728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

රුව වඩන රසමසවුළු


රූපය වඩවාගන්න බොහෝ අය කරන්නේ මතුපිටින් විවිධාකාරයේ වෛවාරණ ආලේප තැවරීමයි. එහෙත් රූපය වඩාත් ම ලස්සන කරන්නේ අපේ සිතිවිලි හා මනසයි. සිතිවිලි වලටත් මනසටත් බලපෑම් ඇතිකරන ආහාර තිබෙන බව ඔබ මෙතෙක් නොසිතන්නට ඇති. ලස්සන වෙන්නට - හොඳ දේ - හොඳට කන්න...!
විටමින් බී අඩංගු ආහාරඔබ අවුරුදු විසි ගණන්වල තරුණියක් ද? එහෙමත් නැතිනම් අවුරුදු 65 ඉක්ම වූ මහළු කාන්තාවක් ද? එසේනම් ඔබේ ආහාර වේලට විටිමන් බී වලින් පොහොසත් ආහාර එක්කර ගන්නට අමතක කරන්න එපා. එයට හේතු රැසක්ම තිබෙනවා.විටමින් බී කියන්නෙ විටමින් සංකීර්ණයක්. එනම් එහි විටමින් බී1, බී2, බී6, බී12 ෆෝලික් අම්ලය යනාදී වශයෙන් අවස්ථා රැසක්ම තිබෙනවා. මේ සෑම අවස්ථාවක් ම ශරීරයට හිතකරයි’. ඒ වගේ ම ශරීරය රුව ලස්සන කර ගැනීමට අත්‍යාවශ්‍යයි. උදාහරණයක් වශයෙන් බී12 සහ ෆෝලේට වලින් මතක ශක්තිය වැඩිදියුණු කරනවා. එසේම කාන්තාවන්ගේ සිතිවිලි වල සංවර හා සන්සුන් බවක් ඇති කරනවා. සෝයා බෝංචි, කුකුළු මස් හා කෙසෙල්ගෙඩි වල තිබෙන විටමින් බී6 කාන්තාවන්ගේ කතා බහේදී අවශ්‍ය වචනය සොයා ගැනීමට අදාල වාචික දක්ෂතා ලබා දෙනවා. බොහෝ කාන්තාවන්ට තමන්ගේ හැඟීම් වචන බවට ඒ ආකාරයෙන් ම පෙරලන්නට බැහැ. ඔවුන්ගේ කටින් පිටවන්නේ තමන්ට පැවසීමට අවශ්‍ය දෙය නොවෙයි. බොහෝ අයට එක දිගට කතා කිරීමට ද අපහසුයි. අප වචන හිරවෙනවා කියා කියන්නේ එයටයි. මෙම චතුරත්වයට අප ගන්නා ආහාරවලද බලපෑමක් තිබෙන බව ඔබ මෙතෙක් නොදැන සිටින්නට ඇති. උදෑසන ආහාරවල බහුල වශයෙන් තිබිය යුතු තවත් එක්පෝෂ්‍ය පදාර්ථයක් වන්නේ ධාන්‍ය සිරියල් වල තිබෙන ෆෝලේට. මෙම පෝෂ්‍ය පදාර්ථය එයට අමතරව පලතුරු සහ එළවළු වල ද දැකගත හැකියි. මස්, මාළු, බිත්තර හා කිරි ආහාර විටමින් බී වල ප‍්‍රධානතම ප‍්‍රභවයන් වනවා.සිතීමේ ශක්තිය වැඩිදියුණු කර ගැනීමටත් මොළයට රුධිර සැපයුම වැඩි කිරීමට හා ක‍්‍රමවත් කිරීමටත් විටමින් බී පදාර්ථය කාන්තා ආහාර වේලේ නො අඩුව තිබිය යුතු බව වෛද්‍ය විශේෂඥයන් තහවුරු කර හමාරයි.
යකඩ අඩංගු ආහාරතරුණියන්ගේ ආහාර වේලෙහි අනිවාර්යයෙන් ම තිබිය යුතු තවත් එක් පෝෂ්‍ය පදාර්ථයක් ලෙස යකඩ හඳුනාගෙන තිබෙනවා. නිතරම අධික වෙහෙසක් දැනීම, ඇලිමෑලි බව ඇතිවන්නේ ලේ අඩුකමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ගෘහණියන්ගේ ආහාර වේලවල හොඳින්ම යකඩ අඩංගු විය යුතු හේතු 3 ක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. ඒවා නම් ආර්තවයේ දී ඔවුන්ගේ සිරුරෙන් වාහනය වන රුධිරය සමඟ සිරුර නිරක්තියකට මුහුණ දීම, හරිහැටි ආහාර නොගැනීම සහ ඔවුන්ගේ වර්ධන වේගය අධික වීමයි.රතුමස්, කුකුළු මස් සහ මාළු යකඩ වලින් පොහොසත් ආහාරයි. නමුත් ඒ ආහාර වෙනුවට ඔවුන් කෑමට පෙළඹී තිබෙන පාන්, ධාන්‍ය, එළවළු සහ බිත්තර වල අඩංගු වන්නේ ඉතා ස්වල්ව යකඩ ප‍්‍රමාණයක් පමණයි.සිරුරට යකඩ අවශෝෂණය කර ගැනීම සඳහා විටිමින් සී තිබිය යුතුමයි. එයින් යකඩ සිරුර තුළ හොඳින් දියකර උරාගත හැකි ලවණය බවට වේගයෙන් පත් කරනවා. දෙහි, දොඩම් යුෂ ආහාරයට ගත යුත්තේ මන්ද කියා දැන් ඔබට වැටහෙනවා ඇති.යකඩ, කළල අවස්ථාවේ සිට මරණය තෙක් ම සෑම ජීවියකුට ම අත්‍යවශ්‍යයෙන් ම ලැබිය යුතු දෙයක් ද වනවා. මතකය සිතිවිලි හා කි‍්‍රයාකාරීත්වය වැඩිදියුණු කිරීමට එය අවශ්‍යමයි.ස්නායු සම්පේ‍්‍රෂක පිළිබඳ ඇතැම්විට ඔබ අසා ඇති. ස්නායු එකිනෙක අතර ඉතා හොඳින් පණිවුඩ හුවමාරු සිදුවන්නේ මෙම ස්නායු සම්පේ‍්‍රෂක ඉතා හොඳින් දේහය තුළ පවතින විටයි. මේවා ද රසායන ද්‍රව්‍ය වන අතර පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ආහාර ගැනීමේදී මෙම රසායනික ද්‍රව්‍ය දේහය තුළ සමතුලිත වනවා.
සුවබර නින්දකට ඇමයිනෝ අම්ලකිරි, බිත්තර හා මස්වල ටි‍්‍රප්ටොපෑන්  නමැති ඇමයිනෝ අම්ලය යහමින් තිබෙනවා. මෙම සංයෝගය මුලින් කී ස්නායු සම්පේ‍්‍රෂකයක් වන සරටොනින්වලට නෑකම් කියනවා. සෙරටොනින් හඳුන්වන්නේත් ’සුවදායයී මනසක් ඇති කරන ස්නායු සම්පේ‍්‍රෂකය" ලෙස. රාති‍්‍රයේදී ඔබට සුවනින්දක් ලැබෙන්නේ නැතිද? එහෙම නම් එයට හේතුව ඔබේ ආහාරවේලේ තිබෙන අඩු ටි‍්‍රප්ටොපෑන් ප‍්‍රතිශතය වීමට පුළුවන්. එනිසා නින්දට යාමට පෙර උණුසුම් කිරි කෝප්පයක් බොන්න කියා පැරණි කියමන මින්මතු අමතක කරන්න එපා.
සිත නිවන කාබෝහයිඩ්‍රේටකාබෝහයිඩ්‍රේට හෙවත් පිෂ්ටයෙන් පොහොසත් ආහාර ද රුධිරය සෙරටොනින් මට්ටම ඉහළ නංවනවා. නිදිබර බව හා සන්සුන් බව ඇති කරන්නේ මෙම රසායනිකයයි. බොහෝ අය සිතන්නේ කුඩා දරුවන්ට සීනි කෑම වැඩිපුර දීමෙන් ඔවුන්ගෙ දාංගලය එනම් කි‍්‍රයාකාරිත්වය වැඩි වෙනවා කියායි. නමුත් සීනි කියන්නේ කාබෝහයිටේ‍්‍රටයක්. වඩාත් නිවැරදිව කියනවා නම් ඩයි සැකරයිඩයක්. එනිසා ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එයට ප‍්‍රතිවිරුද්ධ දෙයයි.උත්තර ධ‍්‍රැවයේ ශීත කාලය එක දිගට ම මාස කිහිපයක් පවතින බව ඔබ අසා ඇති. මෙම කලාපයේ දිවිගෙවන මිනිසුන් නිදි නොමැතිකමත්, මානසික අසහනයෙන් හා මානසික අවපීඩනෙයන් නිතර පීඩා විඳිනවා. විද්‍යාඥයන් දැන් එයට හේතුව සොයා ගෙන තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට දිගු ශීත, අඳුරු ශීත කාලයේ හිරු එළිය නො ලැබෙන නිසා එයින් ඔවුන්ගේ සිරුරේ සෙරටොනින් නිපදවීම අඩාල වන බවයි. එනිසා ශීත කාලය ගත කරන මිනිසුන් වඩාත් ’හොඳ ආහාර’ ගතයුතු බවට නිර්දේශ කරනවා. එස්කිමෝවරුන් හට නිතරම මස් මාළු කෑමට සිදුව ඇත්තේ මන්දැයි කියා ඔබට දැන් වැටහෙනවා ඇති.
උද්‍යෝගය ඇති කරන චොක්ලට්චොක්ලට් කෑමෙන් පසු ඔබේ සිතට ඇතිවන සුවදායි හැඟීම ට හේතුව එහි තිබෙන මියුරු රසයම නොවෙයි. චොක්ලට් සෑදීමට භාවිතා කරන ප‍්‍රධානතම අමුද්‍රව්‍ය වන කොකෝවාවල ෆීනයිල් ඇලනින් නමැති රසායන ද්‍රව්‍යය තිබෙනවා. මෙය ස්වභාවිකව දැකිය හැකි වන්නේ මොළයේයි. මීට අමතරව චොක්ලට් වල තියොබ්‍රොන්මයින සහ කැෆේන් ද තිබෙනවා. මෙම සංයෝග ඔබ තුළ මානසික අවදිය ඇති කරනවා. එයින් සිතේ උද්‍යෝගිමත් බවක් ඇතිවනවා.
නිරූපණයට කැමති අයට තේ - කෝපිතේ, කෝපි ආදියේද කැෆේන් අන්තර්ගතයි. පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට සිත හා මනස ඒකාග‍්‍ර කර නිරූපණ ශිල්පය සාර්ථකව හැසිරවීමට නම් ශරීරය තුළ ප‍්‍රමාණවත් තරම් කැෆේන් ප‍්‍රතිශතයක් තිබිය යුතුයි. එපමණක් නොවෙයි. එයද මානසික අවදි බව ඇති කරනවා. එනිසා දවසේ අතිරේක වශයෙන් උදෑසන මැදදීත් තේ හෝ කෝපි කෝප්පයක් හෝ බීමට අමතක කරන්න එපා. දිවා ආහාරයට පෙර ඇතැමුන් පානය කරන කෝලා වීදුරුව පිළිබඳත් කිව යුත්තේ එයමයි. රුධිරයේ ප‍්‍රමාණවත් කැෆේන් ප‍්‍රතිශතයක් තිබීම නිරෝගී හා කාර්යක්ෂම පුද්ගලයකුගේ ලක්ෂණයක්.
ඔබේ ආහාරවේල අගය කරන්නඅප්පිරියාවකින් ’මේ මොන වදයක්ද?’ කියා හැඟීමෙන් තමන්ගේ කෑම පිඟාන ආහාරයට ගන්නා අය ඔබත් දැක ඇති. සමහර විටක ඔබත් එවැනි කෙනෙක් වීමට පුළුවන්. නමුත් මෙය කායිකව මෙන් ම මානසික වශයෙන්ද ඇති කරන්නේ ඉතා නරක බලපෑමක්.හොඳ ආහාරවේලක් ගැනීමේ දී ඔබ අමතක නො කළ යුතුම එක් දෙයක් වන්නේ එය රසවිඳීමට ප‍්‍රමාණවත් තරම් කාලයක් ඔබ ලබාගත යුතු බවයි. නිතර ම මිනිසුන් රස කර කර කන්නේ කෑම පිඟාන් ඇති රසවත්ම ආහාරය පමණයි. මෙය පමණ ඉක්මවා ආහාරයට ගැනීමට ඔබව පොළඹවන්න ට පුළුවන්. ඒ වගේ ම ඔබ නොදැනුවත්ම ම ඔබේ ජීවිතයට පීඩාකාරි බවක් ද ඇති කරනවා.ජපන් සමාජයේ පවුලේ සියල්ලන් ම එකට එක් වී සුහද කතා බහේ නියැලෙන අවස්ථාව ඔවුන්ගේ ආහාරවෙලාව බවට පත්කර ගෙන තිබෙනවා. ජීවිතයේ ඉලක්ක හඹමින් අප දිවයන අතරම ආහාර ගන්නටවත් ඉසිඹුවක් අප සොයා ගත යුතුයි. ඒක ජපනුන් අමතක කර නැහැ.
ආර්. එස්. කේ. ගුණරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රුව වඩන රසමසවුළු Rating: 5 Reviewed By: Unknown