728x90 AdSpace

Latest News
Sunday 12 July 2015

නිරෝගීව ඉන්න කැමැතිද? මෙන්න ඔබට ඉලක්ක 8ක්

නිරෝගීව ඉන්න කැමැතිද?

මෙන්න ඔබට ඉලක්ක 8ක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සුසී පෙරේරා
නි‍රෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි කන බොන දේ ඇවතුම් පැවතුම් බෙහෙවින් බලපායි.
ලෙඩ ‍රෝග හටගත් විට දුක් විඳින්නට වේදනා විඳින්නට සිදුවන්නේ වෙනත් කාටත් වඩා ලෙඩාට ය.
ඒ නිසා අපි හැම දෙනෙකුම නිතරම උත්සාහ ගත යුත්තේ නි‍රෝගීව සිටීමට ය. ‘හොඳට නරකට දෙකට කටමය’ කිව්වා වගේ හොඳ දේ තෝරා නරක දේ ඉවත් කර කන බොන දේ තෝරා ගැනීමත්, කම්මැළිකම දුරලා ක්‍රියාකාරී ජීවිතයකට හුරු පුරුදු වීමත් ව්‍යායාම්වල නිරත වීමත් නි‍‍රෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ය.
සෑම දෙනාටම එක සේ වැදගත් වන පහසුවෙන් සපුරා ගත හැකි පුරුදු කරගත හැකි සෞඛ්‍ය ඉලක්ක 8 ක් ගැනයි මේ.
ඒ සෞඛ්‍ය ඉලක්ක ගැන කරුණු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සුසී පෙරේරා මහත්මියයි.
‘සුපර් 8’ සෞඛ්‍ය ඉලක්ක අසිරිමත් දිවියකට පහසු මගක් ලෙසින් ඇය හඳුන්වා දෙයි.
මොනවද මේ ‘සුපර් 8’ සෞඛ්‍ය ඉලක්ක කියා අපි විමසා බලමු.
* අධික ලුණු භාවිතයෙන් වැළකීම
* අධික සීනි භාවිතයෙන් වැළකීම
* විනාඩි 30 ක් වත් අඩුම තරමින් දිනකට ව්‍යායාම්වල යෙදීම
* එළවළු සහ පලතුරු වර්ග 5 වත් දිනකට ආහාරයට ගැනීම
* හෘදය රෝග ඇති කරවන ට්‍රාන්ස්මේදය සහිත ආහාර ගැනීමෙන් වැළකීම
* ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කර ගැනීම
* රුධිර පීඩනයෙන් වැළකීමට වසරකට වරක් බැගින් හෝ රුධිර පීඩනය පරීක්ෂා කිරීම දිනකට මරණ 350 ක්
සෑම දිනකටම අපේ රටේ මරණ 350 ක් සිදු වෙනවා නම් ඒ මරණවලින් 250 ක්ම බෝ නොවෙන රෝගවලින් සිදුවුණ මරණ බව ‍තහවුරු කරයි.
සාමාන්‍යයෙන් අවුරුදු 20 ට වැඩි සෑම පස් දෙනෙකුගෙන් ම එක් අයෙකු ම රුධිර පීඩනයෙන් පෙළෙනවා. ඒ වගේ ම අවුරුදු 20 වැඩි සෑම දස දෙනෙකුගෙන් ම එක් අයෙකු ගත්තොත් ඔහු හෝ ඇයගේ ශරීරයේ සීනි ප්‍රමාණය වැඩිය. වයස 20 වැඩි තරුණ වියෙහි පසුවන පරම්පරාවෙන් මෙවැනි බෝ නොවන රෝග තත්ත්වයන් පෙන්නුම් කිරීම රටේ සෞඛ්‍යයට බලවත් ප්‍රශ්නයක්.
අවුරුදු 65 දී පමණ අංශ භාගය හටගත් විට මැරෙන තුරු ගත කරන්නට සිදුවන්නේ ගුණාත්මක බවෙන් තොර ජීවිතයක්. එය රෝගියාටත් පවුලේ අයටත් දුකක් හා කරදරයකි. දියවැඩියාව ද බෝ නොවන රෝගයකි. අද වනවිට සමාජයේ බොහෝ දෙනා අතර දියවැඩියා රෝගය බහුල ය. නමුත් මේ රෝගයට ඖෂධ මගින් හා කෑම බීම ජීවන රටාවේ වෙනස්කම් මගින් රෝගය පාලනය කිරීමෙන් දිගුකාලීන ජීවිතයකට මඟ පාදාගත හැකි ය.
ලුණු භාවිතයේදී වැඩුණු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන්නේ එක් තේ හැන්දක ලුණු ප්‍රමාණයකි. හතර දෙනෙකු සිටින නිවසකට දින 20 කට ග්‍රෑම් 400 ලුණු පැකට්ටුවක් හොඳටම ප්‍රමාණවත් ය.
දියවැඩියාව නැති කෙනෙකුට දිනකටම පාවිච්චි කළ යුතු සීනි ප්‍රමාණය සීනි තේ හැඳි 6 කි.
සතියකට දින පහක්වත් පැය බාගයක් වේගයෙන් ඇවිදීමට හුරුවීම හොඳම ව්‍යායාමයකි. පිහිනීම බයිසිකල් පැදීම ක්‍රීඩා කිරීම ද ව්‍යායාම් සඳහා හොඳ ක්‍රියාකාරකම් ය.
ට්‍රාන්ස්මේදය හදවත් ‍රෝගවලට අත වනයි. ඒ නිසා මේ ට්‍රාන්ස්මේදය සහිත පිළියෙල කර වෙළෙඳ පොළේ තිබෙන ක්ෂණික හා කෙටි ආහාර කෑම වර්ග, පේස්ට්‍රි කේක් සහ නැවත නැවත භාවිත කරන තෙලෙන් බදින ලද ආහාර ගැනීමෙන් වළකින්න.
උසට සරිලන බර සෞඛ්‍යය බලපාන බැවින් ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගත යුතු ය. මෙය 18.5 සහ 24.9 අතර විය යුතුය 23 සුදුසුම ප්‍රමාණයයි.‍
රුධිර පීඩනය ද පරීක්ෂාවට ලක් කර නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යා යුතු ය. එය 140/90 ට අඩුවෙන් තබාගත යුතු ය. වසරකට වරක්වත් රුධිර පීඩනය පරීක්ෂා කර බැලීමට යොමු විය යුතු ය.
කළ යුතු හා නොකළ යුතු හරි සහ වැරදි දේ තේරුම් ගත හැකි අපේ රටේ බහුතර ජනතාව ලෙස රෝගවලින් තොර නිරෝගිමත් ජීවිත ගත කරන ජනතාවක් ලෙස ජීවිත ගත කරන්නට සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය සුපර් 8 කරුණු වලට යොමුවීම යහපත් දිවි මගකට අත්වැලක් වනවා නො අනුමානය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නිරෝගීව ඉන්න කැමැතිද? මෙන්න ඔබට ඉලක්ක 8ක් Rating: 5 Reviewed By: Unknown