728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

මුළුතැන්ගෙයද රූපලාවන්‍යාගාරයක්


සාමාන්‍යයෙන් ගෘහණියක සහ මුළුතැන්ගෙයක් දුටුවිට ඔබට සිහිපත් වන්නේ කුමක්ද? ගෘහණිය මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු කරන ආකාරයයි. නමුත් ගෘහණියකට පමණක් නොව, ඕනෑම කාන්තාවකට තම මුළුතැන්ගෙය, තම රූපලාවන්‍යාගාරය ලෙස භාවිතා කළ හැකි බව ඔබ දැන සිටියාද? අවශ්‍ය නම් ඔබේ පංච කල්‍යාණයන් රැක ගැනීමට අවශ්‍ය ප‍්‍රතිකාර හා ප‍්‍රතිකර්ම මුළුතැන්ගෙය තුළින්ම උපයාගත හැකියි. උපක‍්‍රමශීලී, කාර්යශූර කාන්තාවකට මුළුතැන්ගෙය පවා රූපලාවන්‍යගාරයක් කරගත හැකියි.හිසකේ ගැටගැසීම සහ වියළි බව ,මීපැණි තේ හැඳි 2 ක්, ඔලිව් තේ හැඳි 2 ක්, බිත්තර 2 ක් හා ග්ලිසරින් තේ හැන්දක් ගෙන ඒවා එකිනෙකට හොඳින් මිශ‍්‍රකර ගන්න. නෑමට පෙර, හිසකේ අතරට මෙම මිශ‍්‍රණය යොදා හොඳින් කාවදින්නට හරින්න. විනාඩි 30 ක් පමණ තබා, මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. මුලින් කියූ වියළි ගැටගැසෙන කෙස් කළඹ වෙනුවට සෞම්‍ය, මෘදු හා මදවශයෙන් ගනකම් කෙස් කළඹක් ඔබට ලැබේවි.
දුර්වර්ණ හිසකෙස් වලටපිටිකිරි තේ හැඳි 4 ක්, ආමන්ඩ් තෙල් තේ හැඳි 2 ක් හා බිත්තර 2 ක් හොඳින් මිශ‍්‍රවන තුරු ගසාගන්න. ඉන්පසු විනාඩි 40 ක් පමණ කාලයක් එය හිසේ ගල්වා තබාගන්න. පසුව ස්වභාවික ෂැම්පු වර්ගයකින් සෝදා හැර පිරිසිදු කරගන්න.
ඉස්හොරි වැළැක්වීමටඋණුසුම් පොල්තෙල් ස්වල්පයකට දෙහි ගෙඩියක යුෂ මිශ‍්‍රකරගන්න. හිස්කබලේ ද තැවරෙන ලෙස මිශ‍්‍රණය හිස ගල්වා හොඳින් මසාජ් කරන්න. පසුව හොඳින් අඹරාගත් උළුහාල් ග‍්‍රෑම් 550 කට බිත්තර 2 ක් වන ලෙස මිශ‍්‍රකරගත් තලපය ද හිස් කබලේ හොඳින් ගල්වන්න. විනාඩි 45 ක් පමණ මෙම මිශ‍්‍රණය හිසේ රැ‍ඳෙන්නට හරින්න. මෙවර ඔබ හිස සෝදාගත යුත්තේ උණුවතුරට දෙහියුෂ මිශ‍්‍රකරගෙනයි. සතියකට දෙවරක් මෙසේ කිරීමෙන් ඔබේ ඉස්හොරි යලි ඇති නොවන ආකාරයට පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
වියළි සමට ආලේපනයක්අන්නාසි පෙත්තක් පොඩිකරගන්න. එයට දොඩම් ගෙඩියක, දෙහි ගෙඩියක යුෂ හා තිරිඟු පිටි තේ හැඳි 2 ක් එක්කරගන්න. දැන් මෙම මිශ‍්‍රණය මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න. මද වේලාවකින් ඔබේ සමට කදිම සෞම්‍ය බවක් දැනේවි. එම අවස්ථාවේදී එම මිශ‍්‍රණය මෘදු ලෙස සෝදා ගන්න.
සමේ සිදුරු වලටබිත්තර සුදු මදය විනාඩි 20 ක් පමණ හොඳින් ගසාගන්න. එයට පොඩිකරගත් තක්කාලි ගෙඩියක පමණ හා දෙහි ගෙඩියක පමණ යුෂ එක් කරන්න. මිශ‍්‍රණය මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේපකරන්න. හොඳින් වේලුණු පසු මෙම මිශ‍්‍රණය සෝදා හැරිය යුත්තේ අයිස් ජලයෙනි.
මෘදු සමකටකෙසෙල් ගෙඩි භාගයක් පමණ පොඩිකර ගන්න. එයට දෙහි ගෙඩියක යුෂද, පිටිකිරි මේස හැඳි 2 ක්ද, හොඳින් පොඩිකරගත් අලිපේර ගෙඩියක මදයද මිශ‍්‍රකරගන්න. එම ආලේපනය මුහුණේ සහ බෙල්ලේ හොඳින් ගල්වන්න. විනාඩි 20 ක් පමණ එලෙසම තබන්නට හැර, පසුව කිරිවලින් සෝදා හරින්න.
ආර්. එස්. කේ. ගුණරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මුළුතැන්ගෙයද රූපලාවන්‍යාගාරයක් Rating: 5 Reviewed By: Unknown