728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

රසැති පෙයාර්ස්


ලොව අනර්ගතම පලතුරක් වන ඇපල්වල මෙන්ම පෝෂ්‍ය ගුණ මහිමයෙන් හෙබි පෙයාර්ස් ඉතා රසවත් පලතුරකි. මුහුදු මට්ටමේ සිට උස අඩි 4000 කට වඩා උස් ප‍්‍රදේශවල ඉතා සාර්ථක වගාවක් ලෙස වගා කෙරෙන අතර පෙයාර්ස් සඳහා බාධාවක් ඇත්නම් ඒ අධික වර්ෂාව හා සුළඟයි. වර්ෂාව අඩු හා සාමාන්‍ය වියළි ප‍්‍රදේශවල ගස් නිරෝගීව වැඩීමට හා වැඩි පලදාවක් ඇතිකර ගැනීමට හේතු වේ.මැයි, ජුනි හා ජුලි මාසවල හටගන්නා තද සුළං මගින් ගෙඩි හැලීම හා ගස්වල අතු කැඩීම තුළින් වගාවට හානි සිදුවන බැවින් සුළං බාධක සකස් කළ යුතු වේ. පෙයාර්ස්වල ප‍්‍රභේදයන් ඇති අතර දේශීය පෙයාර්ස් වර්ග ඉදුණු පසු කහ පාටින් යුක්ත කොළ පැහැයක් ගනී. තවද දුඹුරු පැල්ලම් හට ගන්නා අතර අඩු රසයකින් යුක්ත වේ.උඩරට අන්තර් කලාපවල ඉතා සාර්ථකව වගා කළ හැකි රහංගල පෙයාර්ස් ඉදුණු විට දුඹුරු පැහැයෙන් යුක්ත වූ  අතර ගෙඩියේ දුඹුරු පැල්ලම් හටගනී. පෙයාර්ස් වගාව අප රටට දායාද කරන ලද්දේ 1812 න් පසු අප රටට පැමිණි ඉංග‍්‍රීසීන් විසිනි. පසුගිය කාල පරිච්ඡේදය තුළ අක්කර 200 - 300 අතර ප‍්‍රමාණයක් නුවරඑළිය ප‍්‍රදේශයේ වගා කර ඇති අතර, 1978 හමාගිය සුළි සුළඟින් ලෙඩ රෝග පැතිර යෑම නිසා පෙයාර්ස් වගාව විනාශවීමට පටන් ගෙන ඇත.
සාර්ථක වගාවක වර්ධනයක්වීම සඳහා ගැඹුර මීටර් 2 ක් වූ විහිදෙන සාරවත් පසක් තිබීම වැදගත් වේ. හොඳ ජල වහනයක් මීටර් 2 - 3 පිහිටි පොළොව යටින් තිබීම වැදගත් වන අතර, රතු පස හා පොඕසොලික් පස තිබෙන ප‍්‍රදේශවල පෙයාර්ස් වගාව පැතිර පවතී. පේළි අතර මීටර් 4 ක් ද, පේළිය තුළ (පැළ අතර) මීටර් 3 ක්ද පමණ තිබීම වැදගත් වේ. මේ අයුරින් කපා ගන්නා ලද වළවල් කාබනික පොහොර යොදා තිබීමෙන් පසු වර්ෂාවත් සමග සැප්තැම්බර් හා ඔක්තෝබර් පැළ සිටුවීමට සුදුසුම කාලය වේ. තවද අපෙ‍්‍ර්ල් හා මාර්තු මාසවල ද පැළ සිටවිය හැක. හෙක්ටයාර් එකක් සඳහා පැල 700 ක් පමණ අත්‍යවශ්‍ය වේ.පෙයාර්ස් පැළ සිටවීමට පෙර කොම්පොහොස්ට් පොහොර කිලො 8 - 10 ක් පමණ දැමිය යුතු අතර, රසායනික පොහොර මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 225 ක් දමා පස කලවම් කර සතියකට පසුුපැළ සිටවීම සුදුසු වේ. රසායනික පොහොර මාස 6 කට වරක් යෙදිය යුතුය. එමෙන්ම හොඳින් ශාකය සඳහා තෙතමනය අවශ්‍ය වේ.මෙහි දී වැදගත් වන කරුණු අතර මෙම ශාකයට වැළඳෙන රෝග පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ. එනම් කබළු රෝගය, රක්ත පටල රෝගය, කුඩිත්තා සහ පලතුරු මැස්සා මගින් පෙයාර්ස්වලට වැළඳෙන රෝග පීඩා වලින් ලංකාවේ පෙයාර්ස් සඳහා 1978 දී හමා ගිය සුළි සුළඟින් බෝ වූ වෙන්චුරියා නම් රෝගය ඉක්මනින් පැතිර යෑම නිසා පෙයාර්ස් වගාවට මහත් හානි සිදු වී ඇත. නුවරඑළිය සහ මහනුවර ප‍්‍රදේශවල අක්කර 200 - 300 අතර ප‍්‍රමාණයක් වගාකර තිබී ඇත.ඇපල්වල අඩංගු ඒ හා සමාන පෝෂ්‍ය පදාර්ථ පෙයාර්ස්වල ද ඇත. දළ වශයෙන් ජලය මි. ලී. 85 ක කැලරි මි. ලී. 56 පෙ‍්‍රීටීන් මි. ලී. 0.2 ක් පමණ ද පිෂ්ටය 06 ක්ද කාබොහයිඩ්‍රේටි මි. ලී. 14 ක් පමණ ද විටමින් ඒ, 1.8 ක් ද විටමින් සී. මි. ලී. 16, කැල්සියම් මි. ලී. 0.9 පොස්පරස් මි. ලී. 1.2 ක් පමණ ද තිබේ.
ජයසේන දෙදිවලගේ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රසැති පෙයාර්ස් Rating: 5 Reviewed By: Unknown