රාවණා රජුගේ මතකය නැති වුණේ කොහොමද?
විජයාවතරණයට පෙර පටන් මේ දිවයිනේ මිනිසුන් සිටි බවට මෑත දශක කිහිපය තුළ කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලින් ඕනෑවටත් වඩා තහවුරු වී ඇත. විජයාවතරණය ලක්දිව ජනාවාසකරණයේ ආරම්භය නොවෙතත් එය උතුරු ඉන්දීය සබඳතා ඍජුවම මේ දිවයිනට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස කෙනකුට තර්ක කළ හැකිය. මෙම උතුරු ඉන්දීය සබඳතා විජයාවතරණයේ සිට වැඩි වශයෙන් මේ දිවයිනට බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි. පූර්ව 3 වැනි සියවසේ මහින්දාගමනය හැඳින්විය හැකිය.
මෙම දිවයිනේ ඉතිහාසය විජයාවතරණයට පෙර පටන් ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ මහාවංසය විසින් විජයාවතරණයට පෙර ඉතිහාසය මකා දමා ඇති බවයි. ඊට ප්‍රධාන මාතෘකාව කොට ගන්නේ රාවණා කතා ප්‍රවෘත්තියයි. මහානාම හිමි මහාවංසය ලියනු ලැබුවේ ක්‍රි. ව. 5 වැනි සියවසේදී පමණ බවට සාමාන්‍ය විද්වතුන්ගේ පිළිගැනීම වේ. උන්වහන්සේ මහාවංසය සඳහා පාදක කරගන්නා පැරැණිතම කාලපරිච්ඡේදය වන්නේ "තථාගතාභිගමන" නම් බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූ තැන් පටන්ය. මෙම කාරණාව මහානාම හිමියන් විසින් ලියනු ලබන්නේ තථාගතාභිගමනය සිදු වී වසර 1,100කට පසුව වීම කෙරේ සැලකිලිමත් විය යුතුය.
මහාවංසය ලිවීමෙන් මහානාම හිමියන් අදහස් කළේ ලංකා ඉතිහාසය ලියා තැබීම නොවන බව පැහැදිලිය. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ ලක්දිව රජවරුන් බුදු සමයට කරන ලද සේවාව පිළිබඳව විස්තර කිරීම පමණි. එබැවින් මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේදී අප මහාවංසයට ලොකු බලපෑමක් කිරීම යුක්තිසහගත නොවේ.
මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය සෙවීමේදී මහාවංසයෙන් ප්‍රයෝජනයක් නොලැබෙන බව පැහැදිලිය. තවද ලංකාවේ ඉතිහාසය සෙවීමේදී ක්‍රි. පූර්ව 6 වැනි සියවසේ සිට මෑතකාලය දක්වා ලියැවුණු ග්‍රන්ථවලින්ද ඉහත සමය කිසිසේත් ආවරණය නොවේ. එබැවින් මහාවංසයට එහා ගිය ඉතිහාසය සෙවීමේ කාර්ය ඉතිහාසඥයාට කළ නොහැකිය. ඒ සඳහා ලෝකයේ මෑත කාලීන දශක කීපයක පටන් ඉතා විශිෂ්ටත්වයට පත්වූ විෂයක් ඇත්තේය. එය පුරාවිද්‍යාවයි.
මහාවංසයෙන් ඔබ්බට ගිය මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේ පර්යේෂණ ආරම්භ වන්නේ විසි වන සියවසේ මුල් භාගයේ පමණ සිට යැයි කීම නිවැරැදිය. ඒ සඳහා අපට හඳුන්වා දිය හැකි ප්‍රබලතම පුද්ගල චරිතය නම් මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ය. එතුමා මේ දිවයිනේ සත්ත්ව හා මානව ප්‍රජාවේ ආරම්භය සෙවීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අග්‍රගණ්‍ය විද්වතෙකි. එතුමාගේම අඩි පාරේ යමින් මෙම විෂයට අනූපමේය සේවයක් කළ අනෙක් පුද්ගලයා වන්නේ දැරණියගල සූරීන්ගේ පුත් ආචාර්ය එස්. යූ. දැරණියගල සූරීන්ය. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් අති විශාල පර්යේෂණ රාශියක් සිදු කරමින් මෙම කාල පරිච්ඡේදය පිළිබඳව විද්වත් පරම්පරාවක් බිහි කිරීමට පුරෝගාමී වූ මෙතුමා මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය අතැඹුලක් සේ පැහැදිලි කළේය. එම මඟම යමින් මෑත කාලයේ මෙම ක්‍ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ ආචාර්ය නිමල් පෙරේරා සූරීන්ද මේ දිවයිනේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් අනුස්මරණීය සේවයක් කළ විද්වතෙකි.
මෙවැනි ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයන් මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය මොනවට පැහැදිලි කරමින් අදින් වසර 50,000 දක්වා වූ අෑත කාලපරිච්ඡේදයකට අයත් ප්‍රාග් ඓතිහාසික මානව සාක්‍ෂි මේ දිවයිනෙන් මතුකර ගෙන ඇත. මේ සම්බන්ධ නිදර්ශන ඕනෑ තරම් පාහියංගල, බටෙදාඹ ලෙන ආදී ස්ථානවලින් ලැබී ඇත.
තත්ත්වය එසේ වුවත් මෑත කාලයේ ඉතා ප්‍රබල ලෙස ඉතිහාසඥයන් යැයි කියා ගන්නා පිරිසක් බරපතළ ලෙස රාවණා යුගයක් ගැන කතා කරයි. ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදු කළ ඉහත විස්තර කළ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් හා ලෝක මට්ටමේ පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මානව ශිෂ්ටාචාරයේ මුල් යුගය පහත දැක්වෙන ලෙසටද බෙදා දක්වා ඇත. එනම්, 1. පූර්වශිලා යුගය, 2. මධ්‍ය ශිලා යුගය, 3. නව ශිලා යුගය ආදී වශයෙනි.
මෙම යුගයන් තුනට අයත් සාක්‍ෂි අඩු වැඩි වශයෙන් ලංකාවෙන්ද ලැබී ඇති අතර නවශිලා යුගයත් සමඟම ආරම්භ වන තවත් යුගයක් පිළිබඳව මෑත කාලයේ පුරාවිද්‍යා පර්යේෂණ රාශියක් සිදුවේ. එනම් මහශිලා යුගයයි. මේ පිළිබඳව සාක්‍ෂි ඉබ්බන්කටුව, හල්දුම්මුල්ල, යටිගල්පොත්ත, මහගල්වැව ආදී කොට ඇති ස්ථාන රාශියකින්ම ලැබී ඇති අතර මෙම යුගය පිළිබඳව ලංකාවේ පුරාවිද්‍යාඥයෝ පර්යේෂණ කටයුතු පවත්වති. මෑත කාලීනව වූ පර්යේෂණ නිසා ක්‍රිස්තු පූර්ව 1,300 දක්වා අෑත කාලපරිච්ඡේදයකට එනම් අදින් වසර 3,300කටත් වඩා අෑත කාලපරිච්ඡේදයක සිට මේ දිවයිනේ තිබූ මානව ශිෂ්ටාචාරයන් පිළිබඳ තොරතුරු පැහැදිලි වෙමින් පවතී.
නමුත් මෙම විශිෂ්ට ගණයේ පුරාවිද්‍යාඥයන් කිසිම කෙනකු ඉතිහාසඥයන් පවසන රාවණා යුගයට අදාළව කිසිදු තොරතුරක් තම පර්යේෂණවලින් හෙළි කරගෙන නැත. අති නවීන පර්යේෂණ ක්‍රම උපයෝගි කරගෙන සිදු කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණයන්ටද හසු නොවන මෙම රාවණා ශිෂ්ටාචාරය ලංකාවේ පැවැතියේද යන්න ඊළඟට විමසිය යුතුය.
මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය හැදෑරීමට අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාවේ පිහිට පැතිය යුතුමය. පුදුමය වන්නේ ලංකාවේ මෙතෙක් මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කළ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණා යුගයට අයත් කිසිදු සාක්‍ෂියක් සොයා නොගැනීමයි. එය පුරාවිද්‍යාවේ වරදක්ද එසේත් නැතිනම් පර්යේෂණවල අඩු පාඩුවක්දැයි අප නොදනිමු. තවද ලංකාවේ කිසිදු පුරාවිද්‍යාඥයෙක් මෙම රාවණා ප්‍රවාදය පිළිගන්නේද නැත. පුරාවිද්‍යාවෙන් යමක් තහවුරු වීමට නම ඒ සඳහා සාක්‍ෂි තිබිය යුතුය. සාක්‍ෂි නොතිබූ පළියට එය නොපිළිගැනීමට තරම් පුරාවිද්‍යාඥයා ඉක්මන් වන්නේද නැත. නමුත් ගැටලුව වන්නේ මේ තරම් සුවිසල් අධිරාජ්‍යයක් ලංකාවේ තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් ඉතිරි නොකර විනාශ වූයේ කෙසේද? එහෙත් තමා මේ ලියන කියන කාරණා තමාගේ හිතලු ලෙස ප්‍රකාශ නොකර පිළිගත හැකි මූලාශ්‍ර සහිතව කියන්නේ නම් එම ලිපිවල වටිනාකමක් ඇත්තේය.
පුරාණ තල්පත්වල තිබුණා යැයි කියන සමහර කාරණා අපට පිළිගත හැකිද? එම පුරාණ තල්පත් ලියැවී නැති කාලය පිළිබඳව සහ ඒවායේ ඇති කරුණු කෙරේ අපට කෙතෙක් දුරට එකඟ විය හැකිද? මේ ආදී කාරණා කෙරේ කිසිදු වග විභාගයකින් තොරව රාවණා අධිරාජ්‍යයක් ගැන ජනතාව මුළා කරමින් කරනු ලබන හිතලු මත පදනම් වූ මෙම පර්යේෂණ තුළින් සිදුවන්නේ බොරුව සමාජගත වීමයි. මෙසේ බොරුව සමාජ ගත කරන පිරිස් රාවණා රාජධානියේ අගනුවර කිහිපයක් ගැන කියයි. ඉන් එක් ස්ථානයක් නම් සීගිරියයි. සීගිරි ගල මත රාවණා රජු වාසය කළ බව කියයි. සීගිරිය ක්‍රි. පූර්ව තුන් වැනි සියවසේ පටන් බෞද්ධ භික්‍ෂුන්ගේ ආරාමික ස්ථානයක් ලෙසට තිබී ඇත. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේදී කාශ්‍යප රජු බලකොටුවක් තනා ගෙන වසර 18ක් එහි සිට රට පාලනය කළ බවට වංස කතා ප්‍රමුඛ සාහිත්‍ය මූලාශ්‍රවලින් තහවුරු වී ඇති කරුණකි.
මේ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කළ ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පවා තම පුරාවිද්‍යා පර්යේෂණ තුළින් ඉහත කාරණා සනාථ කර ඇත. නමුත් එබඳු පුරාවිද්‍යාඥයකුටවත් හසු නොවුණු රාවණා අග නගරයක් සීගිරියෙන් මේ කියන ලද ඉතිහාසඥයන් සොයා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්‍ෂි මොනවාද යන්න පෙරළා අපට විමසන්නට සිදුවේ. වසර 50,000 දක්වා අෑත අතීතයට ගිය මානව සාධක ලැබෙන ලංකාවෙන් සීගිරියෙහි ඔය කියන ලද කාලපරිච්ඡේදයට අයත් සාධක හමු නොවන්නේ මන්ද?
රාවණා මිථ්‍යාව ගැන කරුණු දක්වන සමහර විද්වතුන් ලංකාවේ රාවණා රජුගේ නම සඳහන් සෙල් ලිපිද ලැබෙන්නේ යැයි පවසයි. ඊට අනුව "රාවණ" ලෙස සමහර ලිපි කියවන ඔවුන් එහි රාවණා ගැන සඳහන් වන්නේ යැයි කියයි. මෙය පිළිගත හැකිද? සමහර පූර්ව බ්‍රාහ්මී ලිපිවල "බඹදත" යන නම සඳහන් අවස්ථා ඇත. එම බඹදත යන වචනය මුල් කර ගෙන කෙනකුට ඔහු ඉන්දියාවේ සිටි බ්‍රහ්මදත්ත බවට තර්ක කළ හැකිය.
වාල්මිකී නම් ඉන්දීය ප¾ඩිවරයා වීර කාව්‍යයක් කිරීමේ අදහසින් රාම, රාවණා චරිත ඇතුළත් කරමින් ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසේදී ලියන ලද ග්‍රන්ථය රාමායණය ලෙස සැලැකේ. මෙම රාමායණයේ සඳහන් පුද්ගල චරිත ස්ථාන නාම වාල්මිකී ප¾ඩිවරයාට අවශ්‍ය ලෙස පෙළ ගැස්සුවා විනා ඒවා ඒ වන විට තිබූ සත්‍ය ස්ථාන හා පුද්ගල නාම ලෙස පිළිගැනීමට තරම් අප හට ඉක්මන් විය නොහැකිය. ඉන්දීය රාම චරිතය ඉස්මතු වන ආකාරයෙන් ලියූ මෙම වීර කාව්‍යයේ එන සෙසු චරිත සියල්ල රාමට පරාජය වේ. රාම යනු හින්දු සාහිත්‍යයේ එන විෂ්ණුගේ දස අවතාරවලින් එකකි. ලෝකය අභාග්‍යයට පත් අවස්ථාවේදී විෂ්ණු විවිධ ස්වරූපවලින් පැමිණ ලෝකය බේරා ගනී. රාවණා රජු ලෙස සැලකෙන චරිතය විනාශ කර රාම ජය ලබන්නේ ඒ නිසාය.
මෙම කතා ප්‍රවෘත්තියට පදනම් වන "ලංකා පුරය" අපගේ දිවයින ලෙසද අද පමණක් නොව අතීතයේ පවා මේ දිවයිනේ සිටි මිනිසුන් පිළිගත් බවට සීතාඑළිය. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී ස්ථාන සඳහා භාවිත කළ නම්වලින් කෙනකුට තර්ක කළ හැකිය. වාල්මිකී ලියූ වීරකාව්‍ය එකල ලංකාවේද ප්‍රචලිත විය. එබැවින් එකලද මෙම රාවණා ප්‍රවාදය පිළිගත් පිරිස් මේ දිවයිනේ සිට ඇත. අදද ලංකාවේ සිටින්නේ එම පරම්පරාවේම පිරිස්ය. ඔවුන්ද මෙම රාවණා ප්‍රබන්ධය හෙවත් බොරුව සමාජ ගත කරමින් සිටී. ඉතා විශිෂ්ට ශේ්‍රෂ්ඨ රාවණා රාජධානියක් ගැන කියමින් ජනතාව මොහොතකට හෝ අමුතුම ලෝකයකට ගෙන යයි.
මේ සියල්ල අමතක කර අවසානයේ අප නැවත රාවණා ගැන සොයන ඒ ගැන කියන විද්වත් පිරිස වෙත යොමුවෙමු. අපි ඔවුන්ට අභියෝග කරමු.
1. රාවණා රජු මේ දිවයිනේ රජ කළ කාලය පිළිබඳව සඳහනක් දෙන්න. (පොදු අදහසක් විය යුතුය)
2. එම කාලය පුරාවිද්‍යා දත්තයන් මඟින් තහවුරු කරන්න.
3. රාවණා ලංකාවේ සිටි බවට පිළිගත හැකි පුරාවිද්‍යා සාක්‍ෂියක් ඉදිරිපත් කරන්න.
වැයිහේනේ බුද්ධි නාගොඩවිතාන
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - ගාල්ල.
තව අකුරු ලොකු කරන්න.කියවන්න අමාරුයි
ReplyDelete”’රාවණා වත”’ නැමති පුස්කොළපොතට අනුව
ReplyDeleteසීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ “මායා
දන්නාව” නමැත්තායි. හෙතෙම [[සීගිරිය]]
තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ
විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි
කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින්
හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය
හැඳින්වූයේ ”’චිත්රණකූට”’ නමිනුයි. පසුව,
රාවණාගේ අභාවයෙන් පසුව “විභීශණ” රජකමට
පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට
ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ
ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ
තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්
වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්රි
.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල
අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ
පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ
ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.
මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන
ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන
රජුගේ පුත්ර යා වූ කස්සප කුමරු තම වාසභවන
ලෙස චිත්රතකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ
මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා
ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප
රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්ර
තිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම
රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති
ලෝකප්ර්කට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ
සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති
නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ
ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින්
දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන
ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල්
වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා
වතෙහි සඳහන් වේ.