728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

උදරයේ අනවශ්‍ය නෙරා ඒම වලක්වාලන්නේ මෙහෙමයි


උදරය මහත්වීම, ඉදිරියට නෙරා ඒම, අනවශ්‍ය ලෙස මස් පිඩු ඇතිවීම අද බොහෝ කාන්තාවන් අතර රූපලාවන්‍ය ප‍්‍රශ්නයක් කාලයෙන් කාලයට කාන්තාවකගේ සිරුරේ ස්වාභාවිකව යම් යම් වෙනස් වීම් සිදුවනවා.නමුත් නිසි ප‍්‍රතිකර්ම මගින් එයට පිළියම් යෙදීමට හැකියාව තිබෙනවා.උදරය ඉදිරියට නෙරා ඒමට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ තෙල් සහිත ආහාර සිමාව ඉක්මවා ගැනීම සහ ව්‍යායාම් නොමැති වීමයි. උදරය අඩුකර ගැන්මේ අරමුණින් ව්‍යායාම කිරීමට බොහෝ දෙනකු පෙළඹුනද ඒ සඳහා නිසි අවබෝධයක් ඔවුන් තුළ නොවේ. ඉන් සිදුවන්නේ තමන් විසින්ම තම සිරුර අවලස්සන කර ගැන්මයි. උදරය නෙරා එන විට ඉණ මහත්වෙයි සිහින් ඉඟකට සහ පැතලි උදරයකට ප‍්‍රධාන වශයෙන් අංග තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එනම් උදරයේ විශාල මාංශ පේශි,පැති මාංශ පේශි සහ අභ්‍යන්තර මාංශ පේශීන්ය.
 ව්‍යායාම් වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගන්නට නම් ඉහත සඳහන් පරිදි ඒ පිළිබඳ නිසි උපදෙස් ලබාගත යුතුව තිබේ. උදරයේ මස් පිඩු අඩුකර, පැතලි කර ඉණ සිහින් කරලන සාර්ථක ප‍්‍රතිකර්මයක් ආයුර්වේද හෝමියෝපති ප‍්‍රතිකාරයන්ට අනුකූලව සිදු කෙරෙයි. මෙහිදී මුලින්ම සිදු වන්නේ උදරයේ තෙල් තට්ටුව දියකර හැරීමට කලින් සමෙහි තැන්පත්ව ඇති තෙල් තට්ටුව බුරුල් කර සෙලවෙන තත්ත්වයට පත් කර ගැන්මයි. මේ සඳහා විශේෂ උපකරණයක් යොදාගැනේ ඉන් සිදුවන්නේ සමෙහි තෙල් තට්ටුව බුරුල් කිරීමයි. ඉන්පසු දේශීය ඖෂධ වලින් සකසන ලද තෙල් වර්ගයකින් උදරය සම්භාහනය කිරීමක් සිදු කෙරෙයි මෙය ශරීරයෙන් පිටතට නොව ශරීරය දෙසට ක‍්‍රමාණුකුලව කෙරෙන බොඩි මසාජ් එකකි.  මෙම සම්භාහනයෙන් පසුව විනාඩි විස්සක් ස්ටීම් බාත් එකෙහි රැදවිය යුතුයි. එවිට කලින් ප‍්‍රතිකර්මය මගින් බුරුල් කළ අනවශ්‍ය තෙල් කොටස් හුමාලයෙන් ඉවත් වීමේ කි‍්‍රයාවලිය සිදුවෙයි. ස්ටීම් බාත් එක මගින් සිරුරට වැදෙන හුමාලය මගින් රෝම කුප හොඳින් විවර වී යයි. ඒ සමගින් සිරුරේ විෂ සහිත ද්‍රව්‍ය ද බැහැර වීමෙන් උදරයේ අනවශ්‍ය ලෙස නෙරා ඇති මස් පිඩු අඩු වී යයි. මෙම ප‍්‍රතිකර්මය සතියකට එක් වරක් බැගින් සති හයක් අටක් අතර කාලයක් නොකඩවා සිදු කළ යුතුයි. ඊට අමතරව ශරීරයේ අනවශ්‍ය මහත ඇති තැන් වලට පමණක් අදාළ ව්‍යායාම් අනුගමනය කළ යුතුයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: උදරයේ අනවශ්‍ය නෙරා ඒම වලක්වාලන්නේ මෙහෙමයි Rating: 5 Reviewed By: Unknown