728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

හැඩැති රුවක්


ශක්තිමත් මාංශපේශීන් සහිත සිහින් සිරුරක්....? නිසැකවම එය ඔබේත් සිහිනය වන්නට ඇති. නමුත් එය සිහිනයක් ම පමණක් කරගැනීමට බොහෝ දෙනකුට සිදුවී තිබෙනවා. එයට හේතුව බොහෝ කතුන් තරුණ වියේදීම තරබාරුවේ ගොදුරක් බවට පත්වීමයි. “අනේ අපි කොයිතරම් ඩයට් කළත් කෙට්ටු වෙන්නෙ නැහැනෙ....!” බොහෝ යුවතියන් මැසිවිලි නගනවා.එයට සාපේක්‍ෂව බොහෝ තරුණයන්, සිහින් සිරුරු තිබෙන ශක්තිමත් අයයි. ඇත්ත වශයෙන්ම ස්තී‍්‍ර හා පුරුෂ සිරුරු අතර ජෛව රසායනික වශයෙන් වෙනස්කම් රැසක් තිබෙනවා. කාන්තාවන්ගෙ රුධිර නහර දිගේ ඊස්ට‍්‍රජන් හෝමෝනය සංසරණය වන විට පුරුෂ රුධිර වාහිනී තුළ දිවෙන්නේ ටෙස්ටෙස්ටිරෝන්. එය තමයි ප‍්‍රධානතම වෙනස්කම. පුරුෂයන්ට ශක්තිමත් සිරුරු හා විශාල මස්ගොබ උපතින්ම හිමියි. නමුත් ස්තී‍්‍ර සිරුර මැවී ඇත්තේ එහි ප‍්‍රතිවිරුද්ධ ආකාරයටයි. සුමුදු මාංශ පේශීන් ඔවුන්ට උරුමයි. ස්වායුක  (aerobic) ව්‍යායාම වලට යොමුවන කී‍්‍රඩිකාවන්ගේ සුමුදු මාංශ පේශීන් වෙනුවට හැඩි දැඩි මස්පිඩු වැඩී ඇති ආකාරය ඔබත් දැක ඇති. එසේ නම් ව්‍යායාම කාන්තාවන්ට අකැපද? අනෙක් අතට ව්‍යායාම නොකිරීම නිසා ම කාන්තාවන් තරබාරු වෙනවා නේද? ඉතින් හැඩකාර, සිහින්, එහෙත් ශක්තිමත් සිරුරක් ලබාගැනීම සඳහා කාන්තාවන් විශේෂයෙන්ම යුවතියන් කුමක් කළ යුතුද?පහත දැක්වෙන්නේ ඔවුන්හට කළ හැකි, කළ යුතු කදිම ව්‍යායාම නාමාවලියක් හා එයින් ඔබට ලැබෙන ප‍්‍රතිඵල පහත දැක්වෙනවා.* පේශිවල ශක්තිමත් බව හා නම්‍යශීලී බව අධික වීම.* තියුණු හැඩතල ඇති හැඩකාර සිරුරක්.* අස්ථි හා බන්ධනී ශක්තිමත් වීම, කාටිලේජවල ගනකම වැඩිවීම හා පේශිවලට ඉතා හොඳ රුධිර සැපයුමක් ලැබීම.* ප‍්‍රතිශක්තිකරණය ඉහළ යාම.* වේගවත් බව සහ ශක්තිය ඉහළ යාම.* ආතතිය ඉවත්වීම.* ධනාත්මක චින්තනය.* මනා විනයකින් හා උද්‍යෝගයකින් කාර්යයක නිරතවීම.* දේහයේ මේද ප‍්‍රමාණය පාලනය කිරීම.* හෘදයේ නිරෝගි බව, පරිවෘත්තිය ක‍්‍රමවත් වීම, රුධිර පීඩනය සාමාන්‍ය අතට හැරවීම හා කොලෙස්ටරෝල් මට්ටම පහළ හෙළීම.* රුධිරයේ හිමොග්ලොබින් ප‍්‍රමාණය ඉහළ දැමීම.මේ සියල්ලම මගින් සිදුවන්නේ ශරීර සෞඛ්‍යය ඉහළ නංවා ඔබේ සිරුර ශක්තිමත් කර සිහින් කිරීමයි.පහත දැක්වෙන්නේ ස්ලිම්වෙන්න කැමති ඔබ, මුලින්ම ඔබේ සිතින් ඉවත් කරගත යුතු වැරදි කල්පනාවන් කිහිපයක්.”ව්‍යායාම යනු මස්පිඬු ශක්තිමත් කරන ක‍්‍රමයකි.”එසේ සිතීම වැරදියි. ව්‍යායාම, විශේෂයෙන්ම බර ඉසිලීම වැනි ව්‍යායාම මඟින් සිදුකරන්නේ මස්පිඬු ශක්තිමත් කිරීමටත් වඩා සිරුරේ නම්‍යශීලී බව ඇති කිරීමයි. එයින් දේහ චලනද වේගවත් වනවා.”ව්‍යායාම කිරීමට පෙර හා ව්‍යායාම කරන අතරතුර ජලය පානය කිරීම අහිතකරයි.”මෙයද අසත්‍යයකි. ජලය හෙවත් H2O ව්‍යායාම අතරතුර සිරුරට ඉතාම අවශ්‍ය කරනවා. එක්කෝ ව්‍යායාම ඇරඹීමට මිනිත්තු 15 කට පෙර වතුර කෝප්ප බාගයක් බොන්න. එසේත් නැතිනම් මිනිත්තු 15 න් 15 ව්‍යායාම කරන අතරතුර එසේ පානය කරන්න දහඩිය මඟින් ඔබේ සිරුරෙන් ඉවත්වන ජලය ඒ ක‍්‍රමයෙන් යළි ලබාගත හැකියි. ලබාගත යුතුයි.”කැලරි කිහිපයක් පුච්චා දමා, ඒ වෙනුවට මස්පිඬු රාත්තල් කිහිපයක් වඩවන නිසා බර ඉසිලීමේ ව්‍යායාම මඟින් කෙට්ටුවන්නට බැහැ...”සහමුලින්ම වැරදියි. අප ව්‍යායාම නොකරන අවස්ථාවේදී පවා සිරුරේ ඇති කැලරි, මාංශ පේශි තුළදී වැය වනවා. එසේ නම් බර ඉසිලීම්, බයිසිකල් පැදීම ආදිය මගින් කැලරි වැඩි වැඩියෙන් පුළුස්සා දමනවා. ව්‍යායාම මගින් සිරුර ලබන හුරුව නිසා, ඔබ ව්‍යායාම නොකරන විටදී පවා අතිරේක කැලරි ක්‍ෂය වී යනවා. ඇතැම් අධ්‍යයන වලින් හෙළි වී ඇති ආකාරයට ‘ඩයට්, කර ව්‍යායාම නොකරන කතුන්ට වඩා වැඩි කැලරි ප‍්‍රමාණයක් සාමාන්‍ය හොඳ ආහාර වේලක් ගෙන හොඳින් ව්‍යායාම කරන කතුන් විසින් පුළුස්සා දමනවා. කැලරි පිළිස්සීම යනු සිරුර කෙට්ටුවීම ම තමයි.”ව්‍යායාම නිසා කාන්තා සිරුරේ දැඩි මස්පිඬු වැඩෙනවා...”එය වෘත්තීය කී‍්‍රඩිකාවන්ගේ පමණක් දැකිය හැකි තත්ත්වයක්. සාමාන්‍ය කාන්තාවන්ට එය ලෙහෙසියෙන් කිරීමට බැහැ. එයට හේතුව මස්පිඬු වර්ධනයට අවශ්‍ය පුරුෂ ටෙස්ටෙස්ටිරෝන් හෝමෝනය කාන්තා සිරුරේ ඉතා මද වශයෙන් තිබීමයි.”බර ඉසිලීමේ ව්‍යායාම සෑම වයසකටම සුදුසු නැහැ.”එයද මිථ්‍යාවක්. ඕනෑම වයසකදී ව්‍යායාමවල යෙදීම නිසා සිරුරේ මාංශ පේශීන් පමණක් නොවෙයි, අස්ථි පවා ශක්තිමත් වනවා. ක‍්‍රමයෙන් අප මහලු වන විට අපේ සිරුරේ පරිවෘත්තීය ශීඝ‍්‍රතාවය අඩාල වනවා. එනම් දේහයන් අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඒවා නිපදවීම කාර්යක්‍ෂමව සිදුවන්නේ නැහැ. මෙහිදී මාංශ පේශීන්වල අහිතකර කොලෙස්ටරෝල්  වැඩිපුර නිපදවෙනවා. එහි ප‍්‍රතිඵලය හෘද රෝග, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනයයි. ඕනෑම වයසකදී ව්‍යායාම කිරීම මගින් මෙම අවදානම අඩුකරගත හැකියි.අප හැමෝම එක් දිනක් හෝ වැඩිපුර ජීවත්වීමට කැමතියි. ව්‍යායාම මඟින් සිරුරු ස්ලිම් කරනවා පමණක් නොවෙයි, අපේ ආයු අපේක්‍ෂාව ද එක් දිනකින් හෝ ඉහළ නංවනවා.
ආර්. එස්. කේ. ගුණරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හැඩැති රුවක් Rating: 5 Reviewed By: Unknown