728x90 AdSpace

Latest News
Thursday 30 July 2015

වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය










මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දිනම හිස ඔසවමින් තිබෙන තීරණාත්මක අවස්ථාවක වස්කඩුව වෙරළේ කාමර 150 කින් යුක්ත තරුපහේ සුපිරි සිට්‍රස් වස්කඩුව හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ඉරිදා දිනයේ (06) විවෘත කළේය.
සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 9.5 ක භූමි භාගයක ඉදිකර තිබෙන සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමට අයත් මෙම දැකුම්කළු හෝටලය මගින් සංචාරකයින්ට අසමසම නිවාඩු අත්දැකීමක් විඳගැනීම සඳහා අවස්ථාව හිමිවේ.
මෙම හෝටලයේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ එය මනරම් ගෘහ නිර්මාණ ශිල්පීය උපක්‍රම භාවිතා කරමින් සතුට උද්දීපනය වන අයුරින් නිර්මාණය කර තිබීමත් නව යුගයේ සුපිරි පහසුකම් වලින් පිරී පැවතීමයි.
සිට්‍රස් වස්කඩුව හෝටලය විවෘත කිරීමේ විචිත්‍රවත් අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.
මෙම උත්සව අවස්ථාවට සහභාගී වෙමින් සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රේමා කුරේ මහතා පැවසුවේ සිට්‍රස් ලෙෂර් නව සමාගමක් වුවත් යුද්ධය නිමා කිරීමෙන් පසුව මෙතරම් විශාල හෝටලයක් ඉදිකර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන පළමු හෝටල් සමාගම බවට පත්වීම පිළිබඳව ආඩම්බර වන බවයි.
මෙම හෝටලය මුලින්ම තරු හතර පන්තියේ හෝටලයක් ලෙසින් පැවතුණු අතර එහි පහසුකම් වර්ධනය කරමින් තරු පහ පන්තියේ හෝටලයක් දක්වා ඉහළ නැංවීමට සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගම කටයුතු කළේය. මෙම හෝටලයේ සෑම කාමරයකම නිමවා තිබෙන පුද්ගලික සඳළුතලයෙන් සුන්දර වස්කඩුව මුහුදු තීරයේ අසිරිය විඳ ගැනීමේ අවස්ථාව අමුත්තන්ට හිමිවේ. මීට අමතරව, සෑම කාමරයක්ම තරු පහ පන්තියේ සුපිරි පහසුකම් ඇතුළත් වන ලෙස නිමවා තිබේ.
2016 වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීම සඳහා ඉලක්ක කර තිබෙන අතර එම අභියෝගය ජයගැනීමට මෙවැනි දැවැන්ත හෝටල් ඉදිකිරීම අත්‍යවශ්‍ය කාරණාවකි.
2014 පළමු කාර්තුවේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2013 වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 24.8 කින් වර්ධනය වූ අතර සිට්‍රස් වස්කඩුව හෝටලයේ කාමරයක් ඩොලර් 150 ත් 250 ත් අතර මිලකට අලෙවි කිරීම සඳහා සැලසුම් කර තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය Rating: 5 Reviewed By: Unknown