728x90 AdSpace

Latest News
Thursday 6 August 2015

ආලේපයට වඩා කෑම ගුණයි


කාන්තාවන් බොහෝ දෙනා රූ සපුව ගැන දක්වන්නේ මහත් උනන්දුවක්. ලෙඩ රෝගවලින් ආරක්ෂා වී සිටීම මෙන්ම රූ සපුව රැක ගන්නත් බොහෝ දෙනා නො කරන දෙයක් නෑ. විශේෂයෙන් ම ආහාර පාන ගැනීමේ දී ඔවුන් සැලකිලීමත් වෙන්නෙ පෝෂණයට වඩා රූ සපුව පිළිබඳයි.තෙල් අධික ආහාර, ඌෂ්ණාධික ආහාර පිෂ්ඨය අධික ආහාර ගැනීමේ දී සැලකිලිමත් වෙන්නෙ එයින් තම රූ සපුවට අනිසි බලපෑම් ඇතිවේ යැයි බියෙනි.විශේෂයෙන් ම අද අපේ සමහර කාන්තාවෝ තම සිරුර හැඩ කර ගැනීම සඳහා හිතුමතේට විටමින් හා වෙනත් ඖෂධ පාවිච්චියට ද පෙළඹී සිටිති. මේ නිසා අනවශ්‍ය කරදරවලට මුහුණ පාන්නට සිදුවුවා සේම නොයෙක් ලෙඩ රෝගවලට ද ගොදුරු වීමටද ඔවුනට සිදු විය.නැවුම් එළවළු - පලතුරු අනුභවය ශරීර සෞඛ්‍යයට මෙන්ම රූ සපුව රැක ගැනීමට ද ඉවහල් වන බව අප හැමෝම දන්නා දෙයකි. මේ එළවළු පලතුරු අනුභවය වෙනුවට ඒවා නොයෙක් ක‍්‍රම මඟින් ශරීරයේ ආලේප කිරීමට ද අද බොහෝ කාන්තාවෝ පෙළඹී සිටිති.
අනුභවය වෙනුවට එළවළු පලතුරු ආලේපය අපේ කාන්තාවන් අතර කොතරම් ජනපි‍්‍රය වී ඇත්දැයි පැවසුවොත් ගෙදරට වැඩි හරියක් එළවළු පලතුරු ගෙන එන්නේ කෑමට නොව සිරුරේ ආලෙපයටයි. ඒත් මේවා ආලේපය කොතරම් දුරට සාර්ථක වී ඇත්දැයි දන්නේ ඒවා ආලේප කරන ඇත්තන්ම පමණි.එළවළු - පලතුරු ආලේපයට වඩා අනුභවය ශරීර සෞඛ්‍යයට යහපත් බව වෛද්‍ය මතයයි. අපේ සමහර කාන්තාවෝ මෙය පිළිගැනීමට මැලි වෙති. කන්න අකමැති පලතුරු ගෙදර ගේන්නෙ ආලේපනය සඳහාම පමණි.ඇත්තෙන් ම මෙය නාස්තියක් යැයි ඔවුනට සිතෙන්නේ නැත. එළවළු - පලතුරු නොයෙක් ලෙස සකස් කර සිරුරේ ආලේප කිරීමෙන් පසු ඒවා ශරීරයට උරා ගෙන ප‍්‍රතිකි‍්‍රයා කරයි. සමහර විට එසේ සකස් කර ගැනීමේ දී ඒවායේ පෝෂණ කොටස් විනාශවීමට පුළුවන. එසේත් නැත්නම් ඒවා ඉවත දැමීමට හෝ සිදු වේ.මෙසේ ආලේපනය මඟින් ශරීරයට උරා ගන්නවාට වඩා ඒවා අනුභවය මඟින් එහි පෝෂ්‍ය කොටස් ශරීරයට උරා ගෙන ප‍්‍රතිකි‍්‍රයා කිරීම සෞඛ්‍යයට මෙන් ම රූ සපුවේ වර්ධනයට ද හේතු වනවා ඇත. එවිට එම ද්‍රව්‍ය අපතේ නොයනවා මෙන් ම සෞඛ්‍යයත් රූ සපුවත් රැකගැනීමට උපකාරයක්ද වේ.ඒ නිසා එළවළු හෝ පලතුරු හෝ නොයෙක් ලෙසට සකස් කර සිරුරේ ආලේප කරනවාට වඩා ඒවා පිස හෝ අමුවෙන් හෝ අනුභව කිරීම සෞඛ්‍යියට මෙන් ම සාක්කුවටත් හිතකර වන බව හිතට ගන්න.
 තනූරි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආලේපයට වඩා කෑම ගුණයි Rating: 5 Reviewed By: Unknown