ආහාර ජීර්ණ කි‍්‍රයාවලිය වඩා සෙමින් සිදුවන අතර රුධිර පීඩනය ද අවම මට්ටමක පවතී. ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ කි‍්‍රයාවලිය ද සිදුවන්නේ හෙමිහිටය. එසේ ම ශරීරයේ ඌෂ්ණත්වය ද අඩුවන බව හෙළිදරව් වී තිබේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ දවසක කි‍්‍රයාකාරිත්වයෙන් පසුව ශරීරයේ පටක අලුත්වැඩියාවට ඉන්ද්‍රියන් ගේ කාර්යක්ෂමතාව වර්ධනය කරන්නට නින්ද අත්‍යාවශ්‍යම බවය. බොහෝ විද්‍යාඥයන් ගේ අනාවරණය කිරීම්වලට අනුව නින්ද ශරීරය මනාව පවත්වා ගෙන යාමට පමණක්ම වැදගත් වන්නේද නො වේ. එයින් අපේක්ෂිත පරමාර්ථ ද බොහෝ ය. පුද්ගලයකුට දිනකට අවැසි නින්ද පිළිබඳ විවිද මතවාද අදටත් පවතී. බොහෝ විද්‍යාර්ථීන් ප‍්‍රකාශ කරන්නා වූ ආකරයට එය ද එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. විද්‍යාත්මක හෙළිදරව් කිරීම්වලට අනුව සිඟිති දරුවන්ට වැඩුනු පුද්ගලයන්ට වඩා නින්ද අවශ්‍යය. එහෙත් රදවා ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ අලුයම ප‍්‍රබෝධමත්ව නැගී සිටින්නටත් වඩාත් ප‍්‍රබෝධයෙන් දවස ආරම්භ කිරීමටත් ප‍්‍රමාණවත් නින්දක සුවය පුද්ගලයකු ලබාගත යුතු බවය. ඇතැම් පුද්ගලයන් ප‍්‍රකාශ කරන්නේ දිනකට පැය හතරක කාලයක් පමණක් තමන් නින්දට යොදාගන්නා අතර අනෙක් කාලය තම තමන්ගේ පුද්ගලික කාර්යන් සඳහා යොදා ගන්නා බවයි. එහෙත් මේ තර්කය සර්ව මිනිස් වර්ගයාටම පොදු නොවන වග ද සිත් හි තබා ගැනීම වැදගත් ය. තවත් පිරිසක් දවසේ වැඩි කාලයක් නින්දටම කැප කරති . “ලොන්ග් ස්ලීපර්ස්” ලෙසට මෙම තැනත්තන් ව හඳුන්වන අතර ඔවුන් දිනකට පැය දහයක් හො ඊට වඩා වැඩිකාලයක් හො නින්ද වෙනුවෙන් වැය කරති. ලෝක ප‍්‍රකට ජර්මානු ජාතික දර්ශනවාදියකු වූ කාන්ට් මෙලෙසින් දිගු නින්දකට යොමු වූ අයකු වූ අතර ඔහුව නින්දෙන් ඇහැරවීම පිරිසට වෙනත් සේවකයකු යොදවා තිබිණ. එම සේවකයාගේ රාජකාරිය වී තිබුණේ කාන්ට්ව බලෙන් ඔහුගේ සයනයෙන් ඉවත්කැර ඔහුව අවධිකරවීමයි. අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව දිවා කාලයේ දී තම ශරීරයට වෙහෙසක් දැනුනු විට විනාඩි 15 ක පමණ කෙටි නින්දක් ලබා ගැනීම ශරීරයට වඩාත් හිතකරය. නින්ද පිළිබඳ විදිමත් පිරියෙසුම් සිදුකැර ඇත්තේ කි‍්‍ර.ව. 1919 ජර්මන් ජාතික මනෝ විද්‍යාඥයෙකු වූ හෑන්ස් බර්ගර් විසිනි. ඒ. සරත්චන්ද්‍ර |
Wednesday, 5 August 2015
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment