728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

ගැබිණි වියේ ඇතිවන රූපලාවන්‍ය ගැටළු


කුළුඳුලේ ගැබිනියක වන මවකගේ සිත සතුට සිතුවිලි වලින්, සුබදායක ප‍්‍රාර්ථනා වන්ගෙන් නිබඳවම පිරී පවතිනවා. එහෙත් පියයුරු විශාල වන විට, සිහින් ඉණ සොයා ගත නොහැකි ලෙස උදරය ඉදිරියට නෙරා එන විට, නැවත තම හැඩකාර සිරුර උරුම කර ගත හැකිවේදැයි යන සැකය සිත තුළ උපදින්න පුළුවන්. එහෙත් ගැබිනි වියේ ඇතිවන ඇතැම් අත්දැකීම් ගැබිනි වියේ නිමාවත් සමඟ අතුරුදන් විය හැකියි. * සරුවට වැඩෙන නියපොතු :- සමහර ගැබිනි මවුවරුන්ට සිව්වෙනි මාසය පමණ වන විට සාමාන්‍යයෙන් නිය වැඩෙනවාට වඩා ඉක්මනින් නිය වැඩෙන්නට ගනීයි. හෝර්මෝන බලපෑමෙන් මෙසේ සිදුවෙයි. ඒ වාගේම මේ කාලයේදී නියපොතු වඩාත් මෘදු වෙයි. එනිසාම ඉක්මනින් කැඩී යයි. මෙම තත්ත්වයන් ප‍්‍රසූතියෙන් මාස කිහිපයකට පසු සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. * සරු කෙස් කළඹ - ගැබිනි සමයේ දෙවෙනි මාසය පමණ වන විට කොණ්ඩයේ වැඩි සරු බවක් ඔබට දැනෙනු ඇත. එසේ වන්නේ කොණ්ඩය අලුතින් ඒම නිසා නොව හෝර්මෝන වල බලපෑමෙන් කෙස් ගැළවී යාම අඩුවෙන් සිදුවීම නිසයි. * දිළිසෙන සම - ගැබිනි වියේ දෙවන මසය වන විට සමෙහි දිළිසෙන ස්වභාවයක් දැකිය හැකියි. හෝර්මෝන පෙරළියත්, සම මතු පිටට වැඩි රුධිර වහනයක් සිදුවීමත් මීට හේතු වෙයි. * සැමියා සමග අපූරු ආකාරයේ අත්දැකීම් ලබන්නටත් මේ කාලය සුදුසුයි. රුව රැක ගැනීමට නම් ගර්භණී සමය පුරා නියමිත බර වෛද්‍ය උපදෙස් මත පවත්වාගෙන යාම වැදගත්ය. සාමාන්‍යයෙන් පළමු මාස තුන තුළ රාත්තල් 2 - 5 පමණ බර වැඩිවන අතර ඉන්පසු සතියක් ගානේ රාත්තල බැගින් බර වැඩිවෙයි. ඇදුම් ලකුණු උදරයේ පමණක් නොව සිරුරේ වෙනත් තැන්වලද ඇති විය හැකියි. ඇදීමට ආධාර කරන සමට යටින් ඇති පටක ඉතා සියුම්ව ඉරී සමට ඇදීමට ආධාර වීමට හේතු කොට ගෙන සම මතු පිට ඇදීමේ ලකුණු හට ගනී. මෙම ඇදුම් ලකුණු සමේ පාට අනුව වෙනස් වෙයි. සමහරුන්ගේ ඇදුම් ලකුණු රෝස පාටය. තවත් අයගේ රතු දුඹුරුය. තද දුඹුරු පැහැ ඇදුම් ලකුණු ඇති අය ද සිටිති. පසු කාලයේ මෙම ඇදුම් ලකුණු තුනීවී යන අතර සම්පූර්ණයෙන්ම මැකී යාමක් නම් සිදු නොවෙයි. ඇදුම් ලකුණු වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ගර්භණී සමයේ අවසන් කාල සීමාවේය. ඊට හේතුව ගැබ දරුවා ලැබෙන්නට ආසන්න මාස වලදී වඩාත් විශාල වීමයි.සමහර කාන්තාවන්ගේ, ඇදුම් ලකුණු ගර්භයේ පමණක් නොව තට්ටම්, කළවා, උකුළ හෝ පියයුරුවලද දැකිය හැකියි. කළු සමක් ඇති කාන්තාවන් අතර ඇදීම් ලකුණු සාමාන්‍යයෙන් අඩුවෙන් දැකිය හැකි නමුත් ගර්භණී කාන්තාවන්ගෙන් අඩකටත් වැඩි පිරිසකට මෙම අත්දැකීමට මුහුණ පෑමට සිදුවෙයි. ඇදුම් ලකුණු වැඩියෙන් ඇති වීම අඩුවෙන් ඇතිවීම හෝ ඇති නොවීම සමෙහි ඇදෙන සුලු බව අනුව තීරණයවෙයි. ඒ වාගේම මෙයට ජාන ද බලපායි. මවට හෝ සොහොයුරියට ගර්භණී කාලයේදී සමේ ඇදුම් ලකුණු ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. ගැබිණි සමයේ සම ඇදෙන ප‍්‍රමාණය ඇදීමේ ලකුණු වලට තදින්ම බලපායි. සමට ඉතා හොඳ ඇදීමේ හැකියාවක් පවතී. එහෙත් බර වැඩි වුවහොත් එම හැකියාව ප‍්‍රමාණවත් නොවනු ඇත. ඇදීමේ ලකුණු (ස්ටෙ‍්‍රච් මාර්ක්ස්) ඇතිවීමට බලපාන තවත් හේතු* ගැබිනි වියේ අධික ලෙස බර වැඩිවීම* නිවුන් දරුවන් ලැබීමට සිටීම* ප‍්‍රමාණයෙන් විශාල දරුවකු දරා සිටීම* කළලාචාරික තරලය වැඩිපුර තිබීම. ඇදීමේ ලකුණු ඇති නොවීමට කළ හැකි දෙයක් නැති තරම්ය. එහෙත් වෛද්‍ය උපදෙස් පරිදි නියමිත බරක් පවත්වා ගෙන යාම මගින් ඇදීම් ලකුණු අඩු කර ගත හැකියි. වෙළෙඳ පොළේ ආලේප තිබුණත් ඉන්් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන බවක් ඔප්පු කර නැත. ප‍්‍රසූතියෙන් මාස 6 - 12 කට පසු මෙම ඇදුම් ලකුණු වල කැපී පෙනෙන ස්වභාවය අඩුවෙයි. ඇදීම් ලකුණු සමේ පැහැයටත් වඩා ළා ගැහැයක් ගනී. ඇදුම් ලකුණු සිතට අසහනය ගෙන දෙන තරමට තදින් ඇත්න චර්ම රෝග විශේෂඥයකුගේ උපදෙස් පතන්න දරුවාට කිරි දෙන කාලයේදී කිසිදු ආලේපයක් ගැල්වීම සුදුසු නැත. ගර්භණී සමයේ සිරුරේ තැන තැන කළු වීම ස්වභාවිකයි. චර්මරෝග පිළිබඳ ඇමරිකානු ඇකඩමියෙන් පෙන්වා දෙන පරිදි ගර්භණී මවුවරුන් 70% ක ගේම මහුණේ හා සිරුරේ තද පැහැවීමක් දැකිය හැකියි. විශේෂයෙන්ම තද පැහැ සමක් ඇති කතුන් අතර මේ තත්ත්වය බහුලය. උඩු තොල, නහය, කම්මුල් ඉහළ, නළල වැනි ස්ථාන වාගේම අත්වල යටි බාහුවේ සම තද පැහැ විය හැකියි. ඉර එළියට අනාවරණය වූ විට ශරීරයේ අනෙක් කොටස් ද තද පැහැ වීමට පුළුවන. මෞත‍්‍ර ලිංගික පෙදෙස, පියයුරු, කැළැල්, අවට ද තද පැහැයක් ගනී. කිහිළි, කළවා ඇතුළත වැනි නිරාවරණය නොවුණු තැන්ද තද පැහැවේ. මේවා තාවකාලිකය. හිංසාකාරී ලකුණක් ද නොවෙයි. ‘මෙලනින්’ වර්ණකය වැඩිවීම හේතු කරගෙන ඇතිවන මෙම තද පැහැ ගැන්වීම් ප‍්‍රසූතියෙන් මාස කිහිපයකට පසු දුරුවී සමේ පැහැය යථා තත්ත්වයට පත්වෙයි. එහෙත් සමහර කාන්තාවන්ගේ දුර්වර්ණ ගතිය මුළුමනින්ම නැතිවන්නේ නැත.
 කිඩ්ස් සෙන්ටර් ඇසුරිනි චම්පිකා දිපානි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගැබිණි වියේ ඇතිවන රූපලාවන්‍ය ගැටළු Rating: 5 Reviewed By: Unknown