728x90 AdSpace

Latest News
Saturday 11 July 2015

මන්නාරම බලකොටුව

මන්නාරම කොටුවට එනකොට මධ්‍යහ්නයට ළංවෙලා. මේ දවස්වල මෙහි තියෙන පෑවිල්ල හින්දා පුදුමාකාර රස්නයක් දැනෙන්නේ. මන්නාරම දූපත පටන් ගන්න තැන දකුණු කෙළවරේ මන්නාරම් බලකොටුව උස්ව නැඟී සිටිනවා.
ලංකාවෙ වෙරළබඩ තීරය අල්ලාගත්ත පෘතුගීසින් මන්නාරම් දූපතේ මේ බලකොටුව ඉදිකළේ ක්‍රි.ව. 1650දී. ඔවුන් මෙයින් අපේක්ෂා කළේ සතුරන් නිරීක්ෂණය කරන එකත් සතුරු ප්‍රහාරයකට සාර්ථකව මුහුණ දෙන එකත්. කොහොම වුණත් 1658 පෙබරවාරි 22 වැනිදා ලන්දේසින් මේ බලකොටුව පෘතුගීසින් යටත් කොට අල්ලාගනු ලබනවා. ඊට පස්සෙ 1696 දී ලන්දේසින් මෙය නැවැත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඊට අවුරුදු 99කට පස්සෙ එනම් 1795 ඔක්තෝබර් 05 වැනිදා බි්‍රතාන්‍යයන්, ලන්දේසින්ව යටත් කරගෙන මේ බලකොටුව අල්ලාගෙන තිබෙනවා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මන්නාරම බලකොටුව Rating: 5 Reviewed By: Unknown