728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

කවුරුත් ප‍්‍රිය පිනි ජම්බු


අප රටට ආවේණික නොවුවත් අද අප රටේ සෑම නිවසකම දැකිය හැකි විශේෂයෙන් දුවලා පුතාලගෙ ප‍්‍රියතම පලතුරක් වූ රට ජම්බු හා පිනි ජම්බු වශයෙන් වර්ග දෙකක් දක්නට ඇත. ඉන් වැඩි වශයෙන් ළමයි ප‍්‍රිය මනාප පිනි ජම්බුවලටයි.මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් තරම් උස් ප‍්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙන අතර මීටර් 6 - 7 පමණ උසට වැඩේ.ජම්බු ගසේ මව් බිම ජාවා රට වූ අතර, අන්දමන් දූපත්, මලයාසියාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල විශාල වශයෙන් ව්‍යාප්තව ඇත. ජම්බු ගසේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර දෙළුම් ඇටයකට තරම් වූ මෙම බීජය සුදු පාට සිවියකින් වැසී පවතින අතර, බීජයේ ඇතුළත කොළ පාටින් යුක්ත වේ. වළවල් කපා බීජ තවාන් කිරීමෙන් හෝ පොලිතින් මලුවල සිටවීමෙන් පැළ ලබා ගැනීමට හැකි වේ.සාරවත් පසක සිට වූ මෙම ශාකයේ වර්ෂ 03 ක දී ඵලදාව හට ගැනීම සිදු වේ. වර්ෂයකට දෙවතාවක් ඵලදාව හට ගන්නා අතර, මාර්තු මාසයේ සිට මැයි කාලය පළමු වැන්නයි. පොකුරු වශයෙන් හැදෙන ජම්බු ඉදුණු පසු දින තුනක් හතරක් වැනි සුළු කාලයකින් බිමට හැලී යයි.මෙම ගසේ කඳ ඉතා ශක්තිමත් වුවත් වැඩකට ගැනීමට හැකි පරිදි නොවැඩේ.
ජම්බු මල සුදු පාටින් යුක්ත වන අතර මි. මී. 02 පමණ දිගැති වට පෙති 4 කින් සමන්විත වේ. මල් පොකුරු වශයෙන් හට ගැනීම සිදු වේ. මෙම පියලි සතර එකතු වී ගෙඩියක් හට ගැනීම සිදුවන අතර කුහුඹුවන්ගේ තාවකාලික නිවසක් බවට පත් වේ. ජම්බු ගෙඩිය කුඩා අවදියේ සුදු පාටින් යුක්ත වන අතර, ගෙඩිය මෝරා වැඩෙන විට රෝස පැහැයටත්, අනතුරුව රක්ත වර්ණයටත් හැරීම ස්වභාවිකව සිදු වේ. ජම්බු සාමාන්‍ය වශයෙන් දිලිසෙන ගතියෙන් ද යුක්ත වන අතර, කොටස් දෙකකින් සමන්විත වේ. එනම් මාංශය මෘදු වන අතර මොළොක් බවින් යුක්තය. ජම්බු ගෙඩියේ හරි මැද බීජ එකක් හෝ දෙකක් හට ගන්නා අතර සමහර ගෙඩිවල බීජ හටනොගනී.ඇඹුල් රසයක් මිශ‍්‍ර පැණි රසැති ජම්බු පලතුරක් ලෙස කෑමේ දී ඉවත් කළ යුතු වන්නේ බීජය පමණි. පැසුණු ගෙඩි එළවළු ව්‍යංජනයක් වශයෙන් ඉතා රසවත් වන අතර ඉදුණු ජම්බු ගෙඩි වලින් ජෑම් සෑදීමට ගනු ලබයි. විශේෂයෙන් අමුවෙන් කෑමට ලොකු කුඩා සැම දෙනා ඉතාම ප‍්‍රියතාවයක් දක්වයි.
ජයසේන දෙදිවලගේ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කවුරුත් ප‍්‍රිය පිනි ජම්බු Rating: 5 Reviewed By: Unknown