728x90 AdSpace

Latest News
Monday 20 July 2015

සඳ මෝරන විට ඇදුම පීනසද වැඩි වේ

සඳ මෝරන විට ඇදුම පීනසද වැඩි වේ

පූර්ණ චන්ද්‍රයා අහසෙහි බැබළෙන විට මිහිතලය සෞම්‍ය වෙනවා. පොළොවේ උෂ්ණත්වය වැඩි වෙනවා. සිසිල වැඩි වෙනවා. මහ පොළොව තෙත් වීමෙන් මිනිසාගේ සෙම රෝග වැඩි වෙනවා. ශරීරයේ සෙම් හට ගන්නේ ද චන්ද්‍රයාගේ බලපෑම මතයි. උෂ්ණ රෝග ඇති වන අතර සමහර රෝග සුව වෙනවා. චන්ද්‍රයා මෝරන කාලයට ඇති වන රෝග වශයෙන් ඇදුම, පීනස, ක්‍ෂය රෝගය, මී මැස්‌මොරය, උමතුව, පිළිකා රෝග ආදිය දැක්‌විය හැකිය. ඇදුම හා චන්ද්‍රයා අතර දැඩි සම්බන්ධතාවයක්‌ පවතිනවා. චන්ද්‍ර කිරණවල තියෙන්නේ සෞම්‍ය ගුණයයි, සිසිලයි. චන්ද්‍රයාගෙන් ජලය වැඩි වෙනවා. මෙය ශරීරයේ සෙම ද පාලනය වන බැවින් සෙම් රෝගීන්ගේ රෝගී තත්ත්වය වැඩිවෙනවා. සූර්යයාගේ තද උෂ්ණත්වය නිවන්නේ සඳ රැස්‌වලිනි. මනුෂ්‍ය ශරීරයෙහි ද පූර්ණ චන්ද්‍රයා පායන කාලයේදී සෙම හෙවත් තෙත් ගතිය වැඩි වෙනවා. සිරුර අධිකව තෙත් වීමෙන් පෙනහැල්ලට සෙම උරා ගැනීම වැඩිවෙනවා. පෙනහැල්ලේ වායු කෝෂ නිර්මාණය වී ඇත්තේ පෙණ වැනි කෝෂවලිනි. ශරීරයේ සෙම හෙවත් තෙත වැඩි වන්නට වායු කෝෂ තෙත් වෙනවා. වායු කෝෂ තෙත් වීමෙන් (පෙණ පිරුණ විට) වායු කෝෂවලට වාතය ඇතුල් වීම අඩුවෙනවා. ශරීරයට අවශ්‍ය අම්ලකර සහිත වාතය පෙනහල්ලට පුරවා ගැනීමට වේගයෙන් හුස්‌ම ගැනීමට සිදුවෙනවා. මේ හේතුවෙන් හතිය ඇති වෙනවා. චන්ද්‍රයා මෝරන විට ඇදුම රෝගීන්ගේ පෙනහැල්ලේ සෙම පිරී නාඩි කුඩු ඇහිරී කෝප වීමෙන් ද හතිය ඇතිවේ. චන්ද්‍රයා මෝරන විට ඇදුම වැඩි වන්නේ මේ හේතුවෙනි. වත්මන් සමාජයේ බොහෝ දෙනෙකු පීනස්‌ රෝගයෙන් පෙළෙන්නෝය. පීනස්‌ රෝග වැළඳී ඇති අයට චන්ද්‍රයා මෝරන කාලයේදී එය අසාධ්‍ය තත්ත්වයට පත්වෙනවා. පසළොස්‌වක පොහොය ළං වන විට කවිසුම් යැම, හිසේ කැක්‌කුම, නාසය සිර වීම, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, මුඛයේ පණු ගෙඩි ආදිය ද ඇති වේ.
පීනස්‌ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී පළමුව තෙල් වර්ග පමණක්‌ හිසට දැමීම අහිත කරයි. එවිට මොළයේ ඇති සෙම පෙනහළුවලට බසියි. එවිට ළය පීනස ඇතිවේ. ළය පීනසට ප්‍රතිකාර නොකළොත් ඇදුම රෝගය වැළඳෙනවා.
රෝගියාගේ සෙම බුරුල් කරන ඖෂධ මුලදීම නොයොදා ඒවා ක්‍රමයෙන් යෙදිය යුතුය. ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීමේ දී එය අමුතුම මුහුණුවරකින් ඉතාමත් පරීක්‍ෂාකාරීව කළ යුතු වෙනවා. මෙම රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක්‌ දුර්වල ශරීර ඇත්තෝ වෙනවා. ඔවුන්ට පළමුව යෙදිය යුත්තේ ශරීරය ශක්‌තිමක්‌ කරන ඖෂධ පන්තියක්‌. ශරීරය ශක්‌තිය මැනවින් පවතින කල් ගත නොවූ ඇදුම රෝගීන්ට වුවත් එක්‌ වරම සෙම බුරුල් කරන ඖෂධ අධික ප්‍රමාණයක්‌ යෙදීම ද සුදුසු නොවේ. පාවට්‌ට දලු, බටු දලු ආදිය අනුපාන මෙන්ම කෝල සෙලෙස්‌මාව වැනි තෙල් වර්ග ද, දශමූල අරිෂ්ඨය ආදිය ද පළමුව නොදිය යුතුය. සමහර රෝගීන්ට මේවා යෙදීමෙන් ඇදුම රෝගය වැඩි වීමට ඉඩ තිබෙනවා.
ඇදුම රෝගීන් පිළිපැදිය යුතු කරුණු

සීත ආහාර වර්ග වන නිවිති, බණ්‌ඩක්‌කා, මුං ඇට, ගොටුකොළ, තැඹිලි, චීස්‌, බටර්, එළ කිරි, තෙල් මිශ්‍ර ආහාර වර්ග, පින්නට හසු වීම, සීතල ජලය නෑම, රාත්‍රි කාලයේ දී දිය නෑම, දූවිල්ලට හසු වීම. දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම, අධික සුවඳ හමන සුවඳ විලවුන් වර්ග භාවිතය, තිනර් සහ සායම් වර්ග ආශ්වාස කිරීම, වාහනවලින් පිට වන දුම ආශ්වාස කිරීම, ශීත කරන ලද කාමරවල නිදා ගැනීම, විදුලි පංකා භාවිතය යන මේ කරුණුවලින් ඇදුම රෝගියා වැළකී සිටිය යුතුය.
දේශීය වෛද්‍ය ගලගම ඥනාලෝක හිමි
(ගලගම වෙද හාමුදුරුවෝ) - දිවයින
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සඳ මෝරන විට ඇදුම පීනසද වැඩි වේ Rating: 5 Reviewed By: Unknown