728x90 AdSpace

Latest News
Saturday 4 July 2015

තණකොළ කපන්නත් රොබෝ කෙනෙක්....වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ පදිංචි ‍ෙදාන් ඩිවෝන් ලයන්ත මූලික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත මරියා හා වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලින්ය.





වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ පදිංචි ‍ෙදාන් ඩිවෝන් ලයන්ත මූලික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත මරියා හා වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලින්ය. මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු ඉලෙක්ට්‍රොනික් හා කාර්මික යන්ත්‍ර උපකරණ විෂයන්ට ඔහුගේ වැඩි අවධානයක් යොමු විය. සිය පියාගේ අනුදැනුම යටතේ ඔවුන්ට අයත් කාර්මික ආයතනයෙන් ඔහුගේ දැනුම මුවහත් කරගත් අතර ‍ෙදාන් ඩිවෝන් මේ වන විට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

සැහැල්ලු ගුවන් යානා හා රොබෝ තාක්ෂණ නිර්මාණය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ‍ෙදාන් ඩිවෝන් මේ වන විට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණයන්හි නියැළී සිටියි. සිය මිතුරකු හා එක්ව නිර්මාණ රැසක් බිහි කළ අතර ඒ අතරින් රේඛා හඳුනාගෙන ගමන් කළ හැකි රොබෝව, චෙස් ක්‍රීඩා කළ හැකි රොබෝ හස්තය හඳුන්වා දිය හැකිය. ඔහුගේ ස්වනිර්මාණ වන නිවෙසේ ආරක්ෂක පද්ධතිය හා ස්වයංක්‍රියව හා දුරස්ථපාලක මඟින් ක්‍රියාත්මක වන වතුර මෝටර් පද්ධතිය පෙන්වා දිය හැකිය මෙම යන්ත්‍රය නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය කරේ රඳවාගෙන තණකොළ කපන යන්ත්‍රයකට වඩා ඉතා ආරක්ෂිතවය. මෙහි ආකෘතිය නිර්මාණය කර ඇත්තේ ගනකම 16 තහඩුවෙන් හා අඟල් භාගයේ (1/2) තහඩුවෙන් හා හතරැස් බට උපයෝගී කොටගෙනය.
යන්ත්‍රය එහා මෙහා ගෙනයෑම සඳහා යොදාගෙන ඇත්තේ රබර් උපයෝගි කොටගෙන නිෂ්පාදිත රෝද 03ක් වේ. මෙම රෝද භාවිත කර ඇත්තේ යන්ත්‍රය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් අවශ්‍ය පැති කරා හරවා ගැනීම සඳහාය. යන්ත්‍රය මිනිසාට අවශ්‍ය පරිදි ඉදිරියට හා පසුපසට ගෙනයෑම සඳහා වෙනම ගියර් පෙට්ටියක් භාවිත කරන අතර ගියර් පෙට්ටිය ක්‍රියාකරවීම සඳහා වෙනම මෝටර් එකක් සහ 2200 ර්ඒඩ් 35 25ජ ලිතියම් පොලිමර් බැටරියක් භාවිත කරයි. මෙම තණකොළ කපන යන්ත්‍රය ක්‍රියා කරනුයේ පෙට්රල් ඉන්ධන භාවිතයෙනි. මෙම යන්ත්‍රය ටැංකියෙහි ඇති ඉන්ධන නිමාවන තුරු බැටරිය ක්‍රියා කරයි.

මෙම යන්ත්‍රයෙහි සුවිශේෂත්වය නම් මිනිස් සිරුරකට ආදේශ කර නිර්මාණය කර තිබීමයි. මිනිසකුගේ දත්තවලට අනුව ක්‍රියා කරන රොබෝ යන්ත්‍රයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

මාස 1 1/2කට ආසන්න කෙටි කාල සීමාවකදී නිර්මාණය කළ මෙම යන්ත්‍රයෙහි ඉන්ධන සහිත බර කිලෝග්‍රෑම් 26කි. තවත් විශේෂත්වයක් වන්නේ ගෙවත්තේ ඇති තණකොළ කැපීමට අවශ්‍ය උස ප්‍රමාණයන් සීරු මාරු කර ගත හැකි වීමයි. උදාහරණයක් ලෙස සීරු මාරු කළ හැකි උස් පහත් බිම් ප්‍රමාණයන් (1" සිට 5") දක්වා වේ. මෙම උපකරණ වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ආබාධිත පුද්ගලයන්ටය. එක්තැන් වී සිටින ඔවුනට තම ගෙවත්තේ තණකොළ කිසියම් මහන්සියකින් තොරව අලංකාර ලෙස කපාගත හැකි මෙම නව නිර්මාණයෙන් ඔවුනට වඩාත් ප්‍රතිඵලයක් ලබා ගත හැකි උපකරණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

සාමාන්‍ය තණකොළ කපන යන්ත්‍රයකින් තණකොළ කපන ක්‍රියාව කරනුයේ එහි ඇති කර පටිය ආධාරකයකින් තොරව එල්ලා ගැනීමෙනි. එහිදී ඇතිවන අතුරුඵල නම් එන්ජිම ක්‍රියා කරවන තත්ත්වයේදී ක්‍රියා කරවන්නා ආශ්වාස කිරීමේදී ඉන්ජිමේ පිටවන දුමත් ක්‍රියාකරවන්නාට
ආශ්වාසය වේ.

මෙහි පිට කරන දුම්වලට කාබන් ප්‍රතිශතයක් ඇත. එම නිසා මෙය ආඝ්‍රාණය වීමෙන් නොයෙකුත් රෝගාබාධ ඇති වේ. එමෙන්ම මැෂිමෙහි ඇති වන කම්පනය නිසාද ක්‍රියාකරවන්නා විවිධ වූ රෝගාබාධවලට හා දැඩි අපහසුතාවට පත්විය හැකිය. සාමාන්‍ය තණකොළ කපන යන්ත්‍රයක තලයෙහි වැදී ගල් මුල් ආදිය වේගයෙන් විසිවී අසල රැඳී සිටින්නන්ගේ හෝ ක්‍රියා කරවන්නන්ගේ ශරීරයෙහි වැදී තුවාල විය හැකිය. එමෙන්ම ජීවිත හානි පවා සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත. ‍ෙදාන් ඩිවෝන් ලයන්තගේ මෙම තණකොළ කපන යන්ත්‍රය මඟින් ඒ අනතුරු වළක්වා ගත හැකිය.(මෙහි අති photo එක අවදනය සදහා යොමුවකි..)
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තණකොළ කපන්නත් රොබෝ කෙනෙක්....වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ පදිංචි ‍ෙදාන් ඩිවෝන් ලයන්ත මූලික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත මරියා හා වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලින්ය. Rating: 5 Reviewed By: Unknown