728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

බෝධි පූජාවක සැබෑ අරුත


ලෙඩකින් සුවය ලබා ගැනීමේ අදහසින් නොපෙනෙන බලවේගයනට රැවටී ඉන් පිහිටක් සොයා ගැනීමට වෙහෙසීම හිස් කර්තව්‍යකැයි ඇතැමෙක් හිතන්න පුළුවන්. ‘බෝධි පූජාවක්’ කිරීම ද මේ ගොඩට වැටෙන්න පුළුවන්. එයට හේතුව බෞද්ධයින් බොහෝ විට රෝගාබාධයක දී, කරදරයක දී බෝධි පූජාවකින් පිහිට ලබා ගැනීමට පුරුදු වී සිටීම නිසයි.නමුත් බෝධි පූජාවකදී ශාන්තිය ලබා ගත හැකියි. හැබැයි එය නිවැරැදි ආකාරයට ඉදිරිපත් කිරීමෙන් පමණයි.
ගසකට කරන වන්දනාවක්ද?‘බෝධිය පූජාව’ යනු ගසකට කරන වන්දනාවක් නොවෙයි. බුදුරජාණන් වහන්සේට බුදුවීමට උපස්ථම්භක වූ එම පූජනීය වෘක්ෂය පාදක කොට ගෙන අපි බුදුරජාණන් වහන්සේව සිහිපත් කරනවා.උන්වහන්සේ මේ ලෝකයේ ලබන්න හැකි පරම පිවිතුරු තත්ත්වයට පත් වුණේ එම බෝ රුක සෙවණේදීය. එම නිසා ඒ තත්ත්වය මතකේ තබාගෙන ඒ ගස මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමයි බෝධි පූජාවකින් විය යුත්තේ. එය බුද්ධානුස්සතිය වැඩීමක්.එයට පුද පූජාවන්ද සම්බන්ධ වීම වරදක් නොවෙයි. පුද පූජා සම්බන්ධ කර ගැනීමෙන් වන්නේ තම සිත නිකලෙස් කර ගැනීමයි.මෙය බුදුරජාණන් වහන්සේ දෙවියෙක් කියා හෝ වෙනත් භ®ත බලවේගයක් කියා හෝ පිළිගැනීමකින් කරන කටයුත්තක් නොවෙයි. ඉතාම පිවිතුරු අදහසකින් බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ගුණවලට කරන පුජෝපහාරයක්. එය හරියාකාරව කිරීමෙන් තමන්ගේ හිත නිකෙලෙස් වෙනවා.
ග‍්‍රහ උපද්‍රව සමනය වීමඅපේ හිත්වල තිබෙන රාග, ද්වේශ, මෝහ නිසයි මේ බොහෝ දුක් පීඩා අපට සිදු වන්නේ.ඒ කෙලෙස් බරිත සිත බෝධි පූජාවකදී, එනම් බුද්ධානුස්සතියකදී පවිත‍්‍ර වෙන කොට, නිකෙලෙස් තත්ත්වයට පැමිණෙන කොට බාහිරින් එන උපද්‍රව, අමනුෂ්‍ය උපද්‍රව, ග‍්‍රහ උපද්‍රව සමනය කර ගැනීමට හැකි වෙනවා.නව අරහාදි බුදු ගුණ මෙනෙහි කර කර බෝධි පූජාව කළ යුතුයි. එසේ නැතිව නව ග‍්‍රහ ශාන්තිය කිය කියා කවි කීවට, නැතිනම් සඳුගේ අපල දුරුවේවා කියා කොඩි වැල් එල්ලූ පමණින් එම ලෙඩ රෝග සුව වෙන්නේ නෑ. එවැනි ගැතිවීම්, බැගෑපත්වීම් බෝධි පූජාවන්ට අදාළ නෑ. බොහොම බුද්ධිමත්ව කරන කර්තව්‍යයක් බෝධි පූජාව. බුද්ධාලම්භන ප‍්‍රීතියෙන්, බුද්ධානුස්සතියෙන් කරන කර්තව්‍යයක් නිසා තමන් අපේක්ෂා කරන ශාන්තිය, සහනය තමන්ට ලැබෙනවා.ඒ ශාන්තිය ප‍්‍රාර්ථනාවක්ම නොවෙයි. එහෙත් එක්තරා ආකාරයක මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා.බලාපොරොත්තුවක් නොමැතිව නොවෙයි බෝධි පූජාව කරන්නේ. ඒ බලාපොරොත්තු වන ආකාරයට මිනිසුන්ගේ මනස සකස් වෙනවා. ඒ මනස සකස් වෙන්නේ මනස පවිත‍්‍රත්වයට පත් කරන ආකාරයටයි. තව තවත් අවිද්‍යාවට යන ආකාරයට නොවෙයි. බෝධි පූජාවක වටිනාකම තිබෙන්නේ අන්න එතනයි.
කර්මානුගත රෝගකොතරම් ප‍්‍රතිකාර කළත් සුව නොවන රෝග ඇතැමුන්ට තිබෙනවා. මේවා කර්මානුගත රෝග යැයි සිතමින් තැවෙන පිරිසකුත් අපේ රටේ සිටිනවා. ඔබ වහන්සේ මෙහි යථා ස්වරූපය පැහැදිළි කොට දෙනවා නම්;මිනිසුන් කර්මෙට බාර දී යම් යම් දේ කිරීමේ යහපත් මෙන්ම අයහපත් තත්ත්වයක් ද තිබෙනවා. අයහපත් තත්ත්වය නම්, සියල්ල කර්මයෙන් සිදු වෙනවායි සිතමින් කර්මයටම භාර දී මිනිසුන් ඒවාට ප‍්‍රතිකර්ම නොකිරීම. අසනීපයක් වුණ විට මේක තමයි මගේ කරුමේ කියලා කරුමෙ බදාගන්නවා මිසක අවශ්‍ය පිළියම් යොදන්නේ නෑ.එහෙත් කෙනෙක්ට ඔය කියන ආකාරයට අසනීපයකට අවශ්‍ය ප‍්‍රතිකාර දිගින් දිගටම කළත් සුව නොවන තත්ත්වයක් නම් තිබෙන්නේ, තමන් දිගින් දිගටම පෙළන රෝගයක් තිබේ නම්, එහිදී වෙනත් පැත්තක් ගැන අපට සිතන්නට වෙනවා. මොකද සමහර ආබාධ තිබෙනවා ‘කම්ම විපාක ඡා බාධා’ කියලා.එනම් පෙර කළ පව්වලට විපාක මේ ජීවිතයේදීත් ගෙවීම. එවැනි තත්ත්වයකදී ඒ කෙනා කල්පනා කළ යුත්තේ මගේ පූර්ව කර්මයක් විය හැකියි මේ ආබාධය. එම නිසා මම එම කර්මය අහෝසි කර ගැනීමට ප‍්‍රතිපත්ති පිරිය යුතුයි යන අධිෂ්ඨානයෙන් ලෙඩ, රෝග සියල්ල අමතක කොට පිළිවෙත් පුරනවා. එය බුදු දහමින් ලබා ගත හැකි ලොකු ලාභයක්.
කයින් රෝගී සිතින් නිරෝගීබුදුරජාණන් වහන්සේ හමුවීමට එක් අවස්ථාවකදී නකුල මාතා, නකුල පිතා පැමිණ ‘අපි දැන් බොහොම වයසයි. ලෙඩ දුක් වැඩියි’ කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දුන් අවවාදය මොකක්ද? ඔබ කයින් ලෙඩ වුණත් ඔබ සිත ලෙඩ කර ගන්න එපා. කය ලෙඩවීම කාටත් පොදු දෙයක්. නමුත් කය ලෙඩ වුණාට සිත ලෙඩ කරගන්න එපා’.අද කාලේ බොහෝ ගැටලු තිබෙන්නේ මේ කය ලෙඩ වූ සැනින් ඊට වඩා දෙගුණයක් ඒ කෙනාගේ සිත ලෙඩවීමයි. සිත දුර්වලවීමයි. කය ලෙඩ වුණත් සිත ශක්තිමත් කර ගැනීමට හැකි නම් ඒ චිත්ත ශක්තියෙන් කායික රෝග නිවාරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. සිතේ ශක්තිය සෑම ශක්තියකටම වඩා බලවත්.
විශ්ව ශක්තියචිත්ත ශක්තියයි, විශ්වයේ යම් යම් ශක්තීන් තිබෙනවා. විශ්ව ශක්තිය කියලා  අද මේ කතා කරන විශ්ව ශක්තිය ගැන නොවෙයි කියන්නේ. විශ්වයේ යම් ධර්ම ශක්තියක් තිබෙනවා.එහි බලපෑම් නිසා තමන්ට යම්කිසි වැරදි ආකර්ෂණ තිබේ නම්, තමන් දුක් පැත්තට ගෙන යන ආකර්ෂණ තිබේ නම්, ඉන් මඟහරවා තමන් නියම ශාන්තිය කරා ගෙන යන ප‍්‍රවණතාවක් එහි තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය අප නිවැරදිව අවබෝධ කොට ගෙන කරගෙන යා යුතු කාර්යයක්. ‘කර්මය නිසයි මට මේ දේවල් වුණේ’ යන කාරණාවේ දී කර්මයට වහලෙක් නොවී කර්මානුරූපී තත්ත්වයන් නුවණින් අවබෝධ කොට ගෙන පෙර කළා වූ දෝෂයක් නිසා අද මට මෙහෙම වුණා. මින් ඉදිරියටවත් එම දෝෂය නොවෙන්න, මම නිවැරදි විය යුතුයි කියලා කර්මය විශෝධනය කළ යුතුයි. පෙර කළ තමන්ගේ පාප කර්මය තමන් පිරිසුදු කර ගන්නේ, නිවාරණය කර ගන්නේ ඒ ආකාරයටයි.
පෙර ආත්මයේ වරදක් කළාමේ තත්ත්වය අද බටහිර රටවල අධිමානසික විද්‍යාවේදී පර්යේෂණ වලින් ඔප්පු කොට තිබෙනවා. සමහර දිගින් දිගටම පවතින රෝගයනට මුල් හේතුව පෙර ආත්ම භවයන්වල කළ වරදක්, පාප කර්මයක්.මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා; පෙර ප‍්‍රමාදි වී යම් කිසි වැරදි කළත්, පසුව එම වැරැද්ද තේරුම් ගෙන අප‍්‍රමාදීව වාසය කරනවා නම්, ඒ පුද්ගලයා වලාකුලින් මිදුන හඳ මේ ලොව ආලෝක එළිය කරන්නා වගේ ඒ පුද්ගලයාගේ ජීවිතයත් ආලෝක කරන බව.එම නිසා කර්මය උපයෝගීී කර ගත යුත්තේ මේ ජීවිතය යහපත් මාර්ගයේ ගෙන යාමට මිසක පසු තැවි තැවී සිටීමට නොවෙයි.තෙරුවන් සරණයි!
අයෝධ්‍යා වීරසිංහ



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බෝධි පූජාවක සැබෑ අරුත Rating: 5 Reviewed By: Unknown