728x90 AdSpace

Latest News
Friday 17 July 2015

අපේ පන්දු රැකීම ලැජ්ජාසහගතයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පල්ලෙකැ‍ලේදී පැවැති දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වැඩි ගෞරවය ආරම්භක පිතිකරු කුසල් ජනිත් සහ මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
ලකුණු හඹා යෑමේදී කඩුලු බිඳ වැටුණු අවස්ථාවේ චන්දිමාල් සමග ලකුණු සබඳතා පැවැත්වූ මිලින්ද සිරිවර්ධන, සචිත් පතිරණ සහ තිසර පෙරේරා තම යුතුකම් කොටස ඉටු කළ බවද මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.
ලකුණු හඹා යෑමේදී කුසල් විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නා. ඔහුට පන්දු යවන්නන් අසරණ කළ හැකියි. ඔහුගේ ප්‍රහාරය නිසා මම හිතුවේ පන්දුවාර 40 න් තරගය දිනන්න පුළුවන් වෙයි කියලා. ඒත් කඩුලු බිඳවැටුණු නිසා තරගය පාකිස්තානය දෙසට හැරුණා. නමුත් චන්දිමාල් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. යැයි මැතිව්ස් පැවැසීය.
කඩුලු 5 ක් ලකුණු 159 ක් තුළ බිඳ වැටීමෙන් පසු මිලින්ද, සචිත් සහ තිසර සමග එක්වූ චන්දිමාල් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
නවක ක්‍රීඩකයන් වන මිලින්ද සහ සචිත් දැක්වූ දස්කම් අගය කළ මැතිව්ස් ඔවුන් අන්තර් ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් බැවින් පීඩනය දරා ගැනීමේ හැකියාව සතු බවද පැවැසීය.
ශ්‍රී ලංකා පි‍ලේ පන්දු රැකීම පිළිබඳව තමන් දැඩි ලැජ්ජාවකට පත්වී සිටින බව පැවැසූ මැතිව්ස් ලකුණු 40 ක් පමණ නිරපරාදේ ලබා දුන් බව පවසයි. කණ්ඩායමක් ලෙස පන්දු රැකීම ඉතා දුර්වල බවත් මෙලෙස ඉදිරියට යාම අසීරු බවද මැතිව්ස් පවසයි.
ළහිරු තිරිමාන්න දිගින් දිගටම අසාර්ථක වීම පිළිබඳව විමසූ විට මැතිව්ස් පැවැසුවේ එයට හේතුව තමන් නොදන්නා බවයි.
එහෙත් ඔහු දක්ෂ පිතිකරුවෙකු බැවින් ඉදිරියේදී දස්කම් දක්වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. මෙම ජය අතිවිශිෂ්ට ජයක් නොවන බව පැවැසූ මැතිව්ස් මෙය තියුණු සටනක්දී ලබාගත් ජයක් බවත් පවසයි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අපේ පන්දු රැකීම ලැජ්ජාසහගතයි Rating: 5 Reviewed By: Unknown