728x90 AdSpace

Latest News
Tuesday 28 July 2015

සෙංකෝලය


"සෙංකෝලය" අර්ථ දැක්‌වීමේදී මෙය කථානායකවරයා ගේ බලාධිකාරය පිළිබඳ සංකේතය වශයෙන් හැඳින්වීමට පුළුවන. පාර්ලිමේන්තුවේ අණසක සංකේතවත් කරන සෙංකෝලය ඓතිහාසික වටිනාකමකින් යුතු වස්‌තුවකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සෙංකෝලයක්‌ අවශ්‍යම බවට පාර්ලිමේන්තුව තීරණය කිරීමෙන් අනතුරුව එදා සිටි ගරු කථානායක ප්‍රැන්සිස්‌ මොළමුරේ මැතිතුමන් විසින් රජයේ ලලිත කලායතනයේ ආචාර්යවරයකු වූ එස්‌.පී. චාර්ල්ස්‌ මහතාට මෙහි සැලැස්‌ම නිර්මාණය කිරීමට භාරකර ඇත.
චාර්ල්ස්‌ මහතා විසින් සැලසුම් කළ සෙංකෝලයේ සැලැස්‌ම, එංගලන්ත රජයේ ඉල්ලීම පරිදි ඔවුනට භාර කරන ලදුව, එදා බකිංහැම් මාළිගයට ස්‌වර්ණාභරණ නිර්මාණය කළ "ගරාඩ්" නම් සමාගමේ සේවය කරමින් සිටි රන් රිදී නිර්මාණ සම්බන්ධව රාජකීය නිපුණත්වයක්‌ ඇති ශිල්පියකු වශයෙන් බ්‍රිතාන්‍යයපුරා නම් දරා සිටි ඩැනියෙල් ස්‌පෙන්සර් නම් කාර්මිකයා විසින් "සෙංකෝලය" නිර්මාණය කර වැඩ නිම කර ඇත.
මෙසේ නිර්මානය කරන ලද සෙංකෝලයේ බර රාත්තල් 28 කි. (කිලෝ ග්‍රෑම් 12.7 කි) දිග අඟල් 28 කි. (මීටර් 1.22 කි) රිදියෙන්, කැරට්‌ 18 රත්‍රන් හා නිල් මාණික්‍යයෙන් වැඩ දමා ඇති කළුවර ලී යෂ්ටියකින් සෙංකෝලය නිමවා ඇත. එම යෂ්ටියේ හරි මැද බිනර මල හා පලාපෙති වලින් යුක්‌ත රත්‍රන් කැටයමක්‌ ඇත. පහත කොටස රත්තරනින් හා රිදියෙන් කැටයම් කළ යටිකුරු නෙළුම් මලකි. යෂ්ටියේ උඩ කෙළවර පොළොන්නරු කලා සම්ප්‍රදායට අනුව නිර්මාණය කල අටරැස්‌ කුළුණු හිසකි. එය මත මහනුවර සම්ප්‍රදායට නෑකම් කියන කුළුණු පේකඩ, හිඳගල විහාරයේ කුළුණු පේකඩකින් නිර්මාණයට ගත් බව කියෑවේ. මෙය රිදියෙන් නිමවා රනින් කැටයම් කර ඇත. එහි නිල්මිණි හා රන් බිඳු කඩා හැලෙන ආකාරය අනුකරණය කර ඇත. මීට (පේකඩට) ඉහළින් සිව්රැස්‌ ඝණකයක්‌ ඇත. එහි පැති හතරේ හිරු මඬල, සඳ මඬල, ධර්ම චක්‍රය හා පූර්ණ ඝට (සෞභාග්‍යය සලකුණු කරන මල්බඳුන) දර්ශනීය ලෙස කැටයම් කර ඇත. එම කැටයම් වලින් සදාතනිකත්වය, සාධාරණත්වය, සෞභාග්‍යය හා සමෘද්ධිය සංකේතවත් වේ. එම ඝටය මුදුනේ ඇති රන්මුවා පද්මය මත අඟල් 6 ක විශ්කම්භයක්‌ ඇති රිදී ගෝලයක්‌ සවි වී ඇත.එම ගෝලය දෙපැත්තේ අසිපත් දරා සිටින සිංහ රූප දෙකක්‌ උත්තලව දක්‌වා ඇත. මෙය රත්තරනින් කැටයම් කර ඇත. මෙම ගෝලය මත නෙළුම් පෙති කැටයමකි. ඊට උඩින් පද්ම කැටයමකි. ඊට ඉහළින් නීල මාණික්‍යයෙන් සැරසූ වළප්ලක්‌ ද, ඊට ඉහළින් ඔප දමන ලද අට පට්‌ටම් පළිඟුමය කේතුවක්‌ද ඇත.
සෙංකෝලය හා කථානායක ආසනය නිල වශයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවට පරිත්‍යාග කිරීමට 1949 ජනවාරි මස 3 වැනි දින බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්‌ඩලය විසින්, 6 වැනි ජෝර්- මහ රජුගේ අනුමැතිය ඇතිව නම් කර එවන ලද ක්‍රමෝපක්‍රම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක මේජර් මහාමාය 4, ෙ-ම්ස්‌ මිල්නර් මහතා ප්‍රමුඛ කණ්‌ඩායම ගුවනින් ලංකාවට පැමිණි අතර, ජනවාරි මස 05 වැනි දින "කැප්ටන්" නමැති නෞකාවෙන් "සෙංකෝලය" හා "කථානායක ආසනය" කොළඹ වරායට ගෙනැවිත් ගොඩ බා ඇත. ලංකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්‌ඩලයට (පාර්ලිමේන්තුවට) ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබාදීමේ සිහිවටනයක්‌ ලෙස පරිත්‍යාග කර ඇති මෙම සෙංකෝලයේ වටිනාකම එම දිනට වූයේ පවුම් දෙදහස්‌ පන්සීයකි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සෙංකෝලය Rating: 5 Reviewed By: Unknown