728x90 AdSpace

Latest News
Tuesday 21 July 2015

දූරියන් ගුණ - අගුණ


පලතුරු ගණයට ගැනෙන දූරියන් බොහෝ දෙනෙක් කෑමට කැමැතියි. එමෙන්ම දූරියන්වලටම ආවේණිකව පවතින සුගන්ධය හේතුකොට ගෙන මෙම පලතුරු කෑමට තවත් සමහරෙක් අකැමැති බවද කිව යුතුමය.
Durio zidethinus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දූරියන් ඉතාමත් ගුණදායක පලතුරකි. ඉන්දුනීසියාව, මලයාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දූරියන් ශාකය හොඳින් වැඩේ.
පලතුරු අතරින් රසවත්ම පලතුරක් ලෙස ගැනෙන දූරියන් වැඩිපුර දැකිය හැකි වන්නේ අවුරුද්දේ ජූනි, අගෝස්තු යන මාසවලදීය. දූරියන් කියන නම මෙම පලතුරට ලැබී ඇත්තේ එහි කටු සහිත බව හේතුවෙන් යැයි බොහෝ දෙනා පවසති. ශක්තිය හා ඛනිජ ලවණ හා විටමින් බහුල ලෙස දූරියන් හි තිබීම විශේෂත්වයකි.
දූරියන්වල හිතකර ගුණ

* දූරියන් ආහාරයට ගන්නා පුද්ගලයෙකුට එම පලතුර දිරවීමට පහසුය. බර ආහාරයක් නොවන නිසා දූරියන් කෑ පුද්ගලයෙකුට එම කෑම අජීර්ණය වීමට ඇති ඉඩකඩ අඩුය.
* සරල සීනි වර්ග අඩංගුය. මෙහිදී කිසිදු ප්‍රතික්‍රියාවක් නොමැතිව දූරියන්වල අඩංගු සීනි ප්‍රමාණය ශරීරයට උරාගන්නාප් ප්‍රමාණයකට තරම් සියුම් ලෙස නිර්මාණය වී ඇත.
* ළමා වියේ පසුවන දරුවකු අඩු බර ප්‍රමාණයකින් පසුවන්නේ නම් මවක ලෙස මේ වැදගත් අදහසට ඔබගේ අවධානය යොමුවිය යුතුමය. මන්ද බර අඩු කුඩා ළමයින්ට දූරියන් ආහාරයට දීමෙන් ඔවුන්ගේ බර වැඩි වෙයි.
* දූරියන් කෙඳි සහිත පලතුරකි. මේ කෙඳි සහිත බව නිසාම මල පිටවීමට පහසුවක්
සැලැසේ. ඔබ මලබද්ධයෙන් පීඩො විඳින්නෙක් නම් දූරියන් ආහාරයට ගන්න.
* බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීම දූරියන් ආහාරයට ගැනීමෙන් සිදුවෙන වැදගත් කාර්යයකි.
* විටමින් සී බහුලයි.
* ශරීරයෙහි ලේ වල රතු සෛල නිපදවීමට හා වර්ධනය කිරීමට දූරියන්වලට ඇත්තේ අපූරු ගුණයකි.
* හෘදයේ ස්පන්ධන වේගය මෙන්ම අධි රුධිර පීඩනය පාලනය කිරීමට අපූරු ඖෂධයක් ලෙස දූරියන් ක්‍රියා කරයි.
* ඔබ නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන අයෙක්ද? එසේ නම් දූරියන් කෑමෙන් ඔබට සුව පහසු නින්දක් හිමිවෙනු ඇත.
* පැහැපත් සමක රහස සැංඟී ඇත්තේ දූරියන් පලතුර තුළය. කාන්තාවෙනි ඔබට එය බොහෝ සුන්දර අදහසක් වනු නියතය.
* නිරෝගී කෙස් කළඹක් ඔබටත් අවශ්‍යද? එසේ නම් නිරෝගී වැඩුණු කෙස් කළඹක් හිමිකර ගැනීමට ඔබත් දූරියන් කෑමට ගන්න.
* සමේ තුවාල හැදී ඇත්නම් ඊට දූරියන් වඩාත් සුදුසු වේ.
* සන්ධිවල ඇතිවන තද ගතිය නැතිකර හොඳින් සන්ධි නැමීම ඇතිකරවයි.
* මානසික ආතතිය දුරලීමට මහඟු ඖෂධයකි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දූරියන් ගුණ - අගුණ Rating: 5 Reviewed By: Unknown