728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

ගත සිත පුබුදුන වැල්දොඩම්


අද පවතින ආර්ථික රටාවට ආධාරකයක් වෙමින් කුඩා ඉඩමක් වුවද ආදායම් ගෙනෙන ස්වයං රැකියාවක් වශයෙන් ද යෙදිය හැකි පහසු වගාවක් මෙන්ම පලතුරක් ඇත්නම් වැල්දොඩම් හෙවත් පැෂන් පෘට් ලෙසින් හැදින්විය හැක. විශේෂයෙන් තෙත් කලාපයේ බහුල වශයෙන් වගා කෙරෙන අතර වියළි කලාපයේදී ජලය සැපයීම අත්‍යවශ්‍ය වේ.වැල්දොඩම් පැසිප්ලොරේයි කුලයට අයත් වන අතර පැසිප්ලෝරා එඩියුලිස් යන උද්භිද විද්‍යාත්මක නමින්ද හඳුන්වනු ලැබේ. මෙම ශාඛයේ නිජබිම බ‍්‍රසීලය ලෙස සැලකේ. වැල්දොඩම් සඳහා දේශීය හා විදේශීය ආදායම් උපයමින් රටේ ආර්ථිකයට මහත් සහනයක් ලබාදෙයි. වර්ෂය පුරා පැතිරුණ වර්ෂාව තිබීම නිසා තෙත් කලාපය වැල්දොඩම් වගාවට ඉතා උචිත වේ. කළුතර කොළඹ යන දිස්ති‍්‍රක්ක හා ගම්පහ දිස්ති‍්‍රක්කයේ බහුල වශයෙන් ද කුරුණෑගල, මහනුවර සහ බදුල්ල යන ප‍්‍රදේශවල සුළු වශයෙන්්ද වගා කෙරේ. තවද නිර්දේශිත ප‍්‍රභේද තුන් වර්ගයක් වගා කිරීම සඳහා නිර්දේශ කර ඇත. ඉන් කහ පැහැති ප‍්‍රභේද (වර්ගය) පහත රට තෙත් ප‍්‍රදේශය හා වියළි කලාපය සඳහා නිර්දේශ කර ඇත. වැල් දොඩම් ගෙඩි විශාල වන අතර ග‍්‍රෑම් 60 – 90 පමණ වේ. තවද මෙම යුෂයේ සීනි අඩු බැවින් වැඩි වශයෙන් පරිභෝජනයට ගනු ලබයි. දම් පැහැති වර්ගය ග‍්‍රෑම් 35 – 50 වන අතර, ගුණාත්්මක භාවයෙන් වැඩිවේ.
රහන්ගල, දෙමුහුම කහපාට හා දම්පාට එකතුකර රෝස පාටින් යුක්තව වැල්දොඩම් වර්ගය නිෂ්පාදනය කර ඇති අතර ගුණාත්මක බාවයෙන් ද වැඩි වන මෙම වර්ගය කන්ද උඩරට ප‍්‍රදේශයේ වගා කිරීමට ඉතා සුදුසු වේ.වැල්දොඩම් සිටවීමට අවශ්‍ය පැළ ලබාගැනීම බීජ මගින් හා අතු කැබලි පැළ කර ගැනීම තුළින් සිදුවන අතර බද්ධ කිරීමද සිදු කරනු ලබයි. දළ වශයෙන් වසරකදී වැල් දොඩම් වැලකින් ගෙඩි 600 ක් පමණ කඩා ගැනීමට හැකිවේ. බීජ කිලෝ ගෑම් 500 යක් ලබාගැනීම සඳහා වැල් දොඩම් ගෙඩි 175 ක් පමණ අවශ්‍ය වේ. එහි බීජ 8000 ත් 10000 පමණ ප‍්‍රමාණයක් ඇත. මෙම බීජ පැළ වීම සඳහා සති තුනක පමණ කාලයක් ගතවේ.වැල් දොඩම් දඬු කැබලි පැළ කිරීමේදී, පොලිතින් මලුවල සිටවීම තුළින් පැළ කරගත හැක. පැළ සිටවීමේදී සෙන්ටි මීටර් 20 – 25 පමණ පැළ උස ගිය පසු සිටුවීම සිදු කළ යුතුය. මීටර් 4 – 5 දුරින් වළවල් සකස් කළ යුතු අතර පේළි අතර මීටර් 2 පමණ ද, විය යුතුය. අක්කරයක් සඳහා සාමාන්‍ය වශයෙන් පැළ 450 ක් පමණ සිට විය යුතුවේ. සෑම පැළ දෙකක් අතරම ශක්තිමත් කණු සිටුවා කම්බි ඇදීමෙන් වැල්දොඩම් වැල් ගමන් කරවිය හැක. සෙන්ටි මීටර් 60 දිග සෙන්ටි මීටර් 30 ක් පළල සෙන්ටි මීටර් 60 ක් ගැඹුරු වළවල් කපා ගොම පොහොර යොදා වළවල් සකස් කරගත යුතුය.
වැල් දොඩම් යුෂ ග‍්‍රෑම් 100 යක අඩංගු ද්‍රව්‍ය පදාර්ථ ජලය ග‍්‍රැම් 80 ක් ශක්තිය කිලෝ කැලරි 37 පෙ‍්‍රීටීන් ග‍්‍රෑම් 12 මේදය ග‍්‍රෑම් 02 කාබෝහයිබ්‍රේඩ් ග‍්‍රෑම් 77 කැල්සියම් මිලි ග‍්‍රෑම් 10 පොස්පරස් මිලිග‍්‍රෑම් 30 යකඩ මිලි ග‍්‍රෑම් 0.7 ක්ද කැරොටින් මයික්‍රෝ ග‍්‍රැම් 19.68 තයමින් මයික්‍රෝ ග‍්‍රෑම් 10 රයිබෝප් ලේවින් මයික්‍රෝ ග‍්‍රෑම් 20 විටමින් සී(ඛ්)  මිලි ග‍්‍රෑම් 13 අඩංගු වී ඇත.වැල්දොඩම් කොළ (නොමේරු) මැල්ලුම කා අතරත් ඉතාමත් ප‍්‍රිය ජනක වනවා මෙන්ම පෝෂ්‍යදායී ගුණයෙන් අනුනව ඇති අතර අපගේ රෝගාබාධ කිහිපයකට ඉතා ගුණදායක වේ. එමෙන්ම අද වෙළෙඳ පොළේ වැල්දොඩම් ජෑම් සඳහා විශාල ඉල්ලුමක් ඇත. තවද සිසිල් බීම සඳහා ලොව පුරා මහත් රුචියක් පවතියි. මෙමගින් හෘදයාබාධ සඳහා ඉතා ගුණදායකයි.
ජයසේන දෙදිවලගේ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගත සිත පුබුදුන වැල්දොඩම් Rating: 5 Reviewed By: Unknown