728x90 AdSpace

Latest News
Tuesday 21 July 2015

රූපලාවණ්‍ය ගැටලු රැසකට එක විසඳුමක්


මීපැණි ලඝු (සැහැල්ලු), රූක්‍ෂ (රළු) හා සූක්‍ෂ්ම (සියුම්) යන ගුණවලින් යුක්තය. එසේම ශීත වීර්යයෙන් යුක්තයි. මේ නිසා පොදුවේ මීපැණි සෙම හා මේද අඩු කිරීමේ හැකියාවෙන් යුක්තය. විශේෂයෙන්ම පැරැණි මීපැණි එම ගුණයෙන් අනූනය. ශරීරයේ බර අඩු කිරීමටත්, සම පැහැපත් කිරීමටත් (වර්ණය) මීපැණිවලට පුළුවන්. රසායනිකව මීපැණි බැක්ටීරියා වැනි විසබීජ නාශකයකි. ආම්ලික බවකින් (PH අගය 3.2 - 4.5 පමණ වෙනව) යුක්තයි.
inShare
Mawbima, 2013-08-12 02:00:00
Read 547 Times
ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය
මීපැණි ලඝු (සැහැල්ලු), රූක්‍ෂ (රළු) හා සූක්‍ෂ්ම (සියුම්) යන ගුණවලින් යුක්තය. එසේම ශීත වීර්යයෙන් යුක්තයි. මේ නිසා පොදුවේ මීපැණි සෙම හා මේද අඩු කිරීමේ හැකියාවෙන් යුක්තය. විශේෂයෙන්ම පැරැණි මීපැණි එම ගුණයෙන් අනූනය. ශරීරයේ බර අඩු කිරීමටත්, සම පැහැපත් කිරීමටත් (වර්ණය) මීපැණිවලට පුළුවන්. රසායනිකව මීපැණි බැක්ටීරියා වැනි විසබීජ නාශකයකි. ආම්ලික බවකින් (PH අගය 3.2 - 4.5 පමණ වෙනව) යුක්තයි.
මහතට තිත
පැරැණි මීපැණී තේ හැඳි 03ක් පමණ මද රස්නය ඇති වතුර වීදුරුවක් සමඟ දිනපතා උදේ හිස්බඩ පානය කිරීමෙන් ශරීරයේ තරබාරුකමින් මිදෙන්න පුළුවන්. මෙසේ ශරීරයේ ඇති අධික මේද අඩු කර ගැනීමට මීපැණි මාස දෙකක් තුනක් භාවිත කරන්න අවශ්‍යයි.
හිසකෙස්වලට
මීපැණි කෙස් වර්ධනයටත් හේතු වෙනවා. ජපානයේ කාන්තාවන් මීපැණි ස්වල්පයකට ඇල්කොහොල් ස්වල්පයක් මිශ්‍රකර හිසේ ගානවා. මෙසේ ආලේප කර පැය දෙක තුනකට පසුව හොඳින් සෝදා හරින්න අවශ්‍යයි.
බටහිර වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමිකයකු වන ගැලන් පවසා ඇත්තේ මීපැණි සියලුම රෝග සඳහා සුදුසු ප්‍රතිකාරයක් බවයි. ඔහු දක්වා ඇති ආකාරයට මීපැණි හා දෙහි යුෂ මද රස්නය ඇති උණුවතුරින් දිනපතා හිස්බඩ පානය කිරීමෙන් අතිස්ථුල බව පාලනය වෙනව.
අසාත්මිකතාවලට
සමේ අසාත්මිකතාව නිතර ඇතිවන අය ඒ ප්‍රදේශයේ මීපැණි ආලේප කිරීමෙන් අසාත්මිකතාව වළක්වා ගත හැකි වෙනවා. මේ නිසා රූපලාවණ්‍ය ප්‍රතිකාරවලදී මීපැණි සංවේදී සමට (Sensitive skin) ඉතා හිතකරයි.
තරුණ බව රකිනවා
මීපැණිවල වයසට යෑමට එරෙහිව ක්‍රියාත්මක වෙන ප්‍රතිචක්‍රිකාරක (Antixidants) බහුලව තිබෙනව. ඒ නිසා වයසට යෑමේදී ඇතිවන සම රැලිවැටීම ආදී වෙනස්කම් ප්‍රමාද කර තරුණ බව ආක්‍ෂාකර ගැනීමට හැකියාව තිබෙනව.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රූපලාවණ්‍ය ගැටලු රැසකට එක විසඳුමක් Rating: 5 Reviewed By: Unknown