728x90 AdSpace

Latest News
Sunday 9 August 2015

අනවශ්‍ය තරබාරුව පාලනය කර ගන්න


“මහත් වුණොත් ලෙඩ තමයි” මේ අප නිතර කියන වචනයක් අප මෙහිදී සිරුරේ මහත් වීම වශයෙන් අදහස් කරන්නේ උසේ හැටියට තිබෙන මහත හෝ පිරිපුන් බව නම් නොවෙයි. අනවශ්‍ය ලෙසින් සිරුරේ තැන් තැන් වලින් මස් පිඬු නෙරා ඒමයි. අනවශ්‍ය ලෙස සිරුර මහත් වීම බොහෝ දෙනකුට ප‍්‍රශ්නයක්. ශරීරයේ මහත් බව හේතුවකින් තොරව ඇතිවන්නේ නැහැ. එයට කුමක් හෝ හේතුවක් තිබිය යුතුමයි. එසේ නම් කළ යුත්තේ එම හේතුන් දැන එය වළක්වා ගන්නට නිසි පියවර ගැනීමයි. මේ සඳහා ප‍්‍රධාන හේතුවක් වන්නේ පාලනයකින් තොරව අධික ලෙස තෙල්, පිටි, සිනී, සහිත ආහාර ගැනීමයි. විශේෂයෙන් කය නොවෙහෙසන අයෙක් මෙවන් ආහාර නිතර නිතර ගන්නේ නම් අනිවාර්යයෙන්ම ශරීරයේ මහත් බවක් ඇති විය හැකියි. අධික තෙල් සහිත ආහාර නිසා සිරුරේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීමෙන් ශරීරයේ මස්පිඩුනෙරා ඒමට පුළුවන්. ස්ථුල තාවය අඩුකරගන්නට අප ප‍්‍රධාන වශයෙන් දෙනු ලබන අවවාදය නම් ක‍්‍රමවත් ආහාර පාලනයක් කෙරෙහි යොමුවිය යුතු බවයි. වේලක් හෝ දෙකක් ආහාර පාලනය කර ඉන්පසු එය නොසලකා හරිමින් සිත් සේ පිටි සිනී සහිත ආහාර ගැනීම ආහාර පාලනය කිරීමක්නොවේ.
සිරුරේ තරබාරුව ඇතිකරලීමට හේතුවන ආහර සීමාකර ගනිමින් ක‍්‍රමවත් ආහාර රටාවකට හුරුවෙමින් නීරෝගිතාවය රැකෙන ආකාරයෙන් ආහාර ගැනීමයි කළ යුත්තේ. ආහාර පාලනයේදී අප ගන්නා. ආහාර අතුරින් නිවැරැදි දේ පමණක් තෝරා බේරා ගෙන ආහාර ගැනීමට සැලකිලිමත් වන්න.ආහාර වේලට කෙදි සහිත ආහාර අනිවාර්යයෙන්ම එක්කර ගන්න. රතු කැකුළු හාලේ බත්, කුරක්කන්, ආටාපිටි, වාෂ්පයෙන් තැම්බු එළවළු, කව්පි, මුං ඇට අදිය ආහාර පාලනයේදී ඉතාම වැදගත්. කුඩා මාළු හැකිතාක් ආහාරයට එක්කර ගන්න. කැල්සියම් සහ ජලයෙන් පොහොසත්් ආහාර වලට හුරුවන්න. අධික ලුණු සහිත ආහාර විශේෂයෙන්ම අල පෙති සම ඉවත් නොකළ මස් වර්ග, සියලුම කෙටි කෑම වර්ග පාන්පිටි, පැණි රස කෑම හැකිතාක් සීමා කරන්න. සිරුරෙන් දහඩිය පිටවන ආකාරයෙන් ඇවිදීම, ව්‍යයාමයන්හි යෙදීම වැදගත් වනවා. ව්‍යායාමයන්හි යෙදීම වුවත් ක‍්‍රමවත් උපදෙස් මත කරන්න.මනස නිරවුල්ව තබා ගැනීම ශරීරයේ අනවශ්‍ය මහත අඩු කර ගැන්මටත් මෙන්ම සැහැල්ලු වෙන් තබාගැනීමට බෙහෙවින්ම බලපායි.
ඔබ මානසික පීඩනයකින් සිටීනම් සිරුරේ කෝට්සෝන්   හෝමෝනය ඉහළ යන අතර එමගින් උදරයේ වැඩිපුර මේද කොටස් තැන්පත් වීමේ අවදානමක් පවතී. එමෙන්ම ප‍්‍රමාණවත් නින්දක් නොලබන්නේ නම් කොට්සෝන් හෝමෝනය ඉහළ යාම නිසා ආහාර ජීර්ණ කි‍්‍රයාවලිය ද නිසියාකාරව සිදු නොවේ. සිරුරේ අනවශ්‍ය මහත සහ බර අඩු කරලීමට ආයුර්වේද හෝමියෝපති ප‍්‍රතිකර්ම ඉතාමත් සාර්ථක ලෙස යොදාගන්නට පුළුවන්.නිවැරැදි ප‍්‍රතිකර්ම අනුගමනයෙන් සෑහෙන දුරට ස්ථුලතාවය අඩුකරගනිමින් සුවසෙත ද රැකගත හැකිය. හුමාල ස්වේද කර්මය  Steam bath ප‍්‍රතිකර්මය මගින් ශරීරයේ අනවශ්‍ය තෙල් කොටස් ඉවත් කරලීමත් සිදුකෙරෙයි.සෝනාබාත් ප‍්‍රතිකාරයේදි ශරීරයේ වන අපද්‍රව්‍යයන් සහ සියලු විෂ කොටස් දහඩිය සමග ඉවත් වී සිරුරෙහි සැහැල්ලු සහ පැහැපත් බවක් ඇති කරයි.මෙම හුමාල ස්වේද ප‍්‍රතිකර්මයේදී දේශීය ඖෂධ වර්ග රැසක් යොදාගැනෙන අතර ඖෂධ තම්බා එහි ගුණ කොටස් හුමාලය මගින් වැදීමට සැලැස්වීම මෙම ප‍්‍රතිකර්මයි.සිරුරෙහි අනවශ්‍ය මේද කොටස් ඉවත්කර සිහින් සිරුරක් ලබාගන්නට නම් මෙම ප‍්‍රතිකර්මය නිසි පරිදි අනුගමනය කිරීම වඩාත් වැදගත් වෙනවා
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අනවශ්‍ය තරබාරුව පාලනය කර ගන්න Rating: 5 Reviewed By: Unknown