728x90 AdSpace

Latest News
Sunday 12 July 2015

පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු




තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.
ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත.
වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි.
වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු Rating: 5 Reviewed By: Unknown