728x90 AdSpace

Latest News
Wednesday 1 July 2015

රෝස මලේ ඉතිහාසයට එබී බලමු







උද්භිමකව “රෝසසේ”  (Rosaceae)කුලයටත්,  Rosa   යන ඝනයටත් වර්ගීකරණය වී ඇති රෝස මල ඉතා චමත්කාරජනකය.ද විද්‍යාත් ඈත අතීතයේ සිටම මිනිසාගේ උපතේ සිට විපත දක්වා ජීවන රටාවේ විවිධ කාර්යයන්වල දී විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා සහයෝගයක් ලබාදෙන රෝස මලට ඇති ඉතිහාසය ඉතා පැරැණිය. අවුරුදු ලක්‍ෂ 40 ක් පමණ පැරැණි රෝස පොසිල ජපානය, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, චෙකොස්ලොවැකියාව වැනි රටවලින් හමුවී ඇති බැවින් රෝස මලට ඇත්තේ ඉතාමත් පැරැණි ඉතිහාසයක් බව සිතිය හැකිය. සොහොන් මත රෝස මල් ඇතිරීම ආරම්භ කර ඇත්තේ ගී‍්‍රක ජාතිකයන් විසිනි. මොවුන් ආදරයේ රැජිණ ලෙසින් හඳුන්වන ඇප්‍රොඩයිඩ් දේවිය සහ ඊරෝස් දේවිය වෙනුවෙන් ආදර සංකේතය ලෙස රෝස මල භාවිතා කර ඇත. එපමණක් නොව පි‍්‍රය සාදවල දී මල් සැරසිලි සඳහාත් මල් මාලා සෑදිමටත්, ජය සංකේතවත් කිරීමටත්, ස්නානය කරන දිය බඳුන් සුවඳවත් කිරීමටත් මේ රෝස මල් භාවිතා කොට ඇත. පුරාතනයේ රෝස මල් ඥානවන්ත සමාජය හැඳින්වීමට භාවිතා කර ඇති අතර රෝමානු ජාතිකයෝ රතු රෝස ජේසුස් වහන්සේගේ රුධිරයටත්, සුදු රෝස වර්ජින් මාරිගේ පිරිසුදු භාවයටත් සමාන කර ඇත. බි‍්‍රතාන්‍ය ජාතිකයෝ රෝස මල ආදරයේ සංකේතය ලෙසින් මෙන්ම යුද්ධයේ සංකේතය ලෙසින් ද හඳුන්වති. 1445 - 1485 අතර කාලයේදී මහා බි‍්‍රතාන්‍යයේ රෝස යුද්ධය ආරම්භ වූ අතර ලැන්කැස්ටර් ප‍්‍රාන්තයේ සංකේතය වූයේ රතු රෝස මල්ය. සුදු අර්ධ ද්වි දල පුෂ්ප යෝර්ක් ප‍්‍රාන්තය නියෝජනය කෙළේය. පසුව මේ ප‍්‍රාන්ත දෙක සමාදාන වූ අතර ලැන්කැස්ටර්හි හෙන්රි ටියුඩර් කුමරු යෝර්ක් හි එලිසබෙත් කුමරිය හා විවාහ විය. මේ විවාහය නිමිත්තෙන් රෝස මල් දෙකක් දෙමුහුම් කර “ටියුඩර් රෝස්” නම් රෝස වර්ගය නිපද වු අතර අද ද මේ රෝස විශේෂය රාජකීය සංකේතය ලෙස සැලකේ. අද වනවිට රෝස වගාව කැපූ මල් ව්‍යාපාරයක් ලෙසට දේශීය විදේශීය ඉල්ලුමක් දිනා ඇති අතර ගෙමිදුල අලංකාරයට පමණක් නොව රෝස තෙල් සහ සුවඳ දියර වැනි අතුරු නිෂ්පාදනයන්ට ද යොදා ගැනේ. එපමණක් නොව රෝස ඉතා වටිනා ඖෂධයක් ලෙසින් ද භාවිතා කරන අතර බොහෝ බටහිර ගෘහණියන් රෝස පෙති සහ රෝස ගෙඩි යොදා ජෑම්, විනාකිරි, පැණි සහ වයින් නිෂ්පාදනය කරන බව ද සඳහන් වේ.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රෝස මලේ ඉතිහාසයට එබී බලමු Rating: 5 Reviewed By: Unknown