728x90 AdSpace

Latest News
Tuesday 21 July 2015

රුධිරය පිරිසිදු කරන හාතාවාරිය


හාතාවාරිය ශාකය උද්‍යාන අලංකාර පිණිස වගා කරන ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා වැළකි. මෙහි උපත නැගෙනහිර මධ්‍යධරණී රටවල සිදු වූ බවත් ක්‍රි. පූ. 200 දී පමණ රෝමවරුන් විසින් වගා කරනු ලැබූ බවත් සඳහන් වේ.
උද්භිද විද්‍යාත්මක නාමය As paragus Race mosus willd නම් විය. කුලය ලෙස Liliacene ලෙසද දෙමළ නාමය කඩාචරි ඉංග්‍රීසියෙන් Wild As paragus යන නම්වලින් හැඳින් වෙන ආයුර්වේදයේ දී ඉතා උසස්‌ ඖෂධීය ගුණයෙන් යුක්‌ත පැළෑටියක්‌ ලෙස සැලකේ.
ලංකාවේ බොහෝ ගෘහ උද්‍යානවල වගාකරනු ලබනු දක්‌නට ඇතිමුත් එහි ඇති ඖෂධීය ගුණය වටහා ගෙන නැත.
වැලක්‌ ලෙසින් දිගට වැවෙන මෙය සිහින් කොළවලින් යුක්‌ත අතු බෙදී ඇත. මුල් වැඩෙන්නේ අලංකාර අල ලෙසිනි. කොළ පැහැති කඳ ත්‍රිකෝණකාර කොටස්‌වලින් සෑදෙයි. වැලේ බඳෙහි කටු දැකිය හැකිය.
මෙහි කොළ කොටා මිරිකා ගත් යුෂ සහල් හා පොල්කිරි සමග මිශ්‍රකර සාදාගත් කැඳ ශරීරගත රෝග රැසකට ගුණදායකය. රුධිරයේ අම්ලතාවය නැති කොට ලේ පිරිසිදු කරන ඖෂධයකි.
හෘදරෝග වාත රෝග හන්දි ඉදිමීම නැති කර ශරීරය සිසිල් කරන ගුණයක්‌ ඇති කරයි. වා පිත් නසයි. ප්‍රජනන ව්‍යqහයට ඉතාමත් ගුණදායක ඖෂධයකි. වාජිකරණයකි. ශුක්‍ර වඩයි. තරුණ බව ඇති කරයි. හෘදයට හිතකරය. මුත්‍රාකාරකය. ශරීරමය දාහය සමනය වේ. මවුකිරි වඩා, ගර්භ දෝෂ නසා ශක්‌තිය වඩයි. මේ ආදී ලෙස හාතාවාරිය කොළ කැඳ ඉතා රසවත් ආහාරයකි.
මෙහි මල් සුදු පැහැති කුඩාය. සුගන්ධවත් මල් පොකුරු වශයෙන් හට ගැනේ. ගෝලාකාර ගෙඩි ඉදුණු පසු රත් පැහැයක්‌ ගනී. එහි එක බීජයක්‌ හෝ දෙකක්‌ තිබිය හැකිය. නිවර්තන උප නිවර්තන වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, නිවර්තන අප්‍රිකාව, ජාවා, ඕස්‌ටේ්‍රලියාව ආදී රටවල දැකිය හැකිය.
ලංකාවේ පහත රට වියළි ප්‍රදේශයද ත්‍රිකුණාමලය, පුත්තලම, යාපනය, බිම්තැන්න, කුරුණෑගල, මිහින්තලය වැනි ප්‍රදේශවල මෙම ශාකය බහුලව දැකිය හැකිය.
මෙම ශාකයෙහි ඇති ඖෂධීය ගුණය ජනතාව දන්නේ ඉතා මඳ වශයෙනි. නගරයේ ගෙවතුවල අලංකාරයට වගා කළ නමුත් ගම්බද ජලය නොරැඳෙන වැලි සහිත මෘදු ලෝම හියුමස්‌ මිශ්‍ර පසෙහි හොඳින් වැඩේ.
මෙහි වර්ග දෙකක්‌ දැකිය හැක. එකම ස්‌වරූපයෙන් යුක්‌ත විශාල පඳුරු ලෙස වැවෙන වැලෙහි අල මුල හා සමානව දිගෙන් යුක්‌තය. කුඩා පඳුරක්‌ ලෙස පිහිටි වැලේ මලෙහි ශාඛා කඳන් අඩුය. එසේම එහි මුල් දිගට නොවැඩී පඳුර සමීපයේම බෝල බෝල අලංකාර අල තිබේ. මෙම වර්ගය ඉතා අඩුය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රුධිරය පිරිසිදු කරන හාතාවාරිය Rating: 5 Reviewed By: Unknown