර් වුඩ්ස්” ද එවැනි දැවැන්ත සෙවණැල්ලකි. ඔහුගේ නාමය ගොල්ෆ් කී‍්‍රඩාවේ නාමයෙන් ලොව පුරා ප‍්‍රචලිත වූයේ 1997 සිටය. ඔහු ගොල්ෆ් කී‍්‍රඩාවේ කිරුළ හිමිකර ගෙන සිටි අන් සියලුම කී‍්‍රඩකයන් අභිබවා ගොස් ගොල්ෆ් කිරුළ පැළඳ ගත්තේ ඉතාමත් කෙටි කාලයක් තුළදීය.කුඩා කළ බොහෝ දරිද්‍රතාවයෙන් පීඩා විඳි ඔහු අද ගොල්ෆ් කී‍්‍රඩාවේ විශ්ව සංකේතයක් බවට පත්ව ඇත. එමෙන්ම ධනවතුන්ගේ කි‍්‍රඩාවේ කිරුළ පැළඳි ගොල්ෆ් ක‍්‍රීඩාවේ නීලවර්ණ ජය මාවත තරණය කරමින් සුපිරි ධනවතකු බවට පත්ව ඇත.ඔහුට ඔහුගේ ගමන දිග්විජය කිරීමට හැකි වූයේ ඔහු තුළ පවතින එක්තරා විශ්වාසයක් නිසා බව ඔහු තරයේ විශ්වාස කරයි. ඒ නිර්මල බුදු දහමයි. “මම බුදු දහමට කැමැත්තක් දක්වන්නේ එය සම්පූර්ණ ජීවන දර්ශනයම විනිවිද දකින නිසයි” ඔහු ඉනධපබ තතධඵබපචබඥඤ නම් පුවත් පතට ප‍්‍රකාශ කොට තිබුණා.බුදු දහම තුළින් මනස එක අරමුණක තබාගෙන ගොල්ෆ් ක‍්‍රීඩාවේ මානසික ඒකාග‍්‍රතාවය රැකගෙන ස්වයං මෝහනයකට පත්ව කී‍්‍රඩා කිරීම තුළින් තමාගේ අරමුණු ජයගෙන තිබෙන බව ටයිගර් විශ්වාස කරනවා. ඇමරිකන් ජනතාව විශ්වාස කරන ආකාරයට ලොවට වැඩියෙන් ම බලපෑම් කළ හැකි ඇමරිකානුවන් 25 දෙනා අතරට මේ හුරුබුහුටි කළු ජාතික ලාබාල තරුණයා ද සිටිනවා. සුප‍්‍රකට ටයිම් සඟරාව මෙම විසිපස් දෙනා නම් කළ අතර සිත් සන්සුන්ව ඔහු කරන ගොල්ෆ් කී‍්‍රඩාවට බුදු දහමේ ආභාෂය හේතු විණැයි ඔහු පවසා තිබෙනවා.එමෙන්ම ගොල්ෆ් කී‍්‍රඩාවේ තනි තරගාවලියකින් මෙතෙක් වැඩිම මුදලක් ජය ගෙන ඇත්තේ එක්සත් ජනපදයෙහි ජොනි මිලර් විසින් දිනා ගෙන තිබෙනවා. ඇමරිකන් ජාතික මිල්චර්ච් ඩිව් රික්සන් මෙනවිය ද එසේ දස්කම් එක් කළ ගොල්ෆ් කී‍්‍රඩාවේ සුපිරි කී‍්‍රඩිකාවක්. ඇය 1932 ඔලිම්පික් උළෙලෙන් පසු වෘත්තීය ගොල්ෆ් සූරියක් වශයෙන් පුරා වසර හතරක් ලෝක ගොල්ෆ් සූරතාවය දිනා ගත්තා.ටිනා ඩික්සන් වයස අවුරුදු හතරේ දී ඇගේ මවුපියන් විසින් වෙනත් පවුලකට හදා වඩා ගැනීම සඳහා දී තිබුණා. ටිනා ගේ බාල සහෝදරයන් දෙදෙනා වන කෙවින් සහ මාර්ක්වත් වෙනත් පවුලකට හදා වඩා ගැනීමට දී තිබුණා. ටිනා ට යමක් කමක් තේරෙන කොට තම සහෝදරයන් දෙදෙනාව සොයා ගන්න නොගත්ත උත්සාහයක් නෑ.ටිනා කුඩා කල සිටම ගොල්ෆ් කී‍්‍රඩාවට ආසාවක් දැක්වූ අතර ඇය ගොල්ෆ් කී‍්‍රඩා තරගවලට සභභාගි වූවා. එක්් තරගයක දී ඇයගේ ප‍්‍රතිවාදියා හා තරග කරන අවස්ථාවේ දී ඇයට ඇයගේ ලේ සුවඳ පිළිබඳව යම් ඉවක් දැනී තිබෙනවා. ඇය තම ප‍්‍රතිවාදියාට කතා කළා.  තොරතුරු ඇසුවා. මොහොතකින් ඇයට තරගය අමතක වුණා. ගොල්ෆ් කී‍්‍රඩා පිටියේදී නැතිවුණු අක්ක මලෝ මුණ ගැසුණා. පසුව අනෙක් සහෝදරයාත් ඇයට මුණගැසුණා.ඒ ඔවුන් වෙන් වී වසර 35 ට පසු. ගොල්ෆ් පිටිය කෙතරම් සුන්දර ද? ඊටත් වඩා සොයුරු පෙම ලේ සුවඳ කෙතරම් උදාර ද?
සංජීව සමරසිංහ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රාජකීය ධනවතුන්ගේ කී‍්‍රඩාව ගොල්ෆ් Rating: 5 Reviewed By: Unknown