728x90 AdSpace

Latest News
Thursday 23 July 2015

පෝෂණීය වටිනාකම් රැසකින් සපිරි කතුරුමුරුංගා


ගෙවත්තෙන් ලබා ගන්නා කොළ මැල්ලුම් අතර කතුරුමුරුංගා පහසුවෙන්ම ගෘහණිය අතින් පිසෙන පලා වර්ගයකි. ඔබේ බත් පිඟාන වර්ණවත්ව කොළ පැහැයෙන් දිලෙන්නට ගුණය රැකගන්නට කතුරුමුරුංගා මැල්ලුම මඳ ගින්නේ පිස ගන්නා ආකාරය ගෘහණිය හොඳින් දනී. වැඩි සාත්තුවක් නැතිව රසායනික පොහොරක් නැතිව වත්තෙන්ම කඩාගෙන කිසිම සෝදා පාලුවකට ලක් නොවී වැසි කාලයේදීත් ලෙඩ රෝගවලින් දුරස්ව ලබාගත හැකි එකම පලා භෝගය කතුරුමුරුංගායි. ශීත ගුණයෙන් යුක්තවීම නිසා අපගේ විවිධ ලෙඩ රෝගවලට උදව් වේ.
පෝෂණීය වටිනාකම
කතුරුමුරුංගා මල්වල කැල්සියම්, අයන් හා විටමින් B බහුලව ඇත.
ඖෂධීය ගුණ
කතුරුමුරුංගා කොළ හා පොතු ඉදිමුම නැති කිරීමට උදව් වේ. තුවාල ශුද්ධ වීම හා සුව වීමද සිදුවේ. මල් ඇස්වලට හිතකරයි. කොළ විරේචන ගුණය ඇත. සෙම්, පිත් නසන බව ආයුර්වේද මතයයි. කුසගිනි ඇති කරන්නට සමත් වේ.
මළ බද්ධයට බොහෝසෙයින් ගුණ දේ. ඇස් පෙනීම වැඩි වේ. නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව, පීනස ආදී රෝග සඳහා ද තොල් පැලී වණ වී ඇතිවන රෝග ආදියට සුව දෙයි. එසේම සෙංගමාලය, වියළි කැස්ස ආදියටත් සුදුසුයි. කොළ රත් පිත් නසයි.
ස්වසන රෝග නසාලයි. සෙම් රෝග දුරු කරයි. විරේකනය සැහැල්ලු වෙයි. නමුත් සමහර අයට තද බල ලෙස විරේකය ඇති වේ. ගර්භාෂ රෝග නැති කරයි. මුත්‍රා ව්‍යුහයේ රෝග නසාලයි. මුල් හා කොළ පොතු අඹරාගත් ලේපය, සන්ධිගත වාත හා වාත රක්තයට ගුණදායකයි.
කතුරුමුරුංගා මල්, කොළ, ආහාරයට ගනු ලැබේ. මල් ව්‍යංජනයක් ලෙස ගන්නා රසවත් ආහාරයකි. කොළ ව්‍යංජනයක් මෙන්ම මැල්ලුමක් වශයෙන් ද ගනී. තරමක තිත්ත රසයක් පවතින බැවින් එහි අන් ඒවාට වඩා රසය වෙනස්ය. මෙහි මල් ස්ත්‍රීන්ගේ (ශ්වේත ප්‍රදර) සුද යෑම අවස්ථා සඳහා ගුණදායකයි.
පණු රෝග නැති කරයි. සවප්න මෝචනය පිණිස ද යෝග්‍ය වේ. ශරීරයේ දැවිල්ල, ශරීරයේ කොතනින් හෝ අස්වාභාවික ලේ යෑමේදී (රක්තපිත) ඉතා ගුණදායකයි. ඒ වගේම කතුරුමුරුංගා මල් බුද්ධිය වර්ධනයට හා ශරීර බලය වර්ධනය කර ගැනීමට උදව් වේ. කල්පනා ශක්තිය දියුණු කරන, බලය වඩන, ශුක්‍ර වඩන ලපටි කතුරුමුරුංගා කරල් රසවත් ව්‍යංජනයක් ද වේ.
කතුරුමුරුංගා රෝග සුවයට ගුණයි
සෙම අඩු කිරීමට
කතුරුමුරුංගා කොළ කලං 4, කතුරුමුරුංගා මල් කලං 4,පාවට්ටා කොළ කලං 4 වතුර පත 8 එකට සිඳ පෙරා උදේ සවස මී පැණි සමඟ බොන්න.
මී මැස් මොරය
කතුරුමුරුංගා කොළ, යුෂ ගම්මිරිස් සමඟ අඹරා එළ මුත්‍රයෙන් දියකර පෙරා උදේට නස්‍ය කරන්න.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පෝෂණීය වටිනාකම් රැසකින් සපිරි කතුරුමුරුංගා Rating: 5 Reviewed By: Unknown