728x90 AdSpace

Latest News
Wednesday 29 July 2015

අහස් වියන යට තරු කැට ඇහිඳින්නට එන්න “බ්ලික්වුඩ් වීව්“ බංගලාවට

පිපෙනවා. කඳු මුදුනත සිපගෙන ආ සුළං රැළි ඒ හීතල ගතිය තව තවත් වැඩි කරනවා. අපි හිටියේ බළංගොඩ හරහා බෙලිහුල් ඔය පසුකරමින් බෙරගල නගරයට ආසන්නයෙන්. වංගු වංගු හැරි හැරී යන මහා මාර්ගයෙන් ඉදහිට නැඟුණු වාහනයක ශබ්දයක් හැර වෙනත් බාධාවක් අපට තිබුණේ නෑ. හිතේ හැටියට කඳුකර සිරිය නරඹන්න මනස ඒකාත්මික වෙලා තිබුණේ.

කඳු වළල්ල පුරාම පුළුන් රොද වගේ මීදුම. වාහනේ කවුළුදොරින් ආපු හීතල සුළං රැළි ඇ‍ඟේ වැදෙන කොට හී ගඩු
බෙරගලට පස්සේ හම්බ වෙන්නේ හපුතලේ ටවුන් එක. හපුතලේ ගැන කතාවෙනකොට අපි කාටත් මතක් වෙන පැරණි ජනකවියක් තිබෙනවා.
තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද දනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවුකළ ගොනේ ඇදපන් හපුතල් යනවා

ඉස්සර ආදි කාලේ ප්‍රවාහන මාර්ග නොදියුණු යුගයක ගැල්කරුවන් හපුතලේ කන්ද ගැන කියපු කරත්ත කවියක් ඒක. මේ කරත්ත කරුවන් තමන්ගේ ගැලේ හරකුන් විවේකයට ලෙහා දාන්නේ එකල කටුකැලේ නමින් හැඳින්වුව ප්‍රදේශයේ. අපි දැන් ඉන්නේ එදා කටුකැලේ නමින් හැඳින්වුව මේ ප්‍රදේශයේ. වර්තමානයේ බෙරගලත් හපුතලේත් නගර දෙක අතර ප්‍රදේශයේ. මේ කටුකැලේ නමින් හැඳින්වුව ප්‍රදේශය කලින් කලට භාවිතාවේ පරිණාමයෙන් කළුකැලේ වෙලා තිබෙන බවට ජනප්‍රවාද තිබෙනවා.
ඉංග්‍රිසින් අපේ රට යටත් කරගන්නවාත් සමඟ තේ වගාව පිණිස ඔවුන් ක්‍රමයෙන් උඩරටට සංක්‍රමණය වූ ආකාරය අපි කවුරුත් දන්න දෙයක්. ඉංග්‍රිසි ජාතිකයිනුත් මේ කියන කළුකැලේ තේ වවන්න ආවා. කළුකැලේ යන්න ඔවුන් ඉංග්‍රිසියෙන් හැඳින්වූවේ බ්ලැක්වුඩ් (Black wood) නමින්. අදටත් මේ නමින් ශේෂ වුණ තේ වතු මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා.
අපේ ගමන නැවතුණේ මේ බ්ලැක් වුඩ් වතු යායෙන් ශේෂ වුණු තේ වත්තක කුඩා කොටසක. අද එය බදුල්ල - කොළඹ මහා මාර්ගයට මායිම්ව තිබෙන අලංකාර බංගලාවක් සහ හෝටලයකින් යුතු දර්ශනීය භූමි භාගයක්. අර පැරණි ජනකවියෙන් කියවෙන හපුතලේ කන්දෙ හරි මැදක් වන්නට වගේ. වර්තමානයේ මේ දර්ශනීය භූමිභාගය අයත් වන්නේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට. ‘බ්ලැක් වුඩ් වීව්’ බංගලාව සහ හෝටලය පිහිටා තිබෙන මෙම මනරම් භූමි ප්‍රදේශය වර්තමානයේ හඳුන්වනුයේ අග්නිදිග ආසියාවේ වේදිකාව නමිනි.
බෙරගල සිට හපු‍තලේ ප්‍රදේශය දක්වා වූ මෙම කලාපය මෙරට ස්වභාව සෞන්දර්යය ආස්වාදනය කරන්නන්ගේ සැබෑම වේදිකාවක් ලෙස හැඳින්නීම කෙතරම් සුදුසුදැයි හැ‍ඟෙන්නට ඔබේ පියවි ඇසින් එහි සුන්දරත්වය නැරඹිය යුතුමය. බදුල්ල - කොළඹ මහා මාර්ගයේ ගමන් කරන්නෙකුට මෙම රමණීය දර්ශන නැරඹීමට බාධාවන අයුරින් කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මෙම ප්‍රදේශයේ පරිපාලන ආයතන‍යන්ගෙන් ඉඩක් නොලැබේ.
සොබාදහම් දිනිතිය අපට දායාද කළ මේ සොඳුරු පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිවී ඇති බ්ලැක්වුඩ් බංගලාව ඇතුළතට පිවිස ඇත. කඳුවළල්ල දෙස බලා සිටින්නෙකුට ලංකාව මෙතරම් ලස්සන දැයි විටෙක සැක සිතෙන්නට ඉඩ ඇත. මෙම මනස්කාන්ත දර්ශන සියල්ලම මෙම බංගලාවේ සියලුම කාමරයන්ට දර්ශනය වන අන්දමින් ඉතා අලංකර සදළුතල පද්ධතියකින් යුතුව ඉදිකර තැබීම එහි විශේෂත්වයකි. මේ සදළුතලයක සිට දැහැන්ගත වෙන සිත ලංකාවේ දිස්ත්‍රික්ක 07 ක ආකර්ෂණීය දර්ශන වෙත එකවර රැගෙන යයි.
ඈතින් දිස්වන කඳු පන්ති අතර විසල්ව නැගී සිටින්නේ ඓතිහාසිකමය වශයෙන් වටිනාකමක් ඇති බළංගොඩ - කුරගල කඳු පන්තියයි. ආදී මානවයගේ සොඳුරු සෙවණැලි සැඟවුණු බළංගොඩ මානවයා ගේ නෂ්ටාවශේෂ සොයාගෙන ඇත්තේ මේ කඳු පන්තියෙනි. ඊට සමගාමීව තැනින් තැ නැගී සිටින අවශේෂ කඳු ගැට සහ කුඩා කුඩා කඳු පන්ති බළංගොඩ කඳු පන්තිය නම් වූ මනමාලිය වටකො සිටින යහළු යෙහෙළියන් මෙනි.
කඳු පන්තීන්ගෙන් ඔබ්බට දෑස් දිවයද්දී ශ්‍රී ලංකාවේ එක් කෙළවරක මායිම සනිටුහන් කරමින් ක්ෂිතිජයත් සමඟ හාවූ නිල්පාට තීරුවක් ලෙස පෙනෙන සමුදුර දක්වාම පෙනී යයි. උඩවලව ජලාශය, සබරගමුව විශ්ව විද්‍යාලය, වෙහෙරගල, තිස්සමහාරාමය, කතරගම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට වරාය පුංචි පුංචි තිත් ආකාරයට ඈතින් දිස්වනු පෙනේ.
මේ ස්ථානයේ රාත්‍රියක් ගත කළහොත් පුංචි පුංචි තරුකැටවලින් සමන්විත අහස් වියනක් ඔබට පහළින් දර්ශනය වේ. ඒ රාත්‍රියේ පසුදා පහන් වනවිට ඔබට දැක ගත හැකි වනුයේ පුළුන් වලා විමානයේ මැද ඔබ සිටින අයුරුය. පහළින් දර්ශනය වූ සියලු කඳු පන්ති මීදුම් තිරපටින් වසාගෙනය. ඈතින් පෙනෙන ලෝකාන්තය කඳුවැටියට හාදු පුදන මීදුම් මනමාලී කාටවත් නොපෙනෙන්නට කඳු වැටිය සිය පපුතුරේ සඟවාගෙනය. නෙත් සිත් වශීකරන මේ දර්ශනය නරඹන්නට ඔබ බ්ලැක්වුඩ් වෙත පැමිණිය යුතුමය.
බ්ලැක්වුඩ් සිට ඒ අවට ඇති දර්ශනීය ස්ථාන රැසකට ඇත්තේ කෙටි දුරය. ඇඩිෂම් බංගලාව, බඹරකන්ද දිය ඇල්ල, දියළුම ඇල්ල, රාවණා ඇල්ල, දෝව රජමහා විහාරය, ලිප්ටන් සීට් වැනි ස්ථාන නැරඹීමට මෙහි සිට ඔබට පහසුවෙන් ගමන් කළ හැකිය. නුවරඑළිය නගරයට පැය 1 1/2 ක් ඇතුළතත්, හෝර්ටන් තැන්නට පැය 1 1/2 ක් ඇතුළතත් මෙහි සිට ළඟාවිය හැකිය.
බදුල්ල - කොළඹ මාර්ගයේ හපුතලේට ආසන්නව පහළ බෑවුමේ ඉදිවී තිබෙන මෙම බංගලාවේ දොළොස් දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගත හැකිය. තමන්ගේ අවශ්‍යතාව පරිදි කෑම බීම සකසා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඊට සුදුසු වන ආකාරයේ පහසුකම් ද මෙහි වේ. බ්ලැක්වුඩ් බංගලාව සහ හෝටලය එකිනෙකට සමීපව පවතින බැවින් මේ දෙකම එකවර වෙන්කිරී‍ෙම් පහසුකමක් ද වේ. එවිට 30 - 35 ක් අතර කණ්ඩායමක් සඳහා නවාතැන් ගැනීෆම් පහසුකම වේ.
බ්ලැක්වුඩ් වීව් හි සියලුම කාමර සඳහා අලංකාර නාන කාමර, උණුවතුර, අලංකර බැල්කනියකින් යුක්තය.
හෝටලයේ ඉදිපසින් ඉදිවී ඇති භෝජනාගාරය අතිශයින් ම සුන්දර වනුයෙව් ඈතින් ඈතට මනරම්ව දිස්වන කඳුපෙළේ අසිරිය භෝජනාගාරයේ සිට විඳියි හැකි බැවිනි. මෙම ස්ථානයට කෝච්චියෙන් ළඟාවනවා නම් හපුතල් දුම්රිය ස්ථානයෙන් බැස කිලෝමීටර් 3 1/2 ක පමණ දුරක් කොළඹ පාරේ ආ යුතුය.
මෙම මනරම් මන්දිරයේ නිර්මාණකරුවා වූයේ කාලින් රතුවඩුගේය. ඔහු මාතර ප්‍රදේශයේ උත්පත්තිය ලැබූවෙකි. ව්‍යාපාර කටයුතු සඳහා කොළඹට සංක්‍රමණය වූ ඔහු කුඩා අවදියේ සිටම පරිසරයට ආදරේ කරන සුන්දරත්වය සංවේදීව විඳින්නට පුරුදු වූ අයෙකි. කොළඹ ගෙවන කාර්ය බහුල ව්‍යාපාරික ජීවිතයෙන් ඉසිඹුවක් ලබන ඔහු බ්ලැක්වුඩ් වත්තේ මෙම කොටස මිලදී ගනුයේ තම පවුලේ අවශ්‍යතා වෙනුවෙනි.
කාර්ය බහුල ජීවිතයෙන් මඳක් විවේක ගන්නට ඔහු මේ ස්ථානයේ සිය පවුලේ නවාතැනක් ලෙස බ්ලැක්වුඩ් බංගලාව ඉදිකරන්නේය. මේ මනස්කාන්ත බංගලාව දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස ගැසෙන්නේ ඉන් පසුවය. ශීතල කඳුකරයේ මීදුම් තොටිල්ලක නැළවෙමින් අහස් වියන යට තරු කැට ඇහිඳින්නට බ්ලැක්වුඩ් වෙත පිවිසෙන්න ඔබටත් ආරාධනා. blackwood.lk වෙබ් අඩවියෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි.
හේමාලි විජේරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අහස් වියන යට තරු කැට ඇහිඳින්නට එන්න “බ්ලික්වුඩ් වීව්“ බංගලාවට Rating: 5 Reviewed By: Unknown