728x90 AdSpace

Latest News
Sunday 5 July 2015

දත් නොමැද්දොත් හාට් ඇටෑක්...ද ත් මැදීමත් හදවත් ‍රෝගත් අතර සම්බන්ධයක් පිළිබඳව නවීන විද්‍යාත්මක පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

න විද ත් මැදීමත් හදවත් ‍රෝගත් අතර සම්බන්ධයක් පිළිබඳව නවීද්‍යාත්මක පරීක්ෂණවලින් සොන ඇත.යාගෙ සතියක් දෙකක් දත් නොමැද ඉන්නා පුද්ගලයකුගේ විදුරුමස් තුළට ඇතුළු වන බැක්ටීරියා එමඟින් හෘදය වස්තුවට හා ඊට රුධිරය ගෙන යන මහා ධමනියට ඇතුළු වීමෙන් ධමනි ඉදිමීමක් ඇති කරන බවත් ඒ මගින් කොලෙස්ටරෝල් වැඩි වී එක්වර ම හදවත් රෝගයකට හේතු විය හැකි බවත් ඒ අධ්‍යයන මඟින් පෙන්වා දෙයි.
මේ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල අනුව හදවත් රෝග විනිශ්චය කරගැනීමටත් හදවත් රෝගවලට ප්‍රතිකාර කිරීමටත් නව මං සොයාගත හැකි බව ද ඒ පර්යේෂණ මඟින් හෙළි කරගත හැකි බව ද පර්යේෂකයෝ ‍පවසති.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරී ශිෂ්‍යාවක වන අයිරිනා වෙල්ස්කෝ මේ පිළිබඳව ඇමෙරිකානු ක්ෂුද්‍ර ජීව විද්‍යා සංගමයේ වාර්ෂික සභා රැස්වීමේ දී වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් පිළිබඳව කතා කරමින් මේ ගැන ගැන හෙළි කළා ය.
“අප විසින් මීයන් උපයෝගි කරගෙන කරන ලද අධ්‍යයනයන් අනුව මුඛය ආශ්‍රිත බැක්ටීරීයා මීයන්ගේ ලේ ධමනි තුළට පැතිරීම නිසා ඔවුන් නහර තුළ තැන්පත්වීම හේතුවෙන් ඇතිවන හදවත් රෝගවලට බඳුන් වීමේ අවදානම වැඩි වී ඇති බව හෙළිවෙනවා. ඇමෙරිකා‍නු හදවත් සංගමය මුඛ රෝග හා හදවත් රෝග අතර ඇති මේ සම්බන්ධය පිළිබඳව දැනුවත් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා.
“ඒ වගේ ම හදවත් රෝගීන් ප්‍රතිකාර කිරීමේ දී හා රෝග විනිශ්චයේ දී වෛද්‍යවරුන්ට මේ අධ්‍යයන උපකාරී වේවි.”
විදුරුමස් ‍ ‍රෝග බොහෝ දෙනෙකුට පොදු වන අතර විදුරුමස් ඉදිමීම, තුවාල සෑදීම හා ඒවායේ විෂ බීජ පැතිරීම බොහෝ විට දක්නට ලැබේ.
ජීවිතයේ එක් වරක් හෝ විදුරුමස් රෝගවලට ගොදුරු වූ අයෙකු දකින්නට නැති තරම් ය.
මීට කලින් ද විදුරු මස් රෝග හා හදවත් ‍රෝග අතර සම්බන්ධයක් ඇති බව සමහර අධ්‍යයනවලින් පෙන්වා දී තිබුණේත් බොහෝ දෙනා ඊට වඩා ඉහළින් සෞඛ්‍ය සම්පන්න නොවූ ජීවිත රටා හා වැඩි සීනි පරිභෝජනය වැනි හේතු පිළිබඳව වෛද්‍යවරු සැලකිලිමත් වූහ.
මේ අධ්‍යයනය ප්ලෝරිඩා විශ්වවිද්‍යාලයේ කේසවාලු ලක්ෂ්මියා ‍රසායනාගාරයේ මිනිස් සෞඛ්‍යයට විදුරුමස් රෝග කොතරම් දුරට බලපානු ඇත්ද යන්න පිළිබඳ කරන ලද මහා පරිමාණ අධ්‍යයනයක කොටසක් පමණයි.
“බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මුඛ සෞඛ්‍යය හා මුළු ශරීර සෞඛ්‍යය පිළිබඳව සම්බන්ධයක් පිළිබඳව විග්‍රහ කෙරෙන්නේ නැහැ. දන්ත ‍සෞඛ්‍යය වෛද්‍ය විද්‍යාවේ වෙනමම අධ්‍යයන විෂයයක්. ඒත් මුඛය යනු ශරීරයට සියලු දේම ඇතුළු වන දොරයි. ඒ නිසා අපේ පරීක්ෂණ අනුව මුඛ සෞඛ්‍යය ශර‍ීරයේ අනෙක් සියලු රෝගවලට සම්බන්ධයි.”

කේසවාලු ලක්ෂ්මියා රසායනාගාරයේ අධිපති ආචාර්ය කේසවාලු පවසයි.
‍ඒ පිළිබඳව කතා කරන ෆ්ලොරිඩා සරසවියේ වෛද්‍ය අංශයේ හෘදය ‍රෝග විශේෂඥ ඇලෙක්සැන්ඩ්‍රා ලූකස් දක්වන්ෙන් ෙමවන් අදහසකි.
“අපේ අභිප්‍රාය මුඛයේ බැක්ටීරියා හා හෘදය ‍රෝග පිළිබඳ ඇති ඍජු සම්බන්ධය පිළිබඳව වෛද්‍යවරුන් ගේ දැනුම්වත් බව වැඩි කිරීමයි.”
හදවත් රෝග අවදානම ඇති රෝගීන් විදුරුමස් රෝගවලට ප්‍රතිකාර ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුම්වත්වීම වැදගත්. එය අපේ ඉදිරි අධ්‍යයනයන්ටත් වැදගත් වෙනවා. ඒ නිසා හදවත් ‍රෝගවලින් ආරක්ෂා වීම සඳහා මුඛ සෞඛ්‍යය රැක ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මා අවධාරණය කරනවා.”
‍හෘදය රෝග විශේෂඥ ඇලෙක්සැන්ඩ්‍රා ලූකස් වැඩිදුරටත් පවසයි.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දත් නොමැද්දොත් හාට් ඇටෑක්...ද ත් මැදීමත් හදවත් ‍රෝගත් අතර සම්බන්ධයක් පිළිබඳව නවීන විද්‍යාත්මක පරීක්ෂණවලින් සොයාගෙන ඇත. Rating: 5 Reviewed By: Unknown