728x90 AdSpace

Latest News
Sunday 12 July 2015

ගස්වැල්වලටත් ජීව ඔරලෝසුවක්

මිනිසාගේ ජීව ඔරලෝසුව ක්‍රියාකරණ ආකාරයට සමානව ශාකවල එච්.එච්.වයි. නමැති ප්‍රවේණි ද්‍රව්‍ය්‍ය ක්‍රියා කිරීමෙන් සුවඳ ඇතිකිරීම පාලනය කරන බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.
ඔවුන් පෙන්වාදෙන්නේ එමගින් තමන්ට අවශ්‍යවිට සුවඳ නිකුත් කිරීමේ හැකියාව ශාකවලට ඇති බවයි. මල් හටගන්නා ගස්වැල්වල සුවඳ නිකුත් කිරීමෙන් කෘමීන් ඇද ගැනීම සිදුවන බව ද විද්‍යාඥයෝ කියති.
ඇතැම් ශාකයනහි එල්.එච්.වයි. ක්‍රියාකාරකම් අඩු වැඩි වීම මගින් මල්වල සුවඳ වෙනස්වීම සිදුවෙයි. ඇතැම් විට එය පැය හතරේ සිට පැය අටක කාලයක් දක්වා වෙනස් විය හැකි බව ද සොයාගෙන ඇත.
ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ෂික සඟරාවට නිකුත් කැර ඇති මේ වාර්තාව අනුව මේ සංසිද්ධිය නිවැරදිව හඳුනාගැනීමෙන් පරාග පෝෂණයට සහයවන කෘමීන් වගාවන්වෙත ආකර්ශනය කැර ගැනීමෙන් ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කැර ගැනීමට අවස්ථාව ලැබෙන බව ද පෙන්වා දෙයි. +2
වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ  ජීව විද්‍යාඥ මහාචාර්ය ටකටෝ ඉමයිසුමි පවසන්නේ පැලැටි මගින් මෙම සුගන්ධය නිකුත් කිරීම සිදුකරන්නේ තම පරාග පෝෂකයන් ගේ ආකර්ශණය ලබා ගැනීමට අවශ්‍ය වු විට බවයි. අනෙක් ශාකයන්ගේ පරාග පෝෂණය සක්‍රීය කිරිටම මෙකි ප්‍රවේණිගත ද්‍රව්‍යය යොදාගත හැකිද යන්න සොයා බැලිමට විද්‍යාඥයින් විසින්  පරික්ෂණ ආරම්භ කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගස්වැල්වලටත් ජීව ඔරලෝසුවක් Rating: 5 Reviewed By: Unknown