728x90 AdSpace

Latest News
Thursday 16 July 2015

තම්පලා රත්තයාට, පිතට ගුණයි


තම්පලා රත්තයාට, පිතට ගුණයි
පලා වර්ග ආහාරයට ගන්නා විට ශරීරය පැහැපත් වෙන අතර ශක්තිය ද ලැබේ. මේ නිසා බොහෝ දෙනා කුමන හෝ පලා වර්ගයක් ආහාරයට එක්කර ගැනීමට උනන්දු වෙති. හැම පලා වර්ගයක්ම වැවීමට අපහසු වුවත් තමන්ගේ ගෙවත්තක වැවීමට ඉතාම යෝග්‍ය පලා වර්ගය වැවීමට ඔබ උනන්දුවීම වැදගත්ය.
සිටුවා දින 20-25 වැනි ඉතා කෙටි කාලයකදී අස්වනු ලැබිය හැකි තම්පලා ඛනිජ හා විටමින් අඩංගු පලා වර්ගයකි. රත්තයා, පිත සමනය කර මළ බද්ධය නැති කිරීමට උපකාර කරයි. දහදිය දුගඳ නැති කිරීමට හැකි සෞම්‍ය ගුණයක් තිබේ.
රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ භාවිතය උචිත වන අතර වර්ග මීටර් 1 ක් සඳහා බීජ ග‍්‍රෑම් පහක් ප‍්‍රමාණවත්ය. පස පෙරළා කැට පොඩිකර බිම සකස් කර අවශ්‍ය කාබනික පොහොර දැමීම උචිත වේ.
ප‍්‍රදේශය අනුවත් භූමියෙ පිහිටීම අනුවත් පාත්ති සකස් කිරීම කළ යුතුය. තවාන් දැමීමකදී නම් කුඩා බඳුනක් තෝරා ගැනීම කළ යුතුය. නැතිනම් තම්පලා ඇට කුඩා බැවින් සෝදා යෑමට ලක්විය හැකිය.
පාත්තිවල පැළ සිටුවීමේදී පේළි අතර අගල් 6 ක් පමණ තිබෙන ආකාරයට පැළ සිටුවීම කළ යුතුය. මුල් කාලයේදී පැළ ඉතා කුඩා බැවින් නිසි රැකවරණයක් ලබාදීම වැදගත්ය. පැළය සරුවට වැවීම සඳහා කාබනික ද්‍රව්‍ය බහුල යෙදීම උචිතය.
වර්ධනය අඩුබව හැඟීයන මොහොතක යූරියා ස්වල්පයක් යෙදීම කළ යුතුය.
පත‍්‍ර කා දමන දළඹු හානිය සහ අධික වර්ෂාව සහිත වීම තම්පලා ශාකයට අහිතකරය. දිලීර හානිය පැතිර යාම වැළැක්වීමට ආසාදනය වූ පත‍්‍ර ඉවත් කිරීම කළ යුතුය. සෙවණ ඉවත් කිරීම හා ජලවහනය දියුණු කිරීම මඟින් වගාව සාරවත් කර ගැනීමට හැකියාව ලැබේ.
අවශ්‍ය නම් ශාකයම ගලවා අස්වැන්න ලබාගත හැකි අතර පේළියට සිටුවා ඇති විට අතු කපා ගැනීමෙන් අස්වැන්න ලබාගත හැකිව තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තම්පලා රත්තයාට, පිතට ගුණයි Rating: 5 Reviewed By: Unknown