728x90 AdSpace

Latest News
Sunday 12 July 2015

කුඩාකල සිටම දරුවන්ට පැණිරස වෙනුවට එළවළු පලතුරු හුරු කරන්න

බබාලගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව කෙරෙහි අම්මලා දැඩි උනන්දුවක් දැක්විය යුතුයි. විශේෂයෙන්ම මුඛ සෞඛ්‍ය යහපත් අයුරින් පවත්වා ගැනීම බබාලගේ නිරෝගීභාවයට මහත් රුකුලක්. පුද්ගලයකු උපන් මොහොතේ සිට ජීවිතාන්තය දක්වාම මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ දත් රා යෑමයි. එම නිසා කුඩා කල සිටම දරුවන්ගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගැනීමෙන් ඉදිරියේදී ඇතිවන ගැටලු බොහෝ දුරට මඟහරවා ගත හැකිය.

කිරිදත්
සාමාන්‍යයෙන් කුඩා දරුවකුගේ දත් හටගැනීම මාස හයේ දී පමණ සිදු වේ. මේ සඳහා නිශ්චිත කාල වකවානුවක් දැක්වීම අපහසුය. මන්ද මාස හයේ සිට අවුරුද්ද දක්වාත්, ඉන් පසුවත් දත් හටගැනීමට හැකියාව තිබේ. මෙයාකාරයට හට ගන්නා කිරි දත් විස්ස අවුරුදු දෙකහමාරක් වැනි කාලයකදී සම්පූර්ණ වේ.

දත් දිරායෑම
අවුරුද්දකට පෙර කිරිදත් හට ගන්නා දරුවකුගේ දත් දිරා යෑමේ හැකියාව තරමක් ඉහළ අගයක් ගනී. අවුරුදු එකහමාරක් සම්පූර්ණ වූ දරුවන්ගේ දත් දිරා යෑමේ ප්‍රතිශතය 25%කි. මේ වයසේ දරුවන්ගේ දත් දිරායෑමට බලපාන කරුණු කිහිපයකි.

හේතු
දරුවන්ට ලබා දෙන ආහාරවල සීනි අඩංගු වීම

දරුවාගේ මුඛයේ විෂබීජ අඩංගු වීම
(විෂබීජ සම්ප්‍රේෂණය වන්නේ මවගෙන් හෝ දරුවා රැක බලා ගන්නා පුද්ගලයාගෙනි)

මවුකිරිවලින්
(මවුකිරි දරුවාට අත්‍යවශ්‍ය වුවත් රාත්‍රියේදී මවු කිරි ලබා දීම නිසා දත් දිරා යෑමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.

පැණිරස


වර්තමානයේ බොහෝ මවුවරුන් දරුවන්ට විවිධ පැණිරස බිස්කට් වර්ග ලබා දීමට උත්සාහ කරයි. (රස්ක්, බිස්කට්, මාරි බිස්කට් වැනි) මේ බිස්කට් වලින් දරුවාට කිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබේ. එම නිසා කුඩා වයසේ දරුවන්ට පැණිරස බිස්කට් වැනි දේ දීමෙන් වළකිනවානම් දත් දිරා යෑමේ අවදානම බොහෝ දුරට අවම කරගත හැකිය. එම නිසා හැකිතාක් එළවළු හා පලතුරුවලට හුරු කළ යුතුය.

දරුවාගේ මුඛයේ විෂබීජ ඇතුළු වී ඇත්නම් දත් දිරා යෑමේ අවදානම වැඩිය. විශේෂයෙන් දරුවා රැක බලා ගන්නා මවගේ පියාගේ හෝ ඥාතීන්ගේ දත් නරක් වී ඇත්නම් ඔවුන්ගේ මුඛයේ තිබෙන විෂබීජ දරුවාගේ මුඛයට ඇතුළු වේ. නරක් වූ දත් (ච්ඥජචරඥඤ) නරක් වූ නිසා ගැලවූ දත් (ර්ඪඵඵඪදඨ) පිරවූ දත් (ඛ් ජ්ඪතත) යනාදියෙන් දරුවා රැක බලා ගන්නා අයගේ දත් සමන්විත වේ නම් දරුවාගේ මුඛයට විෂබීජ ඇතුළු වීමට වැඩි අවදානමක් පවතී. එම නිසා කුඩා දරුවන් සිටින වැඩිහිටියන් තමන්ගේ මුඛ සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් වේ.

මවුකිරි
මවුකිරිවලද සීනි අඩංගු වීම නිසා   එමඟින්ද දත් දිරා යෑමට යම්කිසි බලපෑමක් එල්ල කරයි. මෙහිදී වැඩි බලපෑමක් එල්ල වන්නේ දරුවා රාත්‍රි කාලයේ නින්දේදී මවුකිරි බොන අවස්ථාවේදීය. රාත්‍රි කාලයේ ඛේටය ශ්‍රාවය වන ප්‍රවණතාව අවම මට්ටමක තිබෙන නිසා මවුකිරිවල තිබෙන සීනි දරුවාගේ දත්වල තැන්පත් වීමට ඉඩකඩ තිබේ. ඇතැම් දරුවන් රාත්‍රි නින්දේදී පස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනාවකදී මවුකිරි බොයි. මෙවැනි තත්ත්වයක දරුවන්ගේ දත් දිරා යෑම ඉහළ මට්ටමක පවතී.

මවුකිරි දීමෙන් පසු
දරුවාට කිරි දීමෙන් පසු මව දරුවාගේ දත් පිරිසිදු කිරීම දත් දිරා යෑම වළක්වා ගැනීමට හොඳ පිළියමකි.

රාත්‍රි නින්දේදී දරුවා කිරි බීවාට පසු පිරිසිදු තෙත පුළුන් හෝ ගෝස් කැබැල්ලකින් දත් පිරිමදින්න.
එසේ නොමැතිනම් දරුවා කිරි බීවාට පසු කිරි බෝතලයෙන් වතුර බීමට සලස්වන්න. එහිදී වතුරෙන් දත්වල රැඳී තිබෙන සීනි සහිත කොටස් දිය වී යයි.
දරුවාගේ දත් පෙළට හටගැනීමෙන් පසු කුඩා දත් බුරුසුවක් භාවිත කරන්න. එසේ නොමැති නම් දත් අතර රැඳී තිබෙන ද්‍රව්‍ය ඉවත් නොවේ. එය පසුකාලීනව දත් දිරා යෑමට හේතුවකි.

දතේ වර්ණය
දරුවාගේ මූලික අවධිය එනම් අවුරුදු දෙකෙන් පහළ අවධියේ සිටම දත් දිරායෑමේ තත්ත්වයක් ඇති වේ. දතේ වර්ණය කහපාටට හුරු බොර පාටක් වේ. එම දත් දිරායෑමට අවදානමක් තිබේ නම් දතේ මිලිමීටර් 1ක් වැනි විෂ්කම්භයක් සහිත කුඩා සුදු ලපයක් හට ගනී. මේ සුදු ලපය සාමාන්‍ය ආලෝකය යටතේ පියවි ඇසට දැකගත හැකිය. මේ සුදු ලප අවස්ථාව කෙරෙහි මවුපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය. සුදුලප අවස්ථාව මඟ හැරීමෙන් එම ස්ථානයේ කුහරයක් සෑදේ. කුහරය සෑදීමෙන් අනතුරුව ප්‍රතිකාර කිරීම සැබවින්ම ප්‍රායෝගික නොවේ. එම නිසා සුදුලප අවස්ථාව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අතිශය වැදගත්ය. මේ සුදුලප අවස්ථාව කුහර බවට පත් වීමට ඉතාමත් කෙටි කාලයක් ගත වන නිසා මවුපියන් ඒ ගැන අවධානයෙන් පසුවිය යුතුය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කුඩාකල සිටම දරුවන්ට පැණිරස වෙනුවට එළවළු පලතුරු හුරු කරන්න Rating: 5 Reviewed By: Unknown