728x90 AdSpace

Latest News
Saturday 11 July 2015

ඩොරික් බංගලාව

ඩොරික් බංගලාව



මුහුද අද්දරට වී එය මුහුදු සුළං වදිමින්, දැඩි අව් රශ්මියට පිච්චෙමින්, මහා වර්ෂා කාලයට වැස්සේ තෙමෙමින් වසර දෙසිය දහයක ඉතිහාස කතාවක සජීවී සාක්ෂියක් වී අප ඉදිරිපිට තිබේ. මේ ඩොරික් බංගලාවයි. එසේ නැත්නම් කාලයත් සමඟ අභාවයට ගොස් අද පවතින ඩොරික් බංගලාවේ ස්වරූපයයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත්ගේ වයඹදිග වෙරළ කොනේ වූ නිවෙස්නය වූයේ මෙයයි.
ෆෙඩ්රික් නෝර්ත්ගේම අදහස්වලට අනුව නිර්මාණය කර ඇති මෙය ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට වඩාත් සමීපය. කුඩා කාමර හතරක් සහිත බිම් මහලකින් සහ නිවෙස මධ්‍යයෙන් ඉහළට යා හැකි පඩිපෙළකින් සමන්විත ඉහළ මහලකින් මෙය සමන්විතව තිබී ඇත. ඉහළ මහලේ විශාල ප්‍රමාණයේ කෑම කාමරයක් සහ ආණ්ඩුකාරවරයාගේ නිදන කාමරය පිහිටා තිබී ඇත. ෆෙඩ්රික් නෝර්ත් ක්‍රි. ව. 1804දී මෙය ඉදිකර ඇත්තේ කොණ්ඩච්චි බොක්කේ මුතු කැණීම් අධීක්ෂණය කිරීමටය. ජේම්ස් කෝර්ඩිනර් පියතුමා 1804දී ලියූ කෘතියක මේ නිවෙස ගැන මෙසේ සඳහන් කර තිබේ.
"එය අවිවාදයෙන්ම මේ දිවයින තුළ පිහිටි මනස්කාන්තම නිවහන වන අතර ගෘහ සැලැසුම් ශිල්පයට අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැකිය."
හසිත

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඩොරික් බංගලාව Rating: 5 Reviewed By: Unknown