728x90 AdSpace

Latest News
Friday 17 July 2015

තාරුණ්‍යයේ හිසරදය කැරුලෑ.

තාරුණ්‍යයේ පිඩකා හෙවත් කැරුලෑ
---------------------

බොහෝ දෙනා පිඩා විදින කුරුලෑ නම් සමේ රෝගය ආයුර්වේදයේ හදුන්වන්නේ තාරුණ්‍යයේ පිඩකා නමිනුයි..බාල,තරුණ,මහලු 
කුමන වයසක වුවද උදවියට කුරුලෑ සැදිය හැක,,,,එනමුත් මේයින් වැඩිපුර අපහසු තාවයට පත්වනුයේ තරුණ පිරිසය. කුරුලෑ මුහුණේ,බෙල්ලේ,පපුව,පිට අශ්‍රිතව පැන නැගිය හැක,,ඉමහත් වේදනාවක් හා අවලස්සනක් ඇති කරන බැවින් මෙය බොහෝ දෙනාට ,,සිතට වද දෙන .ගැටලුවකි....කුරුලෑවක් හට ගැනීමේදී ප්‍රථමයෙන් සමෙහි ඇති රෝම කුප අවහිර වීමක් සිදුවෙනවා,,මුලින් සුදු කහ පැහැති කුරුලෑ විශේෂය හට ගනී(White heads)
තවද කළු පැහැ තිත් වැනි කුරුලෑ (Black heads) සමේ තෙල් ස්වභාවය අදික නහය උඩ,නිකට වැනි ස්ථාන වල හට ගනී..මෙම කුරුලෑ විශේෂ වල බැක්ටීරියා වර්ධනයක් සිදු නොවෙන අතර,,තව දුරටත් රෝම කුප අවහිර වීම නිසා ,,ස්නේහ ස්රාවී ග්‍රන්ථි අවරෝධ වී සෑදෙන රතු 
පැහැ කුරුලෑ වල acnesor propianibacterium යන බැක්ටීරියාව සෑදේ.
අප එකිනෙකා ගේ සම විවිධාකාරය,,,ඇතැමුන්ට වියලි සමක් ඇති අතර ,ඇතැමෙක්ට තෙල් හෝ මිශ්‍ර සමක් ඇත..තෙල් සහිත සම කුරුලෑ සැදීමට හොද පරිසරයකි,,,කුරුලෑ සැදීම සඳහා දායක වන හෝමෝනය ලෙස ඇන‍්ඩ්‍රජන් ලෙස හදුනාගෙන තිබෙනවා....ගැහැණුන්ගේ ඩිම්බකෝෂවලින් සහ පිරිමින්ගේ වෘෂණකෝෂවලින් මෙය ශ්‍රාවය සිදුවෙනවා,,,මෙය ශ්‍රාවය වැඩි වූ විට ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි අවරෝධ වීම සිදුවෙනවා
කුරුලෑ සැදීම වේගවත් වීමට,තදින් අතිල්ලීම,තෙල්,කෘතීම ආහාර, ඔසප් වීම, මානසික පීඩනය ,දිගු වෙලාවක් අවුවේ සිටීම,ආදී කරුණු බලපායි..
කුරුලෑ සෑදුන පසු එය මිරිකා දැමීමෙන්,,ඇති වන කැලැල්,,මුහුණට වයස පෙනුමක් ඇති කරයි...කෘතීම සේදුම කාරක සමහරුන්ගේ රෝග තත්වය වැඩි කිරීමට බලපායි ..විවිධ ආලේප(cream/,make up) ආදිය භාවිතය අයහපත්ය..
ශාරීරික පවිත්‍රත්වය කුරුලෑ සුව වීමට බලපාන අතර,,,,දිනකට වාර කිපයක් ,මද උණුසුම් වතුරෙන් මුහුණ සේදීම යහපත්ය,,,වෙනිවැල් ගැට තැම්බූ වතුරද යහපත්ය,,,කුරුලෑ මත කලාඳුරු අල අඹරා ආලේපය,,/උදුපියලිය අඹරා ආලේපය මුල් අවස්ථා වලදී හිතකරය,,කැලල් සදහා කොහොඹ කොළ එළකිරෙන් අඹරා ගෑමද යහපත්ය,,,,
කුරුලෑ අදික ලෙස හට ගනී නම වෛද්‍ය වරයකු වෙත යොමු විය යුතුම ය.

මේ සදහා ආයුර්වේදයේ නිශ්චිත ප්‍රතිකාර ඇත,, වෛද්‍ය වරයා විසින් රෝගියාගේ වයස ,රෝගයේ ස්වභාවය අනුව ප්‍රතිකාර තීරණය කරනු ඇත..

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තාරුණ්‍යයේ හිසරදය කැරුලෑ. Rating: 5 Reviewed By: Unknown