728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

අනවශ්‍ය රෝම ඉවත් කිරිමට බොහෝ පරිස්සමින් කල යුතුයි


වැඩිවියට පත්වීමත් සමගම සිරුරෙහි රෝම වර්ධනය වීම සාමාන්‍යයි. නමුත් සිරුරෙහි අනවහ්‍ය ලෙස රෝම වැඩීමක් දක්නට ලැබෙනවා නම් එය කාන්තාවකගේ රූපගාවන්‍යයට බාධාවක්වන තරමට මතුවී පෙනෙනවා නම් එම තත්ත්වය අනවශ්‍ය රොම වර්ධනයක් ලෙස සලකන්නට පුළුවන්. වර්තමානයේ මෙම ශාරීරික සංකූලතාවය බොහෝ කාන්තාවන්ට ප‍්‍රශ්නයක් වෙලා. මේ නිසාම අද අනවශ්‍ය රෝම ඉවත්්කර ගැන්මට විවිධ පිළියම් සොයා යන යුවතියන් සහ කාන්තාවන්් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්නවා. අනවශ්‍ය ලෙස රෝම ඇති වන්නේ ඇයි ? රූපලාවන්‍ය ක‍්‍රම මගින් අනවශ්‍ය රෝම ඉවත් නර ගැන්ම මෙයට සාර්ථක පිළියමක් ලෙස සැලකිය හැකිද? ඔබටත් මෙය ප‍්‍රශ්නයක් නම් ඒ පිළීබඳ වෛද්‍ය විමසුමට ලක් වූ මෙම කරුණු ඔබට දැනුවත් බවක් ගෙන දේවි.
* අනවශ්‍ය ලෙස රෝම වැඩෙන්නේ ඇයි ? මෙයට හේතු ගණනාවක් තිබෙනවා. බොහෝ විට ආසියාතිකයින්ගේ තමන්ගේ ජාතියක් හැටියට නැත්නම් ජාන වලින් ශරීරයේ විවිධ තැන්වල රෝම වැඩියෙන් දක්නට ලැබෙනවා. මීට අමතරව සමහර පවුල්වල අයගේ මුහුණේ රෝම වැඩීමක් දක්නට පුළුවන්. එමෙන්ම යම් යම් රෝග තත්ත්වයන් නිසාද සමහරුන්ගේ මුහුණේ රෝම වැඩෙන අවස්ථා තිබෙනවා. පොලිසිස්ටික් ඕවරි කියන සංකුලතාවය එනම් ගර්භාශය තුළ කුඩා ගැටිති වීමෙන් ඇතිවන රෝග තත්ත්වයක් තිබෙනවා. මෙම රෝග අවස්ථාවේදී මුහුණේත් ශරීරයේත් රෝම හටගන්නට පුළුවන්. මේ නිසා විශේෂයෙන්ම කාන්තාවක ගේ රෝම නොවැඩෙන තැන්වල පවා රෝම වර්ධනය වීමේ අවදානමක් පවතිනවා. එමෙන්ම ඩිම්බ කෝෂ ආශි‍්‍රතව හටගන්නා සමහර රෝග නිසාත් මෙවන්්තත්ත්වයන් ඇති විය හැකියි. විශේෂයෙන්ම මේ ග‍්‍රන්ථියේ ඇතිවිය හැකි පිළිකා සහ ගැටිති නිසාද සමහරවිට ග‍්‍රන්ථියේ හෝමෝන ස‍්‍රාවය වැඩිවීමෙන් රෝම වර්ධනය වීමට ඉඩ තිබෙනවා. මෙවැනි හේතු මත රෝම හටගැන්ම වේගවත් වන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවකදී අනවශ්‍ය රෝම ඉවත් කර දැමීමේ වශ්‍යතාවයක්මතු වෙනවා නේද?
 ඔව්, රෝම වැඩියෙන් වැවී තිබෙන අයට ඒවා ඉවත් කිරීම අවශ්‍යයි. හේතුව එය රූපලාවන්‍ය වශයෙන් කාන්තාවකගේ පෙනුමට බාධාවක්වන නිසයි. මෙම රෝම ඉවත් කර ගත හැකි විවිධ උපක‍්‍රම තිබෙනවා. එය තාවකාලික සහ ස්ථීර ක‍්‍රම වශයෙන් හඳුන්වන්නට පුළුවන්. තාවකාලික කුම අතරින් ප‍්‍රධාන ක‍්‍රම තුනක් තිබෙනවා. ඉන් එකක් නම් ෂේවින් කිරීමයි. එනම් රේසරයක ආධාරයෙන් රෝම ඉවත් කිරීමයි. දෙවැනි කුමය ත්‍රෙඩින් කිරීමයි. තෙවැන්න වැක්සින් කිරීමයි. මෙම ක‍්‍රම තුනෙන්ම රෝම කූපයට කිසිම හානියක් නොවී රෝම ඉවත් කිරීමේ ක‍්‍රමය වන්නේ ෂේවින් කිරීමයි. නමුත් මේ සඳහා රේසරය භාවිතා කරන විට පරෙස්සම් විය යුතුයි. රෝම ඉවත් කිරීමේ දී රේසරය පාවිච්චි කළ යුත්තේ රෝම වැඩී තිබෙන දිසාවේ සිට ඉහළටයි. එනම් උඩ සිට පහළටයි .රෝම වැඩී තිබෙන පැත්තෙන් විරුද්ධ දෙසට රේසරය පාවිච්චි කිරීමෙන්් රෝම කූපවල විවරයන්ගේ තුවාල ඇති වී විවිධ ආසාදන තත්ත්වයන් පවා ඇතිවන්නට පුළුවන්.
 * ත්‍රෙඩින් සහ වැක්සින් කිරීම රෝම ඉවත් කිරීම සඳහා යොදාගැනෙන සාර්ථක ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිද? ත්‍රෙඩින් සහ වැක්සින් කිරීම වෛද්‍ය විද්‍යාවේදී අනුමත කරන්නේ නම් නැහැ. එයට හේතුව මෙම කුම දෙකේ දී සිදු කෙරෙන්නේ අධීක බලයක් යොදා රෝමය රෝම කූපයෙන් බලහත්කාරයෙන් ගලවා ඉවත් කිරීමයි. රෝමය කියන්නේ සමේ තිබෙන වැදගත් ඉන්ද්‍රිකාවක්. මෙය සමේ තිබෙන ලේ නහර මගින් පෝෂණය වෙමින් වැඩෙන ඉන්ද්‍රිකාවක්. එය ඉහත කී ආකාරයට තුවාල කර ගැලවීමෙන් විවිධ සංකුලතා රැසක් ඇතිවිය හැකියි. එම නිසා රෝම ඉවත් කිරීම සඳහා දිගු කාලීන වශයෙන් ත්‍රෙඩින් සහ වැක්සින් ක‍්‍රම යොදා ගැන්ම සුදුසු බව අප නිර්දේශ කරන්නේ නැහැ.මේ නිසා රෝම ඉවත් කිරීම සඳහා ශරීරයට ඉතාමත් හිතකර ක‍්‍රමය ලෙස සදහන් කළ හැක්කේ ෂේවින් කිරීමයි.
 *අනවශ්‍ය රෝම ස්ථිර වශයෙන්ම ඉවත් කළ හැකිද? ස්ථිර ක‍්‍රම දෙකක් තිබෙනවා. මෙහිදී ප‍්‍රධාන වශයෙන් දැක්විය හැකි පළමු වැනි ක‍්‍රමය නම් ඉලේක්ටෙ‍්‍රාලයිසිස් ක‍්‍රමයයි. රෝම ස්ථිර වශයෙන්ම ඉවත්කර දැමීමට මෙම ඉලෙක්ටෙ‍්‍රාලයිසිස් ක‍්‍රමය යොදාගත හැකියි. නමුත් මෙමගින් රෝම ඉවත් කළ විට කළු පාට ලප හෝ තිත් වශයෙන්් හෝ කැළැල් ඇති වීම වැනි ගැටලු මතු වන්නට පුළුවන්. නමුත් ලේසර් ප‍්‍රතිකාරය සොයා ගන්නට කලින් යොදාගත්තේ ඉලෙක්ටෙ‍්‍රාලයිසිස් ක‍්‍රමයයි. අද වන විට රෝම ඉවත්කර දැමීමේ නවතම ක‍්‍රමයක් වශයෙන් ලේසර් ප‍්‍රතිකාරය සොයාගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අරක්‍ෂා සහිත ක‍්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එමෙන්ම කිසිදු ලපයක් කැළලක් නොමැතිව මෙමගින් රෝම ඉවත් කළ හැකියි.  මෙමගින් 98% ක් හෝ 97% ක් වැනි ප‍්‍රමාණයකට රෝම ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. මෙහි ප‍්‍රතිඵල ඉතා හොඳයි ශරීරයට හානියක් නෑ. එහෙත් මේ සඳහා ලොකු මුදලක් ගෙවිමට සිදුවෙනවා. අතනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී වඩාත් කල්පනා කාරීවිය යුත්තේ සිරුරට හානියක් නොවන පරිදි ආරක්‍ෂිත ක‍්‍රමයක් අනුගමනය කිරීමයි.
මංජුලා මල්කාන්ති
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අනවශ්‍ය රෝම ඉවත් කිරිමට බොහෝ පරිස්සමින් කල යුතුයි Rating: 5 Reviewed By: Unknown