728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

අසහනකාරි හන්දිවේදිනාවන්ට සහනය


හන්දිවේදිනාවන්ගෙන් පීඩා විදින අය සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. වයසට යාමත් සමඟම ඇතිවන රෝග තත්ත්වයක් වශයෙන් ඔබ ඇතැම් විට මේ ගැන සිතා සිටියත් තරුණ වියේ අය අතර පවා හන්දි වේදනාවෙන් පෙළෙන අය නැතුවා නොවේ. සමහර අයට මෙය එදිනෙදා වැඩකටයුතු වල යෙදීමට පවා අසීරු වන ආකාරයෙ බලපෑම් ඇති කරන රොග තත්ත්වයක් දිගින් දිගටම පවතින හන්දි වේදනාව කෙසේවත් නොසලකා සිටිය යුතු තත්ත්වයක් නම් නොවෙයි.ඇතැම් විට මේ සඳහා තාවකාලිකව වේදනා නාශකයකින් පමණක් සහනයක් ලබාගත හැකි වුවත් නැවත නැවතත් මෙහි පීඩා කාරි බව පෙරසේම ඇතිවිය හැකියි. මෙහිදී ප‍්‍රතිකාර වලට යොමුවීම මෙන්ම හන්දිපත් වේදනාව ඇතිවීම කෙරෙහි බලපාන හේතු සාධක සහ ඉන් වැළකී සිටිය යුත්තේ කෙසේ ද යන්න ගැනත් දැනුවත්ව කටයුතු කිරීම වැදගත් හන්දි වේදනාව හටගන්නේ අස්ථි දුර්වල වීම නිසයි. අස්ථී ගෙවීමට ලක් වූ විට අස්ථි අතර සම්බන්ධතාවය ගිලිහී යන අතර ඒ හේතුවෙන් ශරීරයේ ඕනෑම තැනක වේදනාවක් ඇති වන්නට පුළුවන්. විශේෂයෙන්ම දණහිස් අමාරු වළලුකර වේදනා කොඳු ඇට පෙළ සහ අත්පා වල වේදනා බහුලව ඇතිවිය හැකි තත්ත්වයක්.
 හන්දි වේදනාව ඇතිවීම පටන්ගත් විට එහි මුල් අවධීයේම නිසි ප‍්‍රතිකාර ගැන්මට යොමුවීම වඩාත් වැදගත් වනවා. කල්ගත වුවහොත් මින් ඇතිවන අපහසුතාවයන් දැඩි වන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම ප‍්‍රතිකාර කළයුතු කාලසීමාවද දීර්ඝ වන්නට පුළුවන්. මෙහිමුල් අවධියේදීම ප‍්‍රතිකාර ලබා ගැන්ම අවශ්‍ය වන්නේ මේ නිසයි. ඔබ හන්දිපත් වේදනාවෙන් පෙළෙන අයකු නම් ඔබේ සිරුරෙහි අනවශ්‍ය මහත, බර අඩු කර ගැන්මද ඉතා වැදගත් වනවා. ශරීරයේ මහන සහ බර වැඩිවන විට එය හන්දිවේදනා ඇතිකරවීමට හේතුවන බව ද සැලකිය යුතුයි. ස්ථුලශරීර ඇති අය සහ බරින් වැඩි අය වැඩි වශයෙන් මේ රෝගයට ලක්වෙනවා. එම නිසා ශරීරයේ අනවශ්‍ය මහත බර අඩුුකර ගනිමින් ශරීරය සැහැල්ලු කර ගන්නට උනන්දු වන්න. ශරීරයේ අනවශ්‍ය තෙල් කොටස් ඉවත් වූ විට බර අඩු වන අතර හන්දිපත් වේදනා සඳහා ප‍්‍රතිකාර කිරීමේදී එය පහසුවක් වෙයි. විශේෂයෙන්ම මෙවන් රෝගීන් කැල්සියම් බහුල ආහාර ලබාගැන්ම අවශ්‍යයි. හන්දි වේදනාව සඳහා සිදුකෙරෙන ප‍්‍රතිකර්ම අතර නිල තෙරපීමෙන් සිදුකරන චීන කටු චිකිත්සාව ඉතාමත් සාර්ථක ප‍්‍රතිපල අත්කර දෙන බවට අත්දැකීම් තිබෙනවා. අප මෙහිදී චීනකටු චිකිත්සාව වශයෙන් හදුන්වනු ලබන්නේ යැං යං සංකල්පයට අනුව ශරීරය සමබර කිරීමයි. ශරීරයේ යම් වේදනාවක් ඇත්නම් එම වේදනාවට අදාළ නිලය තෙරපීම පමණක් මෙහි දී සිදු කෙරෙයි. එමෙන්ම ලේ ගමනාගමනය ක‍්‍රමවත් කර ශරීරයේ වේදනාවන් සමනය කරයි. දෙපාවල නහර ගැට ගැසීම වැනි තත්ත්වයන් මතුපිටින් කපා ඉවත් කිරීමකින් තොරව චීන කටු චිකිත්සාව සහ හෝමියෝපති ඖෂධ මගින් සුව කරලිය හැකියි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අසහනකාරි හන්දිවේදිනාවන්ට සහනය Rating: 5 Reviewed By: Unknown