728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

ජාතික කී‍්‍රඩාව වොලිබෝල්


අපේ රටේ ජාතික කී‍්‍රඩාව කුමක්ද කියා ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? සමහර විට ඔබ පිළිතුර දන්නවා ඇත. සමහර විට ඔබ තුළ අපේ ජාතික කී‍්‍රඩාව කුමක්ද කියා සැකයක් මතුවීමට ඉඩක් ඇත.වොලිබෝල් අපේ ජාතික කී‍්‍රඩාව වශයෙන් නම්කර වසර ගණනාවක් ගත වුණත් එහි දියුණුවට කිසිවකුගේ අවධානයක් යොමු නොවීම නිසා එය වඩාත් මතකයේ රඳවා තබාගැනීම පිළිබඳව අද වඩාත් අවධානය යොමු විය යුතු කාලය එළැඹ ඇත.අපි අපේ රටේ ජාතික ගීය ගැන ජාතික කොඩිය ගැන මෙන්ම ජාතික කි‍්‍රඩාව ගැන ද මනා අවබෝධයක් ලබාගෙන සිටිය යුතුව ඇත. ඔබ මේ රටේ අනාගත පරපුරයි. එම නිසා ජාතියක් වශයෙන් අපගේ ජාතික උරුමයන් රැකගැනීමට දැන් සිටම අවධානයට ගත යුතුයි. ජාත්‍යන්තර තලයට පවා ගොස් ඇති අපේ ජාතික කී‍්‍ රඩාව කවදා හෝ දවසක මේ රටේ ජනපි‍්‍රයම කී‍්‍රඩාවක් බවට පත්කරන්නට ඔබ ඉදිරියේ දී වගකීමෙන් කල්පනා කළ යුතුව ඇත.වොලිබෝල් කී‍්‍රඩාවේ ඉතිහාසය පිළිබඳව කතා කිරීමේදී වොලිබෝල් කී‍්‍රඩාවේ උපත අමෙරිකාවේ සිදු වූ බවට සාධක ඇත. විලියම් ගී මෝර්ගන් 1885 දී වොලිබෝල් කී‍්‍රඩාව නිර්මාණය කළ බව සැලකේ.1947 අපෙ‍්‍ර්ල් වලදී ජාත්‍යන්තර වොලිබෝල් ෆෙඩරේෂණය ඇති වී ඇති අතර 1949 දී පළමු වැනි ජාත්‍යන්තර වොලිබෝල් සූරතාවය පැවැත්වී ඇත. ජාත්‍යන්තර කාන්තා වොලිබෝල් සූූරතාවය 1952 දී පැවැත්වූ බවට ඉතිහාස පුවරුවේ සටහන්ව ඇත.ශී‍්‍ර ලංකාවට වොලිබෝල් කි‍්‍රඩාව හඳුන්වා දුන්නේ 1916 දී ආර්. ඩබ්ලිව්. කමැක් මහතා විසිනි. එතැනින් පටන්ගත් වොලිබෝල් කී‍්‍රඩාව අද වන විට අවුරුදු 88 ක් තරම් ඉතිහාසයකට දිවයයි.
පනහේ දශකයේ අපේ රටේ මහත් ජනපි‍්‍රයත්වයට පත් වොලිබෝල් කී‍්‍රඩාවේ වීරයන් රැසක් බිහිවුණේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙනි. 1951 වසරේදී ප‍්‍රථම වරට සමස්ත ලංකා වොලිබෝල් සූරතාව ගම්පහ සෙන්ට‍්‍රල් පිල දිනාගැනීම සැමරීම උදෙසා ජීවතුන් අතර සිටියදී කී‍්‍රඩකයන් පිරිසක් උදෙසා ලෝකයේ ඉදිවූ ප‍්‍රථම කී‍්‍රඩා පිළිරුව ගම්පහ නගරයේ දී ඉදිවිණි. අදටත් ගම්පහ දුම්රිය පොළ ඉදිරිපිට ඇති එම පිළිරුව ජීවතුන් අතර සිටියදී කී‍්‍රඩකයකු වෙනුවෙන් ඉදිකරන ලද ලොව ප‍්‍රථම පිළිරුව ලෙස සැලකෙයි.වොලිබෝල් පිටියේ අකුණු සර ලෙස විරුදාවලි ලත් ‘ගම්පහ සිරා’ පිළිබඳව ද අපේ ජාතික කී‍්‍රඩාව පිළිබඳව කතා කරද්දී කතා නොකරම බැරිය. ආසියාවේ හොඳම ප‍්‍රහාරකයා ලෙස පාකිස්තානු සම්මානයෙන් පිදුම් ලැබූ සිරා එවන් හපන්කමක් කළ එකම ශී‍්‍ර ලාංකික වොලිබෝල් කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක් වී ඇත.වොලිබෝල් කී‍්‍රඩා කිරීමේදී එහි පවතින නීති රීති සහ එම කී‍්‍රඩාවේ යම් යම් හැසිරීම් රටාවන් පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුව ඇත.වොලිබෝල් පිටිය චතුරස‍්‍රාකාරය. එහි දිග මීටර් 18 කි. පළල මීටර් 9 කි. මෙම වොලිබෝල් පිටියේ මීටර් 7 ක පමණ දුර ප‍්‍රමාණයක් නිදහස් ප‍්‍රදේශයක් ලෙස සැලකේ. වොලිබෝල් දැල මීටර් එකක් පමණ පළලින් යුක්ත වන අතර එහි දිග මීටර් 9.5 කි.වොලිබෝල් කී‍්‍රඩාවේ තරගයක් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන අතර එක් කණ්ඩායමක සිටිය යුත්තේ කී‍්‍රඩකයන් හය (06) දෙනෙකි.ශරීරයේ ඉණෙන් ඉහළ ඕනෑම කොටසක් බෝලය ඉහළට එසවීම සඳහා යොදා ගත හැක. වොලිබෝල් කී‍්‍රඩාවේදී සෙන්ටිග්‍රේඩ් අංශක 10 වඩා අඩු උෂ්ණත්වයක් නොතිබිය යුතුය.
ජාත්‍යන්තර තරග වට පහකින් (05) යුක්ත වන අතර එයින් වට තුනක් (03) ජයගන්නා කණ්ඩායමට ජයග‍්‍රහණය හිමි වේ. පළමු වට තුනේ දී වට දෙකක් අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබෙන අතර අන්තිම වට දෙකේ දී ලැබෙන විවේකය මිනිත්තු පහකි. තරගය ආරම්භ වෙන්නේ කාසියේ වාසිය උරගා බැලීමෙනි. කාසියේ වාසිය දිනූ කණ්ඩායමට පිටියේ තමන්ට අවශ්‍ය පැත්ත තෝරාගත හැක. ඔවුනට පළමු පන්දුව පිරිනැමීමේ අවස්ථාව ද හිමි වෙයි.දැලට උඩින් පන්දුව ප‍්‍රතිවාදී පිලට යවන්නට පෙර පන්දුව තුන්වරක් ස්පර්ශ කිරීමේ අවස්ථාව හිමි වෙනවා. ප‍්‍රතිවාදී පහරක් වළක්වන්න කී‍්‍රඩකයන් දෙදෙනකුට අවස්ථාව ලැබුණත් පහරදීමට පුළුවන්කම තිබෙන්නේ එක් කී‍්‍රඩකයකුට පමණයි. පන්දුව පිරිනැමීම ක‍්‍රම තුනකට සිද්ධවෙන අතර එය අන්ඩර් ආම් , ටෙනිස්  සහ හුක්  යනුවෙන් හඳුන්වනු ලබනවා.වොලිබෝල් කී‍්‍රඩාවට අමතරව අවසාන වශයෙන් ඔබගේ දෙමාපියන් දැනුවත් වීම සඳහා පුංචි ඔවදනක් දෙන්නට අද සිදුවී තිබෙනවා. කී‍්‍රඩාවට යොමු වුණාම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා යැයි දෙමාපියන්ගේ සිත් තුළ මුල්බැස ගත් කාරණයක්.කී‍්‍රඩාවට යොමුවීම තුළින් දරුවන් විනයක් නීතියක් අනුව හැඩගැසෙනවා. කුඩා අවදියේ සිටම ඒවාට ගරුකරන්නේ නම් පාසල් බෑගය තුළ උල්පිහි දමාගෙන යාමේ සංස්කෘතියක් බිහිනොවනු ඇත.
සංජීව සමරසිංහ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජාතික කී‍්‍රඩාව වොලිබෝල් Rating: 5 Reviewed By: Unknown