728x90 AdSpace

Latest News
Saturday 4 July 2015

වතුර පිපාසය සංසිදුවන කොමඩු

වතුර පිපාසය සංසිදුවන කොමඩු





අප රටේ ආර්ථිකයට විදේශ විනිමය ගෙන දෙන නව භෝගයක් වූ කොමඩු විනෝද ගමන් බිමන් යෑමේ දී දුවලා පුතාලාගේ පිපාසය සංසිඳවන දිව ඔසුවක් වනවාට සැක නැත. කොමඩු  ශාකය අප රටේ වියළි ප‍්‍රදේශයේ ඉතා සාර්ථක ආර්ථික භෝගයක් ලෙස බහුල වශයෙන් වගා කරන අතර පහත රට තෙත් කලාපයේ එතරම් සාර්ථක වගාවක් ලෙස දැකිය නොහැක.අප රටේ කොමඩු දෙවර්ගයකින් සමන්විත වේ. එනම් පැණි කොමඩු හා පත්තක්කා යනුවෙනි. ජල ප‍්‍රමාණය වැඩි පැණි රස අඩු කොමඩු පත්තක්කා වේ. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති තිළිණි නමින් හැඳින්වෙන කොමඩු වර්ගය ඉතා ජනප‍්‍රිය වේ. කුකර්බිටේසි කුලයට අයත් මෙම ශාකයේ නිජ බිම අප‍්‍රිකාවේය. අප රටේ අලුත් පලතුරු වගාවක් ලෙස වියළි කලාපයේ වගා කෙරේ. අධික ශීත ප‍්‍රදේශවල හා තෙත් කලාපවල වගා නො කෙරේ. හොඳින් ජලය බැස යන වැලි සහිත පස ඉතා යෝග්‍ය වේ. එමෙන්ම මැටි පසේ එතරම් සාර්ථකත්වයක් දැකිය නොහැකිය. අපනයනය සඳහා කොමඩු වගා කරන විට ගුණාත්මක භාවය ආරක්ෂා වන පරිදි දෙමුහුන් බීජ වගා කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙහි දී නිසි අයුරින් සකස් කර ගන්නා පොළොව උස් පාත්ති ලෙස සකස් කර ගැනීම ඉතා යෝග්‍ය වන අතර අඩියක් (අඟල් 12) පමණ දිග හා ඒ හා සමාන පළලකින් යුත් වළවල් මීටර් 1 සිට 1/2 පරතයක් වන සේ සකසා ගෙන කොම්පස් පොහොර හෝ ගොම වලවල් වල පස සමග කලවම් කර සිටවීමට දින දෙකකට (2) පෙර මූලික පොහොර ද මිශ‍්‍ර කර අඟල් 1 සිට 1 1/2 දක්වා බීජ පස තුළ සිටවිය යුතුය. පසේ පවතින උෂ්ණත්වය අනුව බීජ පැළවීමේ කාලය දින 07 සිට 15 දක්වා කාලය ගත වේ.තවද බීජ අපහට පොලිතින් මලුවල හෝ පැළකර වගා කිරීමට නියමිත ස්ථානයේ සිටවීම ද කළ හැකිය. මෙහි දී වල් පැළෑටි විනාශ කිරීමට බීජ පැළවීමට පෙර වල් නාශකයක් යෙදීම හෝ පිදුරු ඇතිරීම තුළින් පහසු වේ. එමෙන්ම කාබනික් පොහොර බහුල බිම්වල ඉතා සශ‍්‍රීකව වැඩෙන අතර, වල් වර්ධනය වන අවස්ථාවේ නයිට‍්‍රජන් යෙදවීම සුදුසු වේ. කොමඩු වැලක දෙයාකාරව මල් හටගනියි. පළමුව පිරිමි මල් හටගන්නා අතර දෙවන ස්තී‍්‍ර ලිංගික හෙවත් (ගැහැනු මල්) මල් හටගන්නා අතර ඉන් පසු ඵල හටගැනීම සිදු වේ. සාමාන්‍ය වශයෙන් බීජ සිටවා දින 30 කින් පමණ මල් හට ගැනීම සිදු වේ.කොමඩුවල පෝෂ්‍ය පදාර්ථ බහුලව ඇති බව දුවලා පුතාලා දන්නවාද? ඉදුණු කොමඩු ගෙඩියක මාංශ කිලෝ ග‍්‍රෑම් 1 පමණ අඩංගු වන අතර ජලය ග‍්‍රෑම් 95.8 කැලරි 16.0 පෙ‍්‍රීටීන් ග‍්‍රෑම් 02 ක් මේදය ග‍්‍රෑම් 02 ක් ද, කාබෝහයිඩ්‍රේට් ග‍්‍රෑම් 3.3 ක් හා කැල්සියම් මි.ග‍්‍රෑම් 11.06 හා පොස්පරස් මි. ග‍්‍රෑම් 12.00, යකඩ මි. ග‍්‍රෑම් 7.9, තයමින් මයික්‍රො ග‍්‍රෑම් 20.00, තයසින් මි. ග‍්‍රෑම් 0.1, විටමින් සී මිලි ග‍්‍රෑම් 1.0 ක් ද මෙම කොමඩුවල අන්තර්ගතව ඇති බැවින් අප සියලු දෙනාටම නොදැනුවත්වම ශරීරවලට අවශ්‍ය පෙ‍්‍රීටින් ශරීරවලට විනොදයත් සමග ශක්තිය නිරෝගිකම ලබා දීමට ද දායක වෙයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වතුර පිපාසය සංසිදුවන කොමඩු Rating: 5 Reviewed By: Unknown