728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

හෝඩියේ කතන්දරේ


හැන්කුල් හෝඩියහැන්කුල් හො හැන්ගුල් නමින් හඳුන්වනු ලබන කොරියානු හෝඩිය නිර්මාණය වීමට පෙර කොරියානු ජාතිකයින් විසින් භාවිතා කරනු ලැබුවේ චීන අක්ෂරයි. නමුත් මෙම අක්ෂර භාවිතා කර ලේඛන කටයුතු කිරීමට හැකි වූයේ හොඳීන් උගත් අයට පමණි. මෙම ප‍්‍රශ්නය ගැන සිතූ 15 වන සියවසේ දී එරට රජ කළ යි රාජ වංශයේ සේ ජොං රජු නව හෝඩියක් නිර්මාණය කළේය. එහි අක්ෂර 28 ක් විය. මෙය ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි වූ සරල හෝඩියක් නිසා ඇතැම් විද්වතුන් මෙය ’AMKUL’  (එනම් කාන්තාවන්ගේ අක්ෂර) නමින් හඳුන්වා එය ප‍්‍රතික්ෂේප කරන්නට වූහ. මේ නිසා වසර 400 ක් ගත වූ පසුව මෙය රාජ්‍ය ලේඛන සඳහා ද භාවිතා කරන නිල හෝඩිය ලෙස ස්ථාපිත කිරීමට හැකි විය. මෙයින් අක්ෂර 24 ක් අදටත් භාවිතා වේ. 14 ක් ව්‍යංජන අක්ෂර වන අතර 10 ක් ස්වර වේ. හැන්කල් හෝඩිය නිර්මාණය කිරීමට උපකාරී වූ ඇතැම් විද්වතුන් පැවසූයේ ඥානවන්තයාට එක් උදෑසනකින් මේ හෝඩිය උගත හැකි බවත්, අඥානවන්තයට දවස් දහයකින් උගත හැකි බවයි. මේ නිසාම උදෑසන අක්ෂර ’ACHIMGULලෙස හඳුන්වන ලදී.
බ්රේල් හෝඩියප‍්‍රංශ ජාතික අන්ධ පුද්ගලයෙකු වූ ලුවී බ්රේල් විසින් 1824 දී අන්ධ පුද්ගලයින් සඳහා අක්ෂර මාලාවක් නිර්මාණය කළේය. මෙය බ්රේල් අක්ෂර මාලව ලෙස හඳුන්වනු ලැබේ. බ්රේල් ඝනැති කොළයක තිත් හයක් සලකුණු කළේය. එය ’කුඩා තුඩුව’ ලෙස ඔහු නම් කළේය. මේ තිත් හය අංක එකේ සිට හය දක්වා අංක ලබා දුන්නේය. ඉන් පසු ඔහු ඔහුගේ උල් කටුව ගෙන අංක එකෙහි තිත සිදුරු කළේය. ඔහු එය ඒ ලෙස නම් කළේය. මේ ලෙසින් ඔහු Z දක්වා අකුරු නිර්මාණය කළේය. ඇඟිලි තුඩු වලින් මේ උඩට මතු වූ අකුරු ස්පර්ශ කර ඉගෙන ගත හැකි ලෙස මේ හෝඩිය සැකසුණි.
මෝර්ස් සංඥා හෝඩිය1837 දී ඇමරිකානු ජාතික සැමුවෙල් මෝර්ස් විසින් ටෙලිග‍්‍රාෆ් පණිවිඩ ක‍්‍රමය සොයා ගත්තේය. නමුත් මේ මගින් ශබ්ද මිස වචන සම්පෙ‍්‍ර්ෂණය කිරීමට නොහැකි විය. මේ නිසා මෝර්ස් විසින් දීර්ඝ ශබ්ද (කෙටි ඉරි) සහ කෙටි ශබ්ද (තිත්) ඇසුරින් හෝඩියක් නිර්මාණය කළේය. ඒ සිට Z දක්වා ඇති මෙම හෝඩිය මෝර්ස් සංඥා හෝඩිය ලෙස හඳුන්වයි.
ධජ සංඥා ක‍්‍රමයඅතේ දිග ප‍්‍රමාණයට සැකසූ කුඩා කොඩි විවිධ දිශාවට විවිධ හැඩවලට වැනීමෙන් පණිවිඩ සකසන ක‍්‍රමයකි. මෙය පෙනෙන නමුත් කියන දේ පැහැදිලිව ඇසෙන තරම් දුරින් නොමැති අවස්ථාවල භාවිතා කරයි. එහි දී ද ඒ සිට Z  දක්වා ධජ හෝඩියක් භාවිතා වේ. මෙය වැඩි වශයෙන් භාවිතා කරන්නේ නාවිකයන්, ජීවිතාරක්ෂකයින් සහ බාලදක්ෂයින් විසිනි.
සංඥා හෝඩියගොළු සහ බිහිරි අය සඳහා 16 වන සියවසේ දී පමණ පළමුුවරට මෙම සංඥ හෝඩිය නිපදවන ලදී. මෙහි දී අත් ඇඟිලි භාවිතයෙන් හස්ත මුද්‍රාවලින් සංනිවේදන කටයුතු කරයි.සංඥා හෝඩි දෙවර්ගයක් වේ.1. එක් අතක් පමණක් භාවිතා කරන මේ හෝඩිය 18 වන සියවසේ දී ඇබේඩේ එපේ විසින් නිපදවන ලදී.2. අත් දෙකම භාවිතා කරන මේ ක‍්‍රමයට 1680 දී ඇබර්ඩින් හි ජෝර්ජ් විසින් ප‍්‍රකාශයට පත් කරන ලද අත් හෝඩිය පදනම් විය.
ලඝු ලේඛන හෝඩියකතා කරන වචන ඉතා වේගයෙන් සහ කෙටියෙන් ලිවීමේ ක‍්‍රමය ලඝු ලේඛනයයි. නූතන ලඝු ලේඛන හෝඩි අතර පිටමෑන් ලඝු ලේඛන ක‍්‍රමය, ග්‍රෙග් ලඝු ලේඛන ක‍්‍රමය ලොව වඩාත් ප‍්‍රචලිත ක‍්‍රම දෙක ලෙස බහුලව භාවිතා වේ. ඉරි කැබලි හා විවිධ කෙටි සංකේත භාවිතයෙන් ලඝු ලේඛන හෝඩිය සෑදී තිබේ.







  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හෝඩියේ කතන්දරේ Rating: 5 Reviewed By: Unknown