728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

ආලෝක විමෝචක දියෝඩ


ඉලෙක්ට්‍රොනික පරිපරථයන් සඳහා බහුලව යොදා ගන්නා L.E.D බල්බය යනුවෙන් හඳුන්වනු ලබන දියෝඩ [Diode] විශේෂයෙ අඩු පිරිවැයක් තිබීම අඩු වෝල්ටීයතාවයකින් ආරක්ෂාකාරී ලෙස දැල්වීමට හැකිවීම විශේෂත්වයකි.L.E.D නොහොත්  Light Emitting Diods (ආලෝක විමෝචක දියෝඩය) යනුවෙන් හඳුන්වන ලබන මෙම දියෝඩය නිපදවීමට ගැලියම්, ආසනික් හා පොස්පරස් වැනි ද්‍රව්‍ය යොදා ගනී. එසේ ම එහි ඇති පැවැත්මත්, අඩු වියදම හා අඩු වෝලිටීයතාවකින් හා ක්ෂමතාවකින් යුක්තව මෙය දැල්විය හැකිවීම නිසාත් එයට යන පිරිවැය ද හැම අතින්ම වාසිදායකය. එහෙත් L.E.D  දැල්වීම සඳහා එහි ඇති ඇනෝඩ්/කැතොඩ් අග‍්‍රයන් නියමිත පරිදි විදුලි සැපයුමට සම්බන්ධ කළ යුතු අතර නැතිනම් එහි
කි‍්‍රයාකාරීත්වය සිදු නොවීමෙන් ආලෝකය නොලැබී යයි. L.E.D  හි කි‍්‍රයාකාරිත්වය දෙස බැලීමේදී මෙහි ඇති PN සන්ධියෙන් ඉදිරියට නැඹුරු කළ විට N හි ඉලෙක්ට්‍රොන P හි ඇති හිදැස් තුළට පනී.
මෙහිදී පිටවන ශක්තිය තාපය හා ආලෝකය ලෙස ගොඩනැගේ. සාමාන්‍ය සිලිකන් දියෝඩයක් ආවරණය කොට ඇති හෙයින් ආලෝකයක් දැකිය නොහැකි අතර සන්ධියේ ඇති තාපය පමණක් නිරීක්‍ෂණය කිරීමට හැකිය.එහෙත් L.E.D . වල සන්ධිය ආවරණය කොට ඇත්තේ විනිවිද කාරක ද්‍රව්‍යකින් නිසා සන්ධියේ ඇතිවන ආලෝකය දැකිය හැකිය. මෙසේ සන්ධිය මතයොදනු ලබන රසායනික සංයෝග අනුව හෝ විනිවිද කාරකයේ වර්ණය අනුව සන්ධියෙන් නිකුත්වන අලෝකයේ වර්ණය රදා පවතී. දැනට බහුල ලෙස කහ, කොළ, රතු, නිල්,, සුදු, තැඹිලි වැනි වර්ණ වලින් යුත් L.E.D  ඇති අතර මීට අමතරව අදෘෂ්‍යමාන ආලෝක කිරණ නිකුත් කරන පාර ජම්බුල හා අධෝරක්ත L.E.D  වෙළෙඳපොළේ ඇත. එසේ ම තනි බල්බයක් මගින් පාට 2, 3, 4 දැල්වෙන ලෙසින් සකසා ඇති L.E.D  ද වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
කේ.ඩී. ශී‍්‍රමාල් කි‍්‍රසන්ටස්


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආලෝක විමෝචක දියෝඩ Rating: 5 Reviewed By: Unknown