728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

පළතුරු රතු හැඩකාරයා ස්ට්‍රෝබෙරි



නත්තල් සමයේ වැඩි පුරම නෙත ගැටෙන වර්ණය රත් පැහැයයි නෙක විසිතුරු රත් පැහැයන්ගෙන් පරිසරයම විචිත‍්‍රවත් වී තාබෙන මෙවන් කාලයක සොබා දහමේ අපූරු හැඩකාරයකුත් අපේ මතකයට නැගෙනවා. ඒ පැහැයෙන් වගේම සුවඳින් හා රසයෙන්ද අග‍්‍ර ප‍්‍රාප්ත ස්ට්‍රෝබෙරියි. ස්ට්‍රෝබෙරි අපේ ගමේ ගොඩේ පලතුරක් නොවෙයි. එහෙත් නුවර එළිය, බණ්ඩාරවෙල, වැනි පළාත්වල ගෙමිදුල් නම් ස්ට්‍රෝබෙරි පැළයකින් හැඩ වැඩ වී පවතිනවා. රසයෙන් , ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස් ස්ට්‍රෝබෙරි වර්ග හය සියයක් පමණ ලොව තිබෙනවා. ඇට, පොත්තේ පිහිටා තිබෙන එකම පලතුරු වර්ගයත් ස්ට්‍රෝබෙරියි. හදවත් හැඩය ඇති, හදවත මෙන් රත්පැහැ ස්ට්‍රෝබෙරි අපේ හදවත්් වගේම සිරුරම නීරෝගීව තබා ගැනීමට අවශ්‍යයි. ඒ පමණටම ඖෂයධීය ගුණයක් එහි අඩංගුව පවතිනවා.
*ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගුයි. ස්ට්‍රෝබෙරිවල අඩංගු ප‍්‍රතිඔක්සිකාරක නිසා මෙය හදවතට හිත මිතුරු, පිළිකානාශක ප‍්‍රදාහයන්් වළක්වන පලතුරක් ලෙස හඳුනවන්න පුළුවන්. ප‍්‍රතිප‍්‍රතදාහ ඖෂධයක් නිසා රුමැටොයිඩ් හා ඔස්ටියෝආතරයීටිස්, ඇදුම, පිළිකා ආදී රෝග තත්ත්වයන්ට ඇස්පී‍්‍රන්වලට වඩා කදිම ඖෂධයක් වෙයි. ස්ට්‍රෝබෙරි ආහාරයට ගත් විට ඇස්පී‍්‍රන් පානය කළ විටදී මෙන් අන්ත‍්‍රවල රුධිර වහනයක් ඇතිවීමට ද ඉඩ කඩක්් නැහැ. එක් පර්යේෂණයකින් හෙළි වී තිබුණේ පිළිකා මරණ අඩු කරන ආහාර වර්ග අටෙන් ස්ට්‍රෝබෙරි එක් පලතුරක් බවයි. වයස් ගත වීමත් සමග හටගන්නා පෙනීමේ දුර්වලතා අඩු කිරීමට ස්ට්‍රෝබෙරි පලතුරට ඇත්තේ අපූරු හැකියාවක්. ඇස් පෙනීම රැක ගන්නට පෝෂ්‍ය ජනක ආහාර නැතිවම බැහැ. දිනකට පලතුරු වර්ග 3 ක් හෝ ඊට වඩා ගන්නා අයකුගේ ඇස් පෙනීම හොඳ තත්ත්වයක පවතින බව පරියේෂණ මගින් හෙළිවී තිබෙනවා. ප‍්‍රතිඔක්සිකාරක විටමින වන විටමින් ඒ, සී, ඊ හා කැරොටනයිඩ ඇස් පෙනීම හොඳින් පවත්වා ගැනීමට නැතිවම බැහැ. යෝගට් හෝ කොටේජ් චීස් සමග ස්ට්‍රෝබෙරි කෑමට ගන්න. මේ අවශ්‍ය තාවය මැනවින් සපුරා ගන්නට පුළුවන්. විටමින් සී, ඔස්ටියෝ ආතරයිටීස්, හා වයස්ගත වීමත් සමග ඇතිවෙන ආතරයිටීස් තත්ත්වයන් අඩු කිරීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා. ස්ට්‍රෝබෙරි, දෙහි, දොඩම් වැනි පැඟිරි කුලයේ පලතුරුවලට ද වඩා විටමින් සී වලින් පොහොසත් පලතුරකි. කලක් සුපිරි පන්තියට පමණක් සීමාවී තිබුණු ස්ට්‍රෝබෙරි දැන් දැන් සාමාන්‍ය මිනිසුන්ටත් රස විඳිය හැකි පලතුරක් බවට පත්වෙම්න් තිබෙනවා. ස්ට්‍රෝබෙරි හැකි තරම් නැවුම්ව කෑමට ගත යුතු පලතුරක්. මේ නිසා කෑමට ගන්නට දින කිහිපයක් තිබියදී කඩන්න. දිළිසෙන, තද රතු පැහැ, කොළ පැහැ නටුවකින් යුතු ස්ට්‍රෝබෙරි තෝරා ගන්න. කැඩූ පසු තවදුරටත් මේ පලතුර ඉදෙන්නේ නැහැ දුර්වර්ණ වූ රතු පැහැති හෝ කොළ හෝ කහ පැහැ පැල්ලම් සහිත ස්ට්‍රෝබෙරි මිලදී ගන්න එපා. මධ්‍යම ප‍්‍රමාණයේ ස්ට්‍රෝබෙරි රසයෙන් වඩාත් ඉහළයි. ඇසිරූ ස්ට්‍රෝබෙරි මිලදී ගැනීමේදී ද සැලකිලිමත් වෙන්න. ඉතා තදින් ඇසිරු විට ස්ට්‍රෝබෙරිවලට හානි සිදු වෙනවා. බෙරි පහසුවෙන් නරක් වෙනවා. ස්ට්‍රෝබෙරිවල ද ඇත්තේ මේ ගති ලක්ෂණයමයි. ස්ට්‍රෝබෙරි ගොඩක එක් ගෙඩියක් හෝ නරක් වී ඇත්නම් ශීතකරණයේ තැන්පත් කිරීමට පෙර නරක් වූ ගෙඩිය ඉවත් කරන්න. අනෙක් ගෙඩි නරක් නොවී තබාගත හැක්කේ එවිටයි. කඩදාසියකින් ඔතා ප්ලාස්ටික් බෑගයක ඇසිරූ ස්ට්‍රෝබෙරි දිනක් හෝ දෙකක් කල් තබා ගත හැකියි.
*අඩංගු පෝෂක ස්ට්‍රෝබෙරිවල ප‍්‍රධාන වශයෙන්ම අඩංගුව ඇත්තේ විටමින් සී, විටමින් කේ හා මැංගනීස්ය. ඊට අමතරව අයඩීන් හා කෙඳි ද අධික වශයෙන් අඩංගුයි. පොටෑසියම් ෆෝලේට්, විටමින් බී 2, විටමින් 6, ඔමෙගා -3 මේද අම්ලය, මැග්නීසියම් හා තඹ ද හොඳ මට්ටමකින් ස්ට්‍රෝබෙරි තුළ අඩංගුව පවතිනවා. ස්ට්‍රෝබෙරි අටකින් දිනපතා විටමින් සී අවශ්‍යතායෙන් 140% ක් සපුරා ගත හැකියි. අතීත රෝම වැසියන් ස්ට්‍රෝබෙරි පලතුරක් වශයෙන් නොව ඖෂධයක් වශයෙන්ද හඳුනාගෙන තිබෙනවා. ඩයරියා, අක්මා රෝග හා මුත‍්‍රා මාර්ගයේ ආබාධවලට වගේම විදුරුමස් සවිමත් වීමට, දත්වල බැඳෙන බදාම ( දන්ත පථ) ඉවත් කිරීමට උගුරේ තුවාල සුව වීමට, මුවේ දුගඳ නැති කිරීමට පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩියකට පුළුවන්. ස්ට්‍රෝබෙරි කොළ හා මුල් ද තම්බා ගත් වතුර තේ මෙන් පානය කළ හැකියි.
- චම්පිකා දීපානි රණසිංහ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පළතුරු රතු හැඩකාරයා ස්ට්‍රෝබෙරි Rating: 5 Reviewed By: Unknown