728x90 AdSpace

Latest News
Saturday 18 July 2015

නම්බපාන ඇලේ පිහිටි විශාල තැන තොටුපළක් වන මෙම ස්ථානය පුදුමාකාර සිසිලසක් තියෙන තැනක්.

නාන්න යන්න කියාපු තැනක්


අවුරුදු නිවාඩුවට කට්ටියම එකතු වුනාම ටිකක් එළියට යන්න හිතනවා. ඒ කියන්නේ එළියට ගිහිං කෙහෙන් හරි නාලා වීනෝද වෙලා එන්න කවුරුත් හිතනවා.එහෙම නාන්න යනවා නම් ඉතිං කොයි තරම් පීනනන් දක්ෂයො වුනත් ආරක්ෂිත තැනකට යන එක තමයි හොඳ.
කොලඹ හරි කළුතර කිට්ටුව හරි නම් ඉන්නේ එහෙම ආරක්ෂිතව නාන්න හොඳම තැනක් තමයි පරෙයිතොට කියන්නේ.
ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ සැතපුම් 1ක් ගොස් වමට ඇති නම්බපාන පාසැල් මාවතේ සැතපුම් ½ක් ගියාම මෙතන්ට යන්න පුළුවන්.
O pareithota (5) pareithota (4)
නම්බපාන ඇලේ පිහිටි විශාල තැන තොටුපළක් වන මෙම ස්ථානය පුදුමාකාර සිසිලසක් තියෙන තැනක්. ගහ කොළ වලින් පිරුණ මේ තොටුපළේ ජලයද සිත පිනායන තරමටම සිහිලසයි.ඇල මාර්ගය දෙපැත්තේ වැවිලා තියෙන ගස් කොළං නිසා මේ සිසිලස තියෙන්නේ.
ඒ විතරක් නොවෙයි මේ තොටුපළට යාබදව ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා තොටුපළවල හා දිය ඇලිවලින් මෙම ස්ථානය තවත් අලංකාර වෙනවා. සම්පුර්ණයෙන්ම ආරක්ෂිත විදිහට මේ තොටුපළේ දිය නාන්න පුළුවන්.
pareithota (7) pareithota (2) O
ඒත් එකම ප්‍රශ්ණය තමයි එහෙත් දිනපතා මෙම ස්ථානයේ දිය නාන්න යන සහ විනෝදයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් මෙම සුන්දර පරිසරය විනාශ කරනවා. ඔවුන් විසින් රැගෙන එන පොලිතින් උර හා බෝතල් බිද තැන තැන දැමීමෙන් විශාල ලෙස පරිසරය අපවිත්‍ර කරනවා. මේ වෙනකොට නම් ප්‍රාදේශිය පරිසර සංවිධාන එකතු වෙලා මේ ප්‍රදේශයේ පිරිසිදු කිරීම් කරලා තියෙන්නේ. ආයෙත් ඒවා අපේ අතින් අපිරිසිදු නොවෙන්නයි වග බලා ගන්න ඕන.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නම්බපාන ඇලේ පිහිටි විශාල තැන තොටුපළක් වන මෙම ස්ථානය පුදුමාකාර සිසිලසක් තියෙන තැනක්. Rating: 5 Reviewed By: Unknown