ශ්‍රී දළදා මාලිගාව

ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු සෙංකඩගල පුරවරයේ පිහිටි ශ්‍රී දළදා මාලිගාව දෙස විදෙස් ජනතාවගේ විශේෂ ගෞරවාදර පූජෝපහාරයට ලක්වන බෞද්ධ සිද්ධස්ථානයකි. උඩරටට ආවේණික වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ලක්ෂණවලින් පිරිපුන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගන ලද්දේ I වැනි විමලධර්මසූරිය රජු විසිනි. (1592-1604)
පෘතුගීසි ආක්‍රමණවලට ලක්ව එම මාලිගාව විනාශ වූ අතර, නටබුන් මත යළි ශ්‍රී දළදා මාලිගාව ගොඩනගා තිබේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වර්තමානයේ දක්නට ලැබෙන පැරණි වැඩසිටින දෙමහල් මාලිගාව ඉදිකරන ලදී. අනතුරුව රාජ්‍යත්වයට පැමිණි නායයක්කාර් වංශික රජවරුන් පවා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගනිමින් ශ්‍රී දළදා මාලිගාව වැඩිදියුණු කොට ඇත.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ගන්ධකුටිය රිදියෙන් නිමවා රන් ආ‍ලේපිතව වටිනා මිණිමුතුවලින් අලංකෘත කර ඇති විශාල කරඬුවක තවත් කරඬු 06ක් තැන්පත් කර ඇත. රත්න ෙචෙත්‍යයක් බඳුව නිර්මාණය කර ඇති මෙම මහ කරඬුව පූජා කරන ලද්දේ II වන විමලධර්මසූරිය රජු (1687 -1707) විසිනි. ශ්‍රී දන්ත ධාතූන් තැන්පත් කර ඇත්තේ එහි හත්වන කරඬුව තුළය. වටිනා මිණිමුතුවලින් විසිතුරු වූ ස්වර්ණාභරණයන්ගෙන් මහ dala2කරඬුව සරසා ඇති අතර, එහි දෙපස පෙරහර කරඬුව සහ බුරුම කරඬුව තැන්පත් කර ඇත.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මහ කරඬුව ඉදිරිපස රනින් නිමවූ මල් ආසනයකින්ද සමන්විතය. මෙහි සුදු පැහැ පිච්ච මල් පූජා කෙරෙන අතර, එම මල් වට්ටියක හෝ බන්දේසියක තැන්පත් කර තේවාව භාර ගරුතර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත භාරදිය යුතුය.
ගන්ධ කුටියට ප්‍රවිශ්ට වන විට එහි ඇති රිදී පඩිපෑගීමට කිසිවකුටත් අවසර නොමැති අතර, දළදා වන්දනා කිරීමට පැමිණ රජු සිය ඔටුන්න ගලවා නළලෙහි තබා වන්දනා කළ බැවින් එම සිරිත සම්ප්‍රදායක් වශයෙන් පැවත එයි.
...................පත්තිරුප්පුව.....................
මහමළුවට රැස්වන ජනයාගේ දුක් ගැනවිලිවලට සවන්දීමට ජනයා ඇමැතීමට සහ කිරි සයුරේ සෞන්දර්යය නැරඹීම සඳහා රජු පත්තිරිප්පුව භාවිතා කර ඇත.
පාත්ව සිටින අය අරුත් දනවන “පාත්ත ඉරිප්පු” යන දමිළ වචනය බිඳී පත්තිරුප්පුව යන වචනය සකස්ව ඇති බව පැවැසේ.
උඩරට හන්දෙස්සේ දේවේන්ද්‍ර නම් දක්ෂ ශිල්පියෙකු ලවා වර්ෂ 1802දී ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පත්තිරිප්පුව ගොඩනංවා ඇත. අටපට්ටම් හැඩයට සමාන බවකින් යුතු මෙම ගොඩනැගිල්ලට ඊට ඉදිරිපස ඇති දිය අගල හා වළාකුළු බැම්ම දර්ශනීය බවත් ලබාදී තිබේ.
රජයට අයත්ව තිබූ පත්තිරිප්පුව, දිවංගත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් ශ්‍රී සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාවට භාරදී ඇත.
.....................මගුල් මඩුව..................
උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට අංගයක් වූ මගුල් මඩුව ශ්‍රී දළදා මාලිගාව අබියස පිහිටි ලී කැටයම් රැසකින් සමන්විත දර්ශනීය ගොඩනැගිල්ලකි.
අද දැකිය හැකි දැවමය මඟුල් මඩුව රාජාධිරාජසිංහ රජු (1781-1798) ක්‍රි.ව. 1783දී කරවා ඇති අතර, ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පසුව එය ප්‍රතිසංස්කරණය කරන ලද බව පැවසේ. රාජාධිසිංහ රජු ඉදිකළ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වූවත් ඊට ප්‍රථම මඟුල් මඩුවක් තිබූ බව පිළිගැනේ. රජු ප්‍රමුඛ ඉහළ නිලධාරී මඩුල්ලකින් සමන්විත මණ්ඩලයක් මගින් නඩු අසා තීන්දු ප්‍රකාශ කිරීම මෙම මඟුල් මඩුවේදී සිදුව ඇති අතර, එබැවින් මෙම ශාලාව “මහනඩුව” වශයෙන්ද ව්‍යවහාර වී ඇත.
පෙරහර නිමා කළ බව රජුට දැනුම් දීම මෙන්ම විශේෂ රාජකීය අමුත්තන්ගේ හමුවීම්ද සිදුව ඇත්තේ මඟුල් මඩුව තුළදීය. අධිරාජ්‍යවාදීන්ට යටත්ව උඩරට ගිවිසුම 1815දී අත්සන් තැබිම සිදුව ඇත්තේද මඟුල් මඩුව තුළදීය. අස්ගිරි, මල්වතු මහනායක පදවි හා අනුනායක පදවි වර්තමානයේදී පිරිනැමීම සිදුකරන්නේ මෙහිදීය.
.......................මහනුවර නගරය......................
සිංහල රාජධානියේ අවසන් අගනගරය වූ සෙංකඩගල පුරවරය ස්වභාව සෞන්දර්යයේ විශිෂ්ට නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය. නගරය වටකොට ගලා බසින මහවැලි නදිය සහ නගර අභ්‍යන්තරයේ කිරි සයුර මහනුවර නගරයේ විචිත්‍රවත් බව වඩාත් තීව්‍ර කරයි. ශ්‍රී සෙංඛණ්ඩ ශශලාභිධාන ශ්‍රී වර්ධනපුරය නමින් අතීතයේදී හැඳින්වුණු මෙම නගරය පසු කලෙක මහනුවර වශයෙන් ව්‍යවහාර විය.
ගම්පහ රජ කළ III වැනි වීර පරාක්‍රමබාහු රජු (1357-1374) සෙංකඩගල පුරවරය පිහිටූවා යැයි පිළිආදි කලා ශිල්ප මහනුවර නගරය ලෝක උරුම නගරයක් බවට පත්වීමට හේතුවිය. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ශ්‍රී දළදා මාලිගාව, අස්ගිරි, මල්වතු උභය මහ විහාර, රජ මාලිගා සංකීර්ණය, නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව්මහ දේවාල ආදිය සෙංකඩගල පුරවරය ලෝක උරුම නගරයක් බවට පත්වීමට මහෝපාකරී විය.
මහනුවර නගරය අවට ගඩලාදෙණිය, ලංකාතිලක, ‍ලේවැල්ලගංගාරාමය, දෙගල්දොරුව, කුණ්ඩසාල, ගැනෙන අතර, එය රාජධානියක් වශයෙන් ස්ථාපිත කර ඇත්තේ I වැනි විමලධර්මසූරිය රජු විසිනි. කන්ද උඩරට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් යුතු පුරාණ ගොඩනැගිලි ඉපැරණි වලව්, ලී කැටයම් හස්ත නිර්මාණ සිතුවම් හා වාස්තු, නර්තන සුදුනුම්‍පොළ ආදී ඓතිහාසික විහාරයන්ද නගරයේ ශ්‍රී විභූතියට වැඩි දායකත්වයක් ලබාදී ඇත.


  • GaYan InDika