728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

ගත සිත නිවන නිදන කාමරයක්

“ බලන්න පියුමි..... අපේ බෙඩ්රූම් එකේ බිම කිසිම ලස්සනක් නෑනේ. සතියකට සැරයක් පොලිෂ් නොකොළොත් බලන්න කැතැයි. මම හිතාගෙන ඉන්නෙ ලබන මාසේ බෝනස් ලැබුණහම මේ සිමෙන්තිය ගලවලා ටයිල් ටිකක් අල්ලන්නයි. “ “ අදහස නම් හොඳයි කුසල්. ඒත් ටයිල් කරන්න ලොකු වියදමක් යනවා. ඒ වාගේම තමයි ඉක්මනින් අපිරිසුදු වන හින්දා නිතරම පිරිසුදු කරන්න ඕනේ. අනික ලිස්සන ගතියත් වැඩියි.”
සිමෙන්ති ගෙබිම වර්තමානයේ බොහෝ නිවෙස්වල ගෙබිම ලස්සන වැඩි කිරිම සඳහා ටයිල් තෝරා ගත්තද තවමත් වැඩි වශයෙන් උපයෝගී කරගන්නේ සිමෙන්තිය. රතු, කළු සහ සාමාන්‍ය සිමෙන්ති වර්ණය අතරින් ගෙබිම සඳහා වැඩි ඉල්ලුමක් ඇත්තේ රතු සිමෙන්ති සඳහාය. මන්ද රතු සිමෙන්ති ගෙබිම විවිධ පොලිෂ් වර්ගවලින් ඔප දමා සැමවිටම අලුත් පැහැයෙන් තබා ගත හැකි බැවිනි. සාමාන්‍යයෙන් සිමෙන්ති ගෙබිම සඳහා එතරම් මුදලක් වැය නොවන අතර සෝදා ඔප දැමීම තුළින් බොහෝ කාලයක් ලස්සනටත් පිිරිසුදුවටත් තබා ගත හැකිය. පහසුවෙන් සීරීම් ලකුණු ඇති නොවන සිමෙන්ති ගෙබිම ටයිල් මෙන් ලිස්සන සුළු නොවේ.
 පාපිසිබොහෝ ගෘහණියන් තමන්ගේ නිදන කාමරය සඳහා පාපිසි කිහිපයක්ම භාවිතා කරනු පෙනේ. කාමරයට ඇතුළු වන දොර ළඟට, ඇඳ අසළට, නාන කාමරයට ඇතුළු වන ස්ථානයට ආදී වශයනේ පාපිසි හතරක් පහක් එක කාමරයක දක්නට ලැබේ. සාමාන්‍යයේන් කාමරයකට එතරම් පාපිසි ප‍්‍රමාණයක් අවශ්‍ය නොවේ. ඇතුළු වන දොර අභියසටත්, නාන කාමරයේ දොර ළගටත් පාපිසි අවශ්‍යමයි. එමගින් කාමරය වඩාත් පිරිසුදුව තබා ගන්නට අවස්ථාව ලැබෙයි. නිදන කාමරයක් තුළ පාපිසි කිහිපයක් දැමීම තුළින් ඔබ අදහස් කරන්නේ කාමරය තුළ කුණු, දුවිලි ඇති බවකි. එබැවින් පාපිසි දෙකක් පමණක් ඔබේ නිදන කාමරයට තෝරා ගතයුතු අතර එයද පහසුවෙන් ලිස්සා නොයන, කුණු, දූවිලි රැෙඳන, පිරිසුදු කිරීමට පහසු, එකම වර්ණයක හෝ එකිනෙකට ගැළපෙන වර්ණ රටාවකින් තෝරා ගැනීමට වගබලා ගන්න.
සිවිලිම නිදන කාමරයේ ගෙබිම මෙන්ම සිවිලිම ද වඩාත් වැදගත් වන්නේ එමඟින් කාමරයේ පෙනුම වෙනස් කළහැකි බැවිනි. විශේෂයෙන්ම ඉඩකඩ සීමිත තරමක් කුඩා නිදන කාමරයක සිවිලිම නිර්මාණය කළ යුත්තේ වහළයේ ආනතියටමය. මන්ද එමඟින් කාමරයේ උස් බවක්, වැඩි ඉඩකඩක් පෙන්වන බැවිනි. ඔබේ නිදන කාමරයේ සුදු වර්ණය ආලේප කර ඇත්නම් ඉහත සඳහන් ආනතිය සමඟ වූ සිවිලිම සඳහා වෙනත් වර්ණයක් ආලේප කිරීම තුළින් මනා පෙනුමක් ලබාගත හැකිය. මෙහිදී සුදු පැහැති පසුබිමට නිල් පැහැති වර්ණයක් යෙදීම මත සුන්දර අහසක සිරියාව ඔබේ කාමරයට රැගෙන එයි. සිවිලිම සඳහා බොහෝ දෙනෙකු විවිධ අමුද්‍රව්‍ය යොදා ගනියි. ලී, ජීප්සන් බෝඩ්, මෙටල් ෂීට් ආදි වශයෙන් විවිධ අමුද්‍රව්‍ය අද වෙළෙඳ පොළේ දක්නට ඇති අතර වහලයේ පරාල පෙනෙන ආකාරයට සකස් කරන සිවිලිම දැන් නවතම විලාසිතාවක් වී තිබේ. සාමාන්‍යයෙන් නිදන කාමරයක සිවිලිම සඳහා මල්, කැටයම් වැනි විවිධ මෝස්තර එතරම් නොගැළපෙන අතර සරල චාම් බව වඩාත් සුදුසුය. තම වත් පොහොසත්කම් පෙන්වීම සඳහා බොහෝ පිරිසක් විවිධ මෝස්තර, කැටයම් සිවිලිම සඳහා භාවිතා කළ ද එය නිදන කාමරයේ සැනසිලිදායක බවට හිරිහැරයකි. මන්ද නිදන කාමරය සැමවිටම සංකීර්ණ බවින් තොර නිවී සැනසෙන ස්ථානයක් විය යුතු බැවිනි.
චම්පා වරුසප්පෙරුම
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගත සිත නිවන නිදන කාමරයක් Rating: 5 Reviewed By: Unknown